පසුගිය දිනවල අපි ශීට් මාස්ක් (Sheet Mask) ගැන ලිපියක් මගින් අපේ හැඩකාරියන්ව දැණුමත් කළා. ශීට් මාස්ක් කියන්නේ ලෝකයේ දියුණු රටවල කාන්තාවන් විසින් භාවිතා කරන රූපලාවණ්‍ය සත්කාරයක් බව ඔබ දන්නවා. සම්ප්‍රධායික ක්‍රීම්, ජෙල් වගේ ක්‍රම වලට වඩා වැඩි ප්‍රතිඵල ඔබේ සමට අත් කර දෙන්නේ එහි ඇති විශේෂ ක්‍රියාකාරීත්වය මගින් සමේ ගැඹුරටම කා වදින නිසයි. ශීට් මාස්ක් එක කියන්නේ අතීතයේ රුව රැක ගැනීමේ ශාකසාර රහස් නවීන තාක්ෂණය සමග මුසු වෙලා ඔබේ සමේ නිරෝගීබව, ලස්සන සහ තරුණ බව රැක දෙන සත්කාරයක්. ශීට් මාස්ක් එකක් පාවිච්චි කරන නිසි ක්‍රමය සහ ශීට් මාස්ක් එකක විශේෂ ලක්ෂණ ගැන මේ ලිපියෙන් ඔබව දැනුමත් කරන්න අපි තීරණය කළා. අපේ හැඩකාරියන්ට හැමදාම හැඩකාරියන් වෙන්න උපකාර කිරීම අපේ එකම පැතුමනෙ.
ශීට් මාස්ක් එකේ කොටස්
1. ඖෂධීය සීරම් එක (Herbal Serum)
මෙම සීරම් එක අදාළ නිෂ්පාදනයේ අඩංගු ඔබේ සම පෝෂණය කරන සංඝටක සියල්ලම ඇතුලත් වෙනවා. මෙය දියරයක්. බොහෝ විට අතීතයේ ලලනාවන් සුන්දර වීමට භාවිතා කළ ශාක වල සාරයන් නවීන තාක්ෂණය එක්ක මුසු කරලා වඩා ආරක්ෂිතව මෙම සීරම් එකේ අඩංගු කරනවා. ඒ වගේම සමට අත්‍යවශ්‍ය විටමින් වර්ගත් මේ සීරම් එකේ මුසු විය හැකියි. ඕනෙම රූපලාවණ්‍ය නිෂ්පාදනයක් මිලදී ගනිද්දී හැම විටම සුදුහඳුන්, කස්තුරි කහ, කොහොඹ වගේ ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගුද කියල විමසා බැලීම වටිනවා.
2. ශීට් මාස්ක් එක
මෙම මාස්ක් එක තමයි අපි ඉහත සඳහන් කළ සීරම් එක ඔබේ සමට ලබා දෙන්නේ. මේ මාස්ක් එක නිසා සීරම් එක සමෙන් වාෂ්ප වෙලා යන්නේ නැහැ. ඒ වගේම මාස්ක් එක මගින් සමේ උෂ්ණත්වය ඉහළ දමන නිසා සීරම් එකේ අඩංගු වටිනා සංඝටක සේරම ඇරුන රෝම කූප තුලින් සමේ අභ්‍යන්තරයටම කා වද්දනවා. ඒ මගින් සම ඇතුළතින්ම පෝෂණය කරනවා. මේ ශීට් මාස්ක් එක හදන ශීට් එක නොයෙක් අමුද්‍රව්‍ය යොදාගෙන තැනිය හැකි වුනත් අපි නිර්දේශ කරන්නේ Bio cellulose වලින් තනා ඇති ගුණාත්මක බැවින් ඉහළ නිෂ්පාදනයක් හැම විටම මිලට ගන්න කියලයි.
ශීට් මාස්ක් එක පාවිච්චි කරන ක්‍රමය මෙන්න මේකයි.
ඉස්සෙල්ලම ඔබේ මුහුණ ෆේස් වොෂ් එකක් දාල හොඳින් සෝදලා, තෙත මාත්තු කරගන්න. ඕනෙම රූපලාවණ්‍ය සත්කාරයකට පෙර පිරිසිඳු කිරීම ගොඩක් වටිනවා.
1) සැශේ පැකට් එකේ තිබෙන සීරම් සේරම ෆේස් මාස්ක් ඇසුරුමේ තිබෙන ටබ් එකට දමන්න.
අපි උඩින් සදහන් කළා සීරම් එක වෙනම සැශේ පැකට් එකක එන්නේ කියල. ඔබේ මුහුණ ලස්සන කරන සේරම යහපත් අමුද්‍රව්‍ය තියෙන්නේ මේ අධි සාන්ද්‍රිත සීරම් එකේනෙ. ඉතින් ශීට් එකට මේ දේවල් උරා ගන්න නම් සීරම් එක ශීට් එක තිබෙන ටබ් එකට එකතු කරන්න ඕනේ.
2) සීරම් සේරම සම්පූර්ණයෙන්ම උරා ගන්නා තුරු ඉන්න.
සීරම් එක ශීට් එකට හොඳින් උරා ගත්තේ නැත්නම් අපරාදෙනේ. මේකට එතරම් වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබන්න නම් සීරම් ඔක්කොම උරා ගන්නකම් ටිකක් ඉන්න.
3) ෆේස් මාස්ක් එක දිගහැර මුහුණට දමන්න.
