මේකප් රිමූවර් වෙනුවට මේකප් ඉවත් කිරීමට නිවසේදි පහසුවෙන් භාවිතා කරන්න පුලුවන් දේවල් 4ක්

April 7, 2022
19,452
6 Make-up removers you can easily find at home
කාර්‍යබහුල දිනයක් අවසානයේ නිවසට ආපසු ඔබ උදෑසන මුහුණේ ගැල්වූ මේකප් ඉවත් කිරීම ඉතාමත් වැදගත් කාරණයක්.. ඒ සඳහා වෙළඳපොලේ ඇති මේකප් ඉවත් කරන නිශ්පාදනයන් ඔබත් භවිතා කරනව නේද..? හදිසියේවත් එම මේකප් ඉවත් කරන නිශ්පාදනය අවසන් වුවහොත් නැවත එකක් මිලට ගන්නා තෙක් මේකප් ඉවත් කරන්නේ කෙසේදැයි ගැටළුවක් ඇතිවන්න පුලුවන්..

එසේනම් මෙන්න හැඩකරි අපෙන් පහසුවෙන් මේකප් ඉවත් කරගැනීම සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන් දේවල් 5ක් සහ ඒවා යොදාගන්නා ආකාරය..

ඔලිව් තෙල් සහ කෝමාරිකා


ඔලිව් තෙල් කෝප්ප ½ ක් සහ කෝමාරිකා ජෙලි කෝප්පයක් පමණ ගෙන ස්ප්‍රේ බෝතලයකට දමා හොඳින් මිශ්‍ර කරන්න. ඔබට මෙම මිශ්‍රණය යොදා පහසුවෙන් මුහුන සහ ඇස් සඳහා ආලේප කර ඇති මේකප් ඉවත් කරන්න පුළුවන්.. ඔබට මෙය සතියක් පමණ තියාගෙන පාවිච්චි කරන්න පුලුවන්.


රෝස වතුර සහ ජොජෝබා තෙල්


ජොජෝබා තෙල් සහ රෝස වතුර මේස හැඳි දෙකක් බෝතලයකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න.. පසුව කපු පුළුන් භාවිතා කර මේකප් ඉවත් කරන්න පුළුවන්. විශේෂයෙන් ජොජෝබා තෙල් මුහුණේ ආලේප කර ඇති මේකප් ඉවත් කිරීමටත් රෝස වතුර ඔබගේ සමට නැවුම් බවක් ද ලබාදෙනවා.


මී පැණි


මී පැණි මේස හැන්දක් පමණ ගෙන මුහුණේ සහ බෙල්ලේ හොඳින් ආලේප කර මදක් සම්භාහනය කර විනාඩි 15 ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. එමගින් ඔබ මුහුනේ ආලේප කර ඇති මේකප් දියකර හරින අතර සම පැහැපත් කිරීමටත් සමේ ඇති මැරුණ සෛල ඉවත් කිරීමත් සිදු කරනවා.


හරිත තේ සහ ග්ලිසරින්


හරිත තේ මේස හැන්දක්, ග්ලිසරින් තේ හැඳි භාගයක් සමග මිදිඇට තෙල් මේස හැන්දක් එක්කර හොඳින් මිශ්‍රකර කපු පුළුන් භාවිතයෙන් මේකප් ඉවත් කරන්න පුළුවන්.. ඔබට තියෙන්නේ සංවේදි හෝ වියළි සමක් නම් මෙම ස්වභාවික මිශ්‍රණය වඩාත් සුදුසු වෙනවා..

මෙම ස්වභාවික ආලේපනයන් භාවිතයෙන් මේකප් ඉවත් කිරීමට යාමේදි ඇතැම් අවස්තාවලදී ආසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්.. ඒ ගැනත් සලකිලිමත් වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2149 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:19 PM
Script:/article/2149/6-make-up-removers-you-can-easily-find-at-home.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:39:19 PM
Script:/article/2149/6-make-up-removers-you-can-easily-find-at-home.html