නින්ද යනවා හොරද? එහෙනම් මෙන්න ඒ අයට හොඳ විසඳුමක්

January 11, 2018
9,324
A help to get a goodnight sleep
අපේ ගොඩක් දෙනෙක්ට නම් ඉතින් කොට්ටෙට ඔළුව තියන්න විතරයි ඕන. එලි වෙනකන් කිසිම ගැටළුවක් නැතිව නින්ද යනවා. එත් තවත් පිරිසක් ඉන්නවනේ එලි වෙනකන් නින්දක් නැතුව දුක් විඳින. අන්න ඒ අයට වගේම නින්ද සම්බන්ධ තවත් ගැටළු තියෙන අයට ඊට විසඳුමක් තමයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් සිරුරට විවේකයක් ලබා දීමක් වශයෙන් වැඩුණු පුද්ගලයෙකුට දිනකට පැය 8ක 9ක වත් නින්දක් අවශ්‍ය කරනවා. නමුත් ගොඩක් දෙනෙක් මේ නියමිත කාලය නින්ද සඳහා වෙන් කරනවද කියන එකත් ප්‍රශ්නයක්.

නින්ද අපේ කායික මෙන්ම මානසික සෞඛ්‍යටත් අනිවාර්යෙන් බලපෑම් කරනවා. නින්ද නොයාම ඇතුළු නින්ද සම්බන්ධ ප්‍රශ්න තියෙන අයට මෙන්න මේ කියන ආහාර වලින් විසඳුමක් ලබා ගන්න පුළුවන්. දිනපතා සුවදායක නින්දක් ලබා ගන්න මේ ආහාර ඔයාගේ දෛනික ආහාර වේලට එකතු කර ගන්න.

1. කෙසෙල්

කෙසෙල් වලට මාංශපේශි ලිහිලනයට පත් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මැග්නීසියම් සහ පොටෑසියම් වලින් පොහොසත් කෙසෙල් නින්ද ඇති කිරීමට උදවු වෙනවා. විශේෂයෙන් කෙසෙල් වල ඇති ඉහළ කාබෝහයිඩ්රේට් ප්‍රමාණය නිසා ඔබට ආයාසයකින් තොරව නිදිමත ඇති කිරීමට උපකාරී වෙනවා.

කිරි කෝප්පයක් සමග ඉදුණු කෙසෙල් ගෙඩියක් හෝ දෙකක් හොඳින් බ්ලෙන්ඩර් කරන්න. හොඳින් මිශ්‍ර කර ගත් මෙම පානය අවම වශයෙන් නින්දට පැයකට පමණ පෙර පානය කරන්න.

2. කිරි

නින්දට පෙර උණුසුම් කිරි වීදුරුවක් පානය කිරීමෙන් ඉතා පහසුවෙන් ඔබට නින්දට වැටෙන්න පුළුවන්. කිරි වල ඇති ඇමයිනෝ අම්ල හා අනෙකුත් සංඝටකයන් ඔබට නින්ද ලඟා කර ගැනීමට උපකාරී වෙනවා. කිරි වලට අමතරව යෝගට් සහ චීස් වැනි වෙනත් කිරි ආශ්‍රිත නිෂ්පාදන වුවත් ආහාරයට ගැනීමෙන් මේ ප්‍රතිලාභය ලබන්න පුළුවන්.

3. බිත්තර

ඔබට නින්ද සම්බන්ධ ගැටළු පවතිනවා නම් එය ප්‍රෝටීන් ඌනතාවය නිසා සිදු වෙන්න පුළුවන්. බිත්තර කියන්නේ ඉහල ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත ආහාරයක් රාත්‍රී නින්දට පෙර බිත්තර ආහාරයට එක් කර ගැනීමෙන් බාධාවකින් තොරව සුවදායක නින්දක් ලබා ගන්න.

4. ඖෂධිය පානයන්

මෙහිදී කිසිම විටක කැෆේන් අඩංගු පානයන් පානය නොකිරීමට මතක තබා ගත යුතුයි. නමුත් ග්‍රීන් ටී මේ සඳහා හොඳම විකල්පයක් වෙනවා. මෙවැනි ඖෂධිය පානයන් වලට ස්නායු සහ මාංශ පේශි ලිහිල් කිරීමේ හැකියාව තියෙනවා. නින්දට යාමට පැයකට පෙර ඖෂධිය පාන වර්ග පානය කිරීමෙන් නින්දට ගැටළු ඇති වෙන්නේ නැහැ.

මේ ආහාර වර්ග වලට අමතරව ටුනා මාළු, ආමන්ඩ්, චෙරි, සලාද කොළ කියන්නෙත් නින්ද ඇති කරවන්න උදවු වෙන ඊට අවශ්‍ය සංඝටකයන් අඩංගු ආහාර වර්ග. නින්ද ආශ්‍රිත ගැටළු වලින් පෙලෙන අය අනිවාර්යෙන් මේ ආහාර වර්ග තමන්ගේ ආහාර වෙල් වලට එකතු කරගෙන බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 619 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:58:50 AM
Script:/article/619/a-help-to-get-a-goodnight-sleep.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:58:50 AM
Script:/article/619/a-help-to-get-a-goodnight-sleep.html