ඉන් පස්සේ සීරම් එකෙන් පෙඟුණ ශීට් මාස්ක් එක දිගහැරලා ඔබේ මුහුණ මත යොදන්න. හරිම පහසුයි.
4) විනාඩි 15 කින් පමණ ගලවා දමන්න.
විනාඩි 15 යද්දී සීරම් එකේ තිබෙන සේරම ඖෂධ වල සාරය ඔබේ මුහුණේ සම ඇතුලටම පැතිරිලා ඉවරයි. ශීට් එක නිසා වාෂ්ප වෙන්නෙත් නැහැනේ. ඒ නිසා විනාඩි 15 ක් හොඳටම ඇති. ඉන් පස්සේ මාස්ක් එක ගලවලා නිසි ලෙස බැහැර කරන්න ඕනේ. සීරම් එකේ ඉතුරු කොටස් මුහුණේ රැඳී තිබෙනවා නම් ඔබට පිස දමන්නත් පුළුවන්. නැත්නම් ඒවා මුහුණට කා වදින තුරු එහෙම තියන්නත් පුළුවන්.
පාවිච්චියට උපදෙස්
ක්‍රීම් ගානවට වඩා ශීට් මාස්ක් එකේ ප්‍රතිඵල වැඩි බව ඔබ දන්නවාද?
ක්‍රීම් හෝ වෙනත් රූපලාවණ්‍ය නිෂ්පාදනයක් සම මත අලේප කළ සැනින් වාතය සමග ගැටිලා වාෂ්ප වෙනවා. ඒ වගේම ක්‍රීම් වල ඇති සියලුම පෝෂක පදාර්ථ සමට උරාගනීමක් සිදු වෙන්නේ නැහැ. එම නිසා සම්පූර්ණ ප්‍රතිඵලය ඔබේ සමට ලැබෙන්නේ නැහැ. නමුත් ශීට් මාස්ක් එක වාතය සමග සමෙහි ගැටීම නවත්වන නිසා සීරම් එකේ ඇති වටිනා දේවල් වාෂ්ප වෙන එක නවතිනවා. එතකොට සීරම් එකේ ඇති යහගුණය සම්පූර්ණයෙන්ම සමට උරා ගන්නවා.
ශීට් මාස්ක් එක මුහුණේ ඇලවිලා සුළු වෙලාවකින් සමේ බාහිර උෂ්ණත්වය ඉහළට ඇවිත් සමේ රෝම කූප විවෘත වෙනවා. ඒ ඇරුන රෝම කූප මගින් ඉතා පහසුවෙන් සීරම් එක සමේ ගැඹුරටම අරගෙන ගිහින් සමට අභ්‍යන්තර පෝෂණයක් ලබා දෙනවා. ඒ නිසා ක්‍රීම් සහ අනෙක් බාහිර ආලේපන වලට වඩා ශීට් මාස්ක් එක වඩා ප්‍රතිඵල දායකයි.
ඒ වගේම වෙනත් සත්කාර වලින් සිදු වෙන සම වියලීම වගේ අයහපත් අතුරු ප්‍රතිඵල ශීට් මාස්ක් එකේ ඇත්තෙම නැහැ. එය ඔබේ සම ඉතාම මෘදුව පෝෂණය කරනවා.
ඔබේ ජීවන රටාවට ශීට් මාස්ක් වඩාත්ම ගැලපෙන්නේ ඇයි?
1. ශීට් මාස්ක් එක ප්‍රතිඵල දායකයි. එහි ඇති නවීන තාක්ෂණය නිසා සාමන්‍යය සත්කාර වලට වඩා මනා පෝෂණයක් ඔබේ සමට ලබා දෙන්න සමත්.
2. රූපලාවණ්‍යගාර වල වෙනත් සත්කාර එක්ක බලද්දී මිලෙන් ගොඩක් අඩුයි.
3. ඒ වගේම සැලුන් යන්න ඕනේ නැහැ. ගෙදරදීම කරගන්න පුළුවන්.
4. වෙලාව එක්ක යුද්ධ කරන අපිට ශීට් මාස්ක් එක පැළඳගෙන වෙනත් වැඩ වල නිරත වීමත් පහසුයි. ඒ නිසා ඒ විනාඩි 15 ත් අපතේ යන්නේ නැහැ.
5. නිවසේ සිට කරන වෙනත් රූපලාවණ්‍ය සත්කාර වගේ මෙය කිරීම ආමාරු නැහැ. සියල්ල එහි ඇති නිසා පිළියෙළ කර ගන්න වෙලාවක් ගත වෙන්නේ නැහැ.
6.අපේක්ෂිත ප්‍රතිපල ලබන්න සහ ඒ ප්‍රතිඵල හැමදාම පවත්වාගෙන යන්නත් සතියට දෙවතාවක් ශීට් මාස්ක් එකක් යෙදීම ප්‍රමාණවත් බව රූපලාවණ්‍ය වේදීන් නිර්දේශ කරනවා.
හැබයි ඉතින් මතක තියා ගන්න ඕනේ ශීට් මාස්ක් එක දැම්මට පස්සේ නිසි ලෙස බැහැර කරන්න ඕනේ. එක මාස්ක් එකක් පාවිච්චි කළ හැක්කේ එක වතාවක් පමණයි. භාවිතයෙන් පසු එය ඉවත් කළ යුතුයි. ඒ වගේමයි ඔබේ මුහුණේ කුරුලෑ ඇත්නම් ශීට් මාස්ක් එක යෙදීම සුදුසු නැහැ. කුරුලෑ සුව වුනාම ශීට් මාස්ක් එක දමන්න අමතක කරන්න එපා.