හොඳ සෞඛ්‍යයකට වගේම රුව වඩන්න බෙහෙත් නෙල්ලි ගැන මේ කරුණු ටික බොහොම වැදගත්

October 8, 2019
7,088
How to use nelly for health and beauty
ව්‍යවහාරයේදී බෙහෙත් නෙල්ලි යනුවෙන් හැඳින්වෙන නෙල්ලි ඉතාම ගුණදායක පළතුරක්. තිත්ත, කහට, පැණි, ඇඹුල් හා ලවණ යන රසයන්ගෙන් සමන්විතයි. ඝර්මකලාපීය සදාහරිත ශාඛයක් ලෙස සැලකෙන නෙල්ලි උද්භිද විද්යාත්මකව "පිලැන්තස් එම්බිලිකා" (phyllathñ Embliaceae) යන නාමයෙන් හැදින්වේ. යුපෝබීසියා (euphorbiacease) කුලයට අයත් වෙනවා.

වචනයේ පරිසාමප්තාර්ථයෙන්ම බෙහෙත් නෙල්ලිවලින් ලබා ගත හැකි ගුණ බොහොමයක් තිබෙනවා. පෝෂණ ගුණය ගැන තක්සේරු කලොත් විටමින් සී ඉහලයි. ඊට අමතරව කැල්සියම්, ප්රෝටීන්, ඛණිජ ලවණ, සහ යකඩ සැලකිය යුතු මාත්‍රාවකින් අන්තර්ගත නිසා ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වීම එතරම් අපහසු නැහැ.

ගර්භණී අවධියේදී ඇති වෙන හෝර්මෝන වෙනස්වීම් නිසා ඇති වෙන අරුචි තත්වයන්ට නෙල්ලි ඉතා ගුණදායකයි. තන්තු බහුල පළතුරකි. මල බුරුල් කරන ගුණයෙන් යුක්තයි. කිරි දෙන මව්වරුන්ගේ මව්කිරි උත්තේජනය කිරීමේ ගුණයෙන් යුක්තයි.

ගැබිණි කාලයේදී ඇති වෙන රක්තහීනතාවයට නෙල්ලි ඉතාම ගුණදායකයි. මෙහි අන්තර්ගත විටමින් C‍ ප්‍රතිශතයෙන් යකඩ අවහෝෂණය හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම විටමින් C නිසා ආසාදනයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාව සිරුරෙන්ම ලබා දෙනවා. ඉතින්.. ගැබිණි අම්මලාට මේ කාලයේදී වැළඳිය හැකි මුත්‍රා ආසාදනයන්ට නෙල්ලිවලින් බොහොම ඵල ප්‍රයෝජන ලබා ගන්න පුලුවනි. නෙල්ලි තම්බා ගත් ජලය පානය කිරීමෙන් මලබද්ධයල අර්ශස් වැනි රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලබා ගත හැකියි. දිනපතා නෙල්ලි ආහාරයට ගත් විට උණ, කැස්ස සහ කුෂ්ට රෝග වලින් ආරක්ෂාව ලබා ගත හැකියි.

නෙල්ලි ඇට තලා උතුරවා ගත් ජලයේ බහා පානය කිරීම දියවැඩියාවට ගුණදායකයි. (Medical plants used in Ceylon)

නෙල්ලි වලින් හැඩවෙන්නත් පුලුවන්..

යටි පතුල් පැලෙනවා නම්…

යටි පතුල් පැලීමේ වේදනාව ගැන අපේ හැඩකාරියන් අතරත් අත්දැකීම් ඇති. වේදනාව වගේම පාදවල තිබෙන ලස්සනත් නැති වෙනවා. කොටින්ම කිව්වොත් සාරියක් ඇන්දාම වාටිය පවා මේ පැලීම් කඩතොලු නිසා නාස්ති වෙනවා.

බෙහෙත් නෙල්ලි කොළ මිටක් පමණ ගන්න. වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කර ගත්තාත් කමක් නැහැ. ඒත් ගලක අඹරා ගන්නත් පුළුවනි. ගලක අඹරා ගන්නා විට වතුර එක් කිරීම බොහොම අඩුවෙන් සිද්ධ වෙනවා. දැන් සිනිදු බෙහෙත් නෙල්ලි කොළවලට එලඟි තෙල් බින්දු කීපයක් එකතු කරන්න. මෙය හොඳින් කලවම් කර ගෙන පැලුම් ඇති තැන්වල ආලේප කරන්න.

මුහුණ ලස්සන කර ගැනීමට…
බෙහෙත් නෙල්ලි කොළ මිටක් පමණ අරගෙන එය තම්බා ගන්න. කොළ පේස්ට් එකක් විදිහට සාදා ගෙන එය හිස් කබලේ ආලේප කරන්න. ෂවර් කැප් එකකින් හිස ආවරණය කර ගෙන විනාඩි පහළොවක් පමණ ගෙවුනාට පසුව සෝදා හරින්න.

රක්ත උෂ්ණය ඇති විට
රක්ත උෂ්ණය කාන්තාවන්ට ඉතා පීඩාකාරියි. සිරුරේ දැවිලි, රත්වීම් ස්වභාවය, සමේ පැලීම් ආදි විවිධ අපහසුතාවයන් ඇති වෙනවා. එහෙමනම් ඉතා පහසුවෙන් බෙහෙත් නෙල්ලි කොළ ඔබේ සහයට සිටිනවා.

බෙහෙත් නෙල්ලි කොළ මිටි දෙකක් පමණ ගන්න. දැන් එය අඹරා ගන්න. මේ අඹරා ගත් බෙහෙත් නෙල්ලි කොළ තලපයට මිපැණි බින්දු පහක් පමණ එක් කරන්න. යෝගට් මේස හැඳි දෙකක් එකතු කරන්න. නැවත සමස්ත මිශ්‍ර‍ණය හොඳින් කලවම් කරන්න. මෙය පහසුවෙන් ආලේප කළ හැකි පදමට විය යුතුයි. මෙසේ ආලේප කිරීමෙන් යටි පතුල් දැවිල්ලල පැලීම වැනි රක්තයාගෙන් ඇති වෙන කරදර මගහැර ගන්න පුලුවනි.

එන්.ඒපි.සි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1413 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:14:51 AM
Script:/article/1413/how-to-use-nelly-for-health-and-beauty.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:14:51 AM
Script:/article/1413/how-to-use-nelly-for-health-and-beauty.html