කොච්චර වයසට ගියත් හැමදාමත් තරුණ පෙනුම රැකගන්නේ මෙහෙමයි

June 6, 2017
12,806
Secrets to Staying Young
ගැහැණු පිරිමි භේදයකින් තොරව හැමෝම කැමතියි ලස්සනට ඉන්න වගේම තමන්ගේ තරුණ පෙනුම වැඩි කාලයක් තමන් ළඟ තියාගන්න. අපි වයසට යනකොට අපේ හම රැලි වැටෙනවා, සමේ පැහැය අඩු වෙනවා. සමහර විට දැනටමත් ඔයා මේ තත්වයන් අත් විඳිනවා වෙන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවකගේ තරුණ පෙනුම අනිත් අයගේ ආකර්ෂණය දිනා ගන්න හේතු වෙනවා. ඉතින් මේ තරුණ බව රැක ගන්න පුංචි පුංචි වැඩ ටිකක් තමයි ඔයාට කරන්න තියෙන්නේ.

1. තම්බා ගත් බත් වලින් සකස් කරගන්න ආලේපනය

එදිනෙදා අපි උයන බත් වලින් තමයි මේ ආලේපනය හදාගන්න තියෙන්නේ. තම්බා ගත් බත්, මීපැණි හා එළකිරි තමයි ඕන වෙන්නේ.

මුලින්ම බත් තම්බාගත් වතුර පෙරාගන්න. තම්බාගත් බත්වලට උණු කිරි මේස හැඳි එකක් සහ මී පැණි මේස හැඳි එකක් එකතු කරන්න. ඉන් පසු එය තලපයක් වන සේ හොඳින් අඹරගන්න. සාදාගත් මිශ්‍රණය මුහුණේ ගල්වා විනාඩි 15 ක් පමණ හොඳින් වියළීමට හරින්න. ඉන්පසු මුලින්ම ඔබ බත් තැම්බූ වතුරෙන් මුහුණ සෝදන්න. මේ ප්‍රතිකාරය සතියකට වරක්වත් කරනවා නම් හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්.

2. හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරගන්න.

හිරු රශ්මියෙන් ආරක්ෂා වීමට සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. දිවා කාලයේ ඇති දැඩි හිරු රශ්මිය අපේ සමට අහිතකර බලපෑම් ඇති කරනවා. UV කිරණ මගින් අපේ සම වයසට යාම ඉක්මන් කරනවා. ඒ නිසා එළිමහනට යද්දී හොඳ sunscreen එකක් පාවිච්චි කරන්න. නැත්නම් පිග්මන් ටෙෂන් තත්වයන් වගේම සම රැලි වැටීම නිසා ඔයාගේ තරුණ පෙනුම සැඟවිලා යන්න පුළුවන්.

3. හොද නිෂ්පාදන තෝරාගන්න

අපේ මුහුණේ සම ඉතාම සංවේදියි. ඒ නිසා ඔයා මේකප් වර්ග භාවිතයේදී ඒ සඳහා ඉතා හොඳ තත්වයේ මේකප් වර්ගයක් තෝර ගන්න. නිසි ප්‍රමිතියකින් තොර නිෂ්පාදන වලින් අපේ සමට වන හානිය ගොඩක් වැඩියි. ගොඩක් දෙනෙක් නිෂ්පාදන මිලදී ගන්න කොට වැඩි අවධානයක් දෙන්නේ ඒ වගේ මිලට විතරයි. එත් මිලෙන් අඩු ප්‍රමිතියෙන් බාල නිෂ්පාදන නිසා සමට හානි වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. ඒ නිසා අනිවාර්යෙන් හොඳ නිෂ්පාදනයක් තෝරාගන්න.

4. පැණිරස ආහාරයට ගැනීම අඩු කරන්න

බාල මහලු කියල වෙනසක් නැතුව ගොඩක් දෙනෙක් පැණිරස කෑම වලට ගොඩක් ප්‍රිය කරනවා. අපේ සිරුරට සීනි යම් ප්‍රමාණයක් දිනපතා අවශ්‍යයි. නමුත් අධික ලෙස සීනි කන එක නම් ගොඩක් අහිතකරයි. ලෙඩ රෝග වැළදෙනවා වගේම ඔයාගේ වියපත් බව ඉස්මතු කරන්නත් වැඩි සීනි පාවිච්චිය හේතු වෙනවා.


5. හොඳ නින්දක් ලබාගන්න.

රාත්‍රියේ දී ලබන සුව නින්ද දවස පුරා වෙහෙසුණු ඔයාගේ මනසට, ශරීරයට විවේකයක් ලබාදෙනවා. ඒ නිසා දිනකට පැය 8ක වත් නින්දක් ලබාගන්න. ඒ තුලින් සිරුරේ අනෙක් අවයව වලට වගේම සමටත් ප්‍රබෝදයක් නීරෝගී බවක් ලැබෙනවා. නැත්තන් ඇස් යට කළු වීම, ඇස් යට රැලි වැටීම වගේ තත්වයන් නිසා ඔයාගේ වයසටත් වඩා පෙනුමෙන් ඔයා වයසට යන්න පුළුවන්.

6. පිරිසිදුකම

තවත් වැදගත්ම කාරණයක් තමයි පිරිසිදුකම. ඔයාගේ සමට සුදුසු ෆේෂ් වොෂ් එකකින් දවසට දෙවරක් වත් මුහුණ පිරිසිදු කරන්න. සතියකට වරක් වත් ක්ලේන්සර් කරන්න. හැබැයි නිතර නිතර මුහුණ සේදුවොත් සමේ ඇති තෙල් සහිත බව නැති වෙලා වියළි පෙනුමක් ගන්න බලනවා.

වියළි සම ඉක්මනින්ම වයසට යනවා කියල ඔයා දන්නවනේ. ඒ වගේමයි තදින් ඇතිල්ලීම හෝ රළු තුවා ආදියෙන් මුහුණ පිසදැමීමත් සුදුසු නැහැ. ඔයා නිතරම make up භාවිත කරන කෙනෙක් නම් අනිවාර්යෙන් නින්දට පෙර ඉතා හොඳින් මුහුණ සෝදා ඉවත් කරන්න. නැත්නම් රාත්‍රී කාලයේදී නැවත සම ප්‍රාණවත් වන විට ගැල්වූ මේකප් වලින් මුහුණට විවිධ අසාදන ඇති විය හැකියි. ඒක ඔයාගේ තාරුණ්‍ය රැකගන්න ලොකු බාධාවක් වෙන්න පුළුවන්.

මේ කරුණු ගැනත් ඔයා ටිකක් අවදානය යොමු කරොත් ඔයාගේ තරුණ පෙනුම වැඩි කාලයක් රඳවාගන්න ඔයාට පුළුවන් වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 303 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:16:26 PM
Script:/article/303/secrets-to-staying-young.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:16:27 PM
Script:/article/303/secrets-to-staying-young.html