ආදරයේ උභතෝකෝටික බව සහ ජීවිත කාලයේම පවතින ඒ පිළිබඳ කනගාටුව

September 18, 2020
5,344
Puzzle of love and the lifetime regret
ඇය කුඩා නගරයක ජීවත් වෙන සරල සිහින දකින ලස්සන ගැහැණු ළමයෙක්. ඔහු සාර්ථක වෘත්තියක් සහිත සරල පුද්ගලයෙක්. දෛවය ඔවුන් දෙදෙනාව එකට එකතු කළා. ඇය ඔහු ගැන ආදරයෙන් බැඳුණු අතර ඔහු ද ඇය ගැන ඇති වුණු ඔහුගේ හැඟීම් පිළිගත්තා. ඇය ඔහුගේ සියල්ල දෙස බැලුවා. ඔහු ඇයව අන් සියල්ලන්ට වඩා තේරුම් ගත්තා. ඇයට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දීමට ඔහුට අවශ්‍ය වුණා. ඇයටත් අවශ්‍ය වූණේ ඔහුව සතුටු කරන්න පුළුවන් සෑම දෙයක්ම කිරීමටයි.

ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් පස්සේ විශේෂයෙන්ම ඔහුට අවශ්‍ය වුණා ඇයව සාමාන්‍ය ගෘහස්ථ ජීවිතයේ සෙවණැලි වලින් ඈත් කරවලා ස්වාධීන තරුණියක් බවට පත් කරවන්නට. එහිදී ඔහුට අවශ්‍ය වුණේ ඇයට සමාජයේ කටුක යථාර්ථයට මුහුණ දීමට ඉඩ සලසලා, තරුණියක් විදිහට තනියම මහන්සි වෙලා වෘත්තියක් පටන් ගන්නේ කොහොමද යන්න ඉගැන්වීමටයි. මොකද අනාගතයේදී ඔහුට යමක් සිද්ධ වුණොත් ඇයට ඇගේ ධෛර්‍යෙන්ම ජීවිතය ගෙවන්න අවශ්‍ය හැකියාව ලබා දෙන්න ඕනේ කියලා ඔහු විශ්වාස කළා. ඔහු නිරන්තරයෙන් ඒ සඳහා ඇයට මඟ පෙන්වමින් සිටි අතර ඒ නිසාම ඇය වැරදි කළාම ඇයට බැණ වදින්නත් සිද්ධ වුණා. ඔහු ඇයගේ යහපත උදෙසා ඇයව හැඩගස්වමින් හිටියේ. ඔහුගේ මඟ පෙන්වීම් එක්ක ඇය සාර්ථක වෙමින් සිටි අතර ඇගේ වෘත්තීය ජීවිතයේ දියුණුවත් එක්ක බොහෝ තරුණයන් ඇය කෙරෙහි උනන්දුවක් දක්වන්නත් පටන් ගත්තා. මුලදී අපි ඔබට කිව්වා ඇය ලස්සනයි කියලා! විශේෂයෙන්ම ඇයට ඕනෑම කෙනෙකුගේ හදවත පුරවන්න පුලුවන් සිනහවක් තිබුණා.

කාලය ගෙවී යනකොට ඇය ජීවිතයේ වැඩ කටයුතු වලදී වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කළ අතර ඇගේ වෘත්තිය ජීවිතයේ උපරිම මට්ටමට පැමිණෙමින් තිබුණේ. ඔහු සැමවිටම ඇය වෙනුවෙන් පෙනී සිටිමින්, සැමවිටම ඇයට මග පෙන්වමින් වැඩි දියුණුවක් ළඟා කර ගැනීම සඳහා ඇයව නිතරම ඉදිරියට තල්ලු කළා. කෙසේ වෙතත්, ඇය තවදුරටත් ඔහුගෙන් උපදෙස් ගන්නට කැමති වුණේ නෑ. කරන්න ඕනේ දේ මොකක්ද කියලා තීරණය කරන්නට ඔහු යටතේදී තමන්ට හැකියාවක් නැති බව ඇයට හැඟෙන්න පටන් ගත්තා. ඔහුත් නිතරම වෘත්තීය කටයුතු කරමින් සිටි නිසා දෙදෙනා  අතර වෙනස්කම් වර්ධනය වීමට පටන් ගත්තා. ඔහු නිතරම ඇයව ජීවිතයේ ඉදිරියට යන්න කියලා තව තවත් තදින් තල්ලු කරන්නේ ඇයි කියලා ඇයට කවදාවත් තේරුණේ නැ. නමුත් ඇය ඔහු සමඟ විවිධ නොපෑහීම් වලදී රණ්ඩු වීමට පටන් ගත්තා. ඒ රණ්ඩු දිනපතා වර්ධනය වුණා. දවසක් ඇය ඔහුගෙන් සමුගන්න තීරණය කළා. අවසාන වශයෙන් ඇය ඔහුට කිව්වේ මේ දේයි... 

“මම ඔයාට හැම වෙලාවේම ඇහුම්කන් දෙන්න ඕනේ කියලා නීතියන් නැහැ නේ, මට දැන් හොඳ දේ මොකක්ද කියලා මටම තීරණය කරන්න පුලුවන්, මොකද මම මේ වෙද්දී ජීවිතයේ සාර්ථකයි, මං වගේ තරුණියක් පිළිගන්න බලන් බොහෝ තරුණයින් පවා ඉන්නවා, ඔයා මගේ විදිහට ඉන්න කැමති නැත්නම් අපායට යන්න.”

