කිසිවෙක් නොකියන අරුම පුදුම රූපලාවන්‍ය රහස් 9ක්

November 7, 2020
14,087
9 beauty secrets
තමන්ගේ රූප සෞන්දර්ය ගැන උනන්දු වෙන එක ඕනෙම කාන්තාවකගේ ස්වාභාවික පුරුද්දක්. ඒ නිසා අපි හැම තිස්සෙම ලස්සනට ඉන්න උත්සාහ කරනවා.
ඔයාත් කොණ්ඩය මෝස්තරයක් දැමීමට සහ මේකප් කිරීමට නිමක් නැති පැය ගණනක් වැය කරනවාද? එහෙනම් මෙන්න ඉක්මන් විසඳුම් කිහිපයක්. කිසි කෙනෙක් ඔයාට මෙතෙක් කල් කියලා නැති අරුම පුදුම හිතෙන පුංචි රