Bacne නැතහොත් පිටෙහි ඇතිවන කුරුළෑ නතරකරගන්න උපදෙස් 7ක්

December 1, 2021
17,190
7 ways to get rid of bacne
පිටෙහි කුරුලෑ ඒම කාන්තාවන් වන අප පීඩා විඳින ගැටළුවක් වන අතර මානසික පීඩාවක් ගෙන එන්නක්.. එය ඉතා කරදරකාරි තත්ත්වයක් වුවත් එය සාමාන්‍ය තත්ත්වයක් බවටයි සමේ රෝග විශේෂඥ‍යින් පවසන්නේ..

පිට ආශ්‍රිත සමෙහි කුරුළෑ ඇතිවීමට හේතු වන්නේ සමෙහි අධික ලෙස සීබම් අඩංගු වීම සහ බැක්ටීරියා සහ මියගිය සෛල සමේ සිදුරු මත තැන්පත් වීම නිසා වන අතර සම රතු වීම, කැසීම දැවිල්ල වැනි මුහුණේ ඇතිවන කුරුලෑ අශ්‍රිත ලක්ෂණ එමගින් ඇතිකරවනවා.. ඊට අමතරව හෝමෝන වෙනස්වීම්ද පිටෙහි කුරුළෑ ඇතිවීම කෙරෙහි බලපානු ලබනවා.. විශේෂයෙන් නව යොවුන් වියේදි මෙම තත්ත්වය දැකිය හැකි අතර ඊට අමතරව ඔසප් කාලසීමාවේදි සහ ගර්භණී සමයේදී එය මතුවිය හැකියි.

පිටෙහි කුරුළෑ ඇතිවීම කාන්තා ඔබට දැඩි අපහසුතාවයක් ගෙන එන්නක්.. විශේෂයෙන් පිට නිරාවරණය වන ලෙස විලාසිතා කිරීමට ඉන් නොහැකි වනවා..

පිටෙහි ඇතිවන කුරුළෑ ඇති වීම වලක්වා ගත හැකි පහසු ක්‍රම

සතියකට වරක් ඔබ භාවිතා කරන ඇඳ ඇතිරිලි හොඳින් සෝදා වියළා ගන්න


එවිට ඒ මත රැඳෙන අහිතකර බැක්ටීරියා සහ සමෙහි මැරුණු සෛල මගින් සමට වන බලපෑම පාලනය වනවා.


ආලේපන ගැල්වීමේදි සැලකිලිමත් වන්න


ඔබ භාවිතා කරන කන්ඩිශනර්, හිරු ආවරණ ක්‍රීම්,බොඩි ක්‍රීම් ආදිය මගින් සමේ සිදුරු අවහිර වන අතර එය පිටෙහි කුරුලෑ ඇතිවීමට හේතු වනවා.. විශේෂයෙන් ඔබගේ සම සංවේදි සමක් නම් ඉන් වන බලපෑම තවත් වැඩි වනවා.. එමනිසා ඔබ හිසකෙස් සඳහා කන්ඩිෂනර් ආලේප කිරීමේදීත් සෝදා හැරීමේදී හිසකෙස් පිටෙහි ස්පර්ෂ නොවී ඉදිරිපසට ගෙන එය සිදුකරන්න. සමෙහි සිදුරු අවහිර නොවන අමුද්‍රව්‍ය වලින් සකසා ඇති non-comedogenic ක්‍රීම් සහ ලෝෂන් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න.


නිතර පිරිසිදු සැහැල්ලු ඇඳුම් තෝරාගන්න


දහදිය පිට නොවන ඇඳුම් සහ සිරැරට තදව ඇති ඇඳුම් මගින් විෂබිජ සහ කුණු සම තුලට කාවැදීම සිදුවන අතර කුරුළෑ ඇතිවීමේ අවධානම වැඩි කරනවා.. එමනිසා සැමවිටම සැහැල්ලු කපු ආශ්‍රිත ඇඳුම් තෝරා ගන්න.. නිතර දහඩිය දමනවා නම් ස්නානය කර නිතර පිරිසිදුව සිටින්න.. විශේෂයෙන් ව්‍යායාම් හි නිරතවීමෙන් හෝ දහඩිය දමන ක්‍රියාකාරකම් වලින් පසු හොඳින් ස්නානය කරන්න.


නිවැරදි පිරිසිදුකාරකයක් තෝරා ගන්න
බොහෝ විට පවුලේ කුරුලෑ සහිත සමක් පිළිබඳ ඉතිහාසයක් තිබේ නම් ඔබගේ සමද එසේවිය හැකියි.. එමනිසා කුරුලෑ සහිත සමට සුදුසු පිරිසිදුකාරකයක් සෑමවිටම තෝරාගත යුතුයි.


සමට හිතකර ආහාර වර්ග ආහාරවේලට එක්කර ගන්න
එළවලු පළතුරු අඩංගු සමබර ආහාර වේලක් ලබාගැනීම මගින් ශරීරයට නිසි පෝශණයක් ලැබෙන අතර හොඳින් ජලය පානය කිරීමද කල යුතු වනවා.. සම වියළීමට නොදී සජලියව පවත්වා ගැනීමටත් කුරුළෑ ඉවත් කිරීමටත් ජලය උපකාරි වනවා.. ඊට අමතරව අධික ලෙස සීනි සහ පිෂ්ඨය අඩංගු ආහාර ගැනීමෙන් වැළකීමත් සිදුකල යුතුයි.


ඔබගේ පිට පෙදෙසට හොඳින් සත්කාර කරන්න


සාමාන්‍යයෙන් අප මුහුනට දෙන අවධානය ශරීරයේ අනෙකුත් කොටස් කෙරෙහි ලබාදෙන්නේ නැහැ.. විශේෂයෙන් කුරුලෑ ඇතිවීමේ අවධානමක් සහිත පිට ආශ්‍රිත සම හොඳින් පිරිසිදු කර රැකබලාගත යුතුයි. සෑමවිටම සමට සහ ඔබගේ වයසට ගැලපෙන ආකාරයේ සේදුම්කාරක තෝරාගත යුතු අතර, තෝරා ගැනීමේදි සැලකිලිමත් විය යුතුයි. අවශ්‍ය නම් විශේෂඥ උපදෙස් ලබාගත යුතුයි.


චර්ම රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගන්න
ඉහත පියවරයන් මගින් ඔබගේ පිට ආශ්‍රිත ප්‍රදේශයේ කුරුළෑ ඇතිවීම සම්බන්ධයෙන් අඩුවීමක් දැකිය නොහැකි නම් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී උපදෙස් සහ ප්‍රථිකාර ලබාගත යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 2102 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:59:22 AM
Script:/article/2102/7-ways-to-get-rid-of-bacne.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:59:22 AM
Script:/article/2102/7-ways-to-get-rid-of-bacne.html