ඒ වචන අහපු ඔහුට ඔහුගේ හද පත්ලෙන්ම විශාල වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. ඔහු ඇයට ආදරය කරන්න පටන් ගත්තේ ඇය සරල, ගෘහස්ථ ගැහැණු ළමයෙක් වෙලා හිටපු කාලයේ ඉඳන්මයි. එහෙම හිටපු ඇය අද වෙද්දී ඔහු ගැන ඒ තරම් ඍණාත්මකව සිතන්නේ ඇයි කියලා ඔහුට තේරුම් ගන්න පුලුවන් වුණේ නෑ. ඇය සැමවිටම ස්වයංපෝෂිත තරුණියක් වෙනවා දකින්නයි ඔහුට ඕනේ වුණේ. ඇය ඇගේ ජීවිතයේ සාර්ථකත්වයේ උච්චතම අවස්ථාව කරා ළඟා වුණු සෑම අවස්ථාවකම ඔහු හදවතින්ම, නිහඬවම ආඩම්බර වුණා. ඉතින් එච්චර දේවල් කරලාත් ඇය අර වගේ වචන කියන්නේ කොහොමද කියලා ඔහු දුක් වෙමින් තමන්ගෙන්ම ඇහුවා. අවසානයේදී ඇය ඔහුව අතහැරලා යන වෙලාවේ ඔහු ඇයට මෙන්න මෙහෙම කිව්වා...

“සමහර විට ඔයා ලබපු සාර්ථකත්වය නිසා මේ වෙද්දී ලොකු ඊගෝ එකක් ඔයාගේ මනසෙ වර්ධනය වෙලායි ඇත්තේ. ඒ නිසාම ඔයා ගැන තියන මගේ හැඟීම් ඔයාගේ හදවතට තේරුම් ගන්න දැන් බැහැ. ඔයා කිසිම සාර්ථකත්වයක් නැතුව හිටපු, සරල ගැහැණු ළමයෙක් විදිහට හිටපු කාලයේදීයි මම ඔයාට ආදරය කරන්න පටන් ගත්තේ. මගේ අභිප්‍රාය වුණේ හැම වෙලාවේම ඔයාව දිරිමත් කිරීම මිස ඔයාට කිසි දෙයක් අඩු කරන්න නෙමෙයි. සමහර විට, අපි එකට එකතු වෙලා ගත කරපු කාලයේදී ඔයා මං වෙනුවෙන් කරන්න ඕනේ දේවල් මොනවාද, මම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කළ දේවල් මොනවාද කියලා ඔයාට තේරුම් කරලා දෙන්න බැරි වුණ එක මගේ අසාර්ථකත්වය වෙන්න ඇති. ඉතින් මම ඔයාට සුබ පතනවා. ඔයා මට වඩා සාර්ථකත්වයක් අත්කර ගන්නවා දකින්න මම හැමදාම ප්‍රාර්ථනා කළා. මම කරපු වැරදි ඔයා නොකරනවා දකින්නයි මට ඕනේ වුණේ. මම නිතරම ඔයාට මඟ පෙන්වමින් ඔයාට බැණ වැදුණු එකම හේතුව ඒකයි. එහෙනම්, ඔයා බලාපොරොත්තු වුණු සෑම දෙයක්ම ඔයාට ලැබේවා! ”

ඔවුන් දෙදෙනාම ඉපදිලා තියෙන්නේ එකිනෙකා වෙනුවෙන් බව ඔහු දැන සිටියා. ඒ නිසා එකිනෙකාගෙන් තරම් සතුටක් වෙන කාටවත් ඔවුන් දෙදෙනාටම ලබා දෙන්න බෑ කියලා ඔහු දැනන් හිටියේ. ඒත්, ඔහු සැබවින්ම සිත් තැවුලට පත් වෙලා හිටපු නිසා ඔහුට එතනින් එහාට කියන්නට වචන කිසිවක් ඉතිරි වෙලා තිබ්බේ නෑ. පස්සේ කාලයකදී ඇය ඒ එබ වටහා ගත්තා. නමුත්, ඒ වෙද්දී ඇය ගොඩාක් ප්‍රමාදයි. ඇයට ජීවිත කාලය පුරාම පසුතැවෙන්නට සිදු වුණා.

පාඩම : ඔබ ගැන ඇත්තටම සැලකිලිමත් වන අය පමණයි ඔබට ජීවිතයේ මඟ පෙන්වීමෙන් හෝ ඉඳහිට සැර පරුෂ වීමෙන් ඔබට නිවැරදි මාවත පෙන්වීමට උත්සාහ කරන්නේ. මොකද ඔවුන් ඔබට අවශ්‍ය හොඳම දේ මොකක්ද කියලා දන්නවා. සමහර විට ඔබේ අතීතයේදීත් ඒ වගේ කෙනෙක් ඔබේ ජීවිතයේ කොටසක් වෙලා ඉන්න ඇති. නමුත් අද ඔහු හෝ ඇය ඉන්නේ කොතනද? ඒ ගැන ඔබේ කාර්‍යබහුල කාලයෙන් මිනිත්තුවක් අරන් සිතා බලන්න. ඒ වගේ කෙනෙක් ඔබේ ජීවිතයේ නොසිටියා නම් ඔබ අද කොතැනක ඉඳියි ද? ඔබේ මනසේ තියන ඊගෝව සහ කෝපය දුරු වෙලා යන්න ඉඩ දෙන්න. මොකද අවසානයේදී ඔහු හෝ ඇය ඔබේ ජීවිතයේ වටිනාම කොටස වෙන්න පුලුවන් නිසා. 

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1833 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:45 PM
Script:/article/1833/puzzle-of-love-and-the-lifetime-regret.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:45 PM
Script:/article/1833/puzzle-of-love-and-the-lifetime-regret.html