මුහුණේ ක්‍රීම් ගාන්න කලින් මේක කියවලා ඉන්න

April 4, 2018
15,843
Read this before applying cream on face
තමන්ගේ සුන්දර රූපය රැක ගන්න ස්වාභාවික ක්‍රම මොනතරම් තිබුනත් ගොඩක් දෙනක් ඒ දේවල් ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ වෙනුවට විවිධ ආලේපන ආදියට අනවශ්‍ය විදියට වියදම් කරන්න නම් ගෑණු ළමයි හරිම දක්ෂයි. විශේෂයෙන් මුහුණේ පැහැය ගැන ගොඩක් හිතන අය ඒ වෙනුවෙන් අවදානම් දේවල් පවා කරන්න පෙළඹෙනවා. හම සුදු කර ගන්න එන්නත්කරණයට පවා පෙළඹෙනවා. ඒවා ගොඩක් වියදම් යන වැඩ වගේම අතිශය භයානක ප්‍රතිපල ළඟා කරන, ඉතාමත් අවදානම් දේවල්. ඒ වගේ අවදානම් දේවල් වලින් තොරව ලස්සන වෙන්න කැමති අයට තමයි මේ වැදගත් දේවල් ටික කියන්නේ. හම සුදු කර ගන්න එක නෙවෙයි ශරීර අභ්‍යන්තරයෙන්ම සුන්දර වීම තමයි වැදගත් වෙන්නේ.

1. අලිගැට පේර

වයසත් එක්ක සමේ ඇති වෙන රැළි අවම කරන්න අලිගැට පේර වලට පුළුවන්. සතියට දවසක් අලිගැට පේර mask එකක් මුහුණට යොදන්න.

2. එඬරු තෙල්

සමේ ඇති වෙන බොහෝ ගැටළු රාශියකට එඬරු තෙල් කියන්නේ හොඳ විසඳුමක්. නින්දට පෙර මුහුණේ එඬරු තෙල් ස්වල්පයක් අලේප කර හොඳින් සම්බාහනය කරන්න. මෙය සතියට දින දෙකක් හෝ තුනක් කිරීම ප්‍රමාණවත්. ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් සතියට එක වරක් මේ සම්බාහනය කිරීම ප්‍රමාණවත්.

3. green tea

green tea වලිනුත් අපිට ඉතා ඉහල සෞඛ්‍ය ප්‍රතිලාබ ලබනවා. වර්තමානයේ බොහෝ දෙනා green tea පානයට හුරු වී තිබෙන්නේ ඒ නිසාමයි.

4. කෙසෙල්

කෙසෙල්, යකඩ ඇතුළු විටමින් රැසකින් පොහොසත්. ඉදුණු කෙසෙල් ඔයාගේ සම දීප්තිමත් කරන්න උදවු වෙනවා. ඒ වගේම ඉදුණු කෙසෙල් මී පැණි සමග මිශ්‍ර කර පල්පයක් සේ සකස් කර මුහුණේ සහ බෙල්ලේ අලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

5. ගෝවා

ගෝවා වල විටමින් A , B , C සහ K වැඩි වශයෙන් අඩංගු වෙනවා. සමේ අඳුරුබව නැති කර සම පැහැපත් කරන්න ගෝවා වලට හැකියාව තියෙනවා.

6. ආමන්ඩ් ඔයිල්

ආමන්ඩ් ඔයිල් විටමින් E අඩංගු වන අතරම සමේ ආලේපය සමට ලබා දෙන හොඳ මොයිස්චරයිසින් එකක්.

7. බිත්තර සුදු මදය

බිත්තර සුදු මදය ප්‍රෝටීන් වලින් ඉතා පොහොසත්. මුහුණේ ආලේපය මඟින් සමේ ඇදෙන සුළු බව රැක ගන්න වගේම සම සුමුදු කර ගන්නත් සමට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නත් පුළුවන්.

8. පිපිඤ්ඤා

පිපිඤ්ඤා සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න උදවු වෙනවා. ඒ වගේම හොඳ මොයිස්චරයිසින් එකක් විදියටත් ක්‍රියා කරනවා. දිනපතා පිපිඤ්ඤා යුෂ පානය කිරීම මඟින් සම විජලනයට ලක් වීම අවම කරමින් සම මෘදු කර සමට ප්‍රාණවත් බවක් ලබා දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 745 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:26:14 AM
Script:/article/745/read-this-before-applying-cream-on-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:26:14 AM
Script:/article/745/read-this-before-applying-cream-on-face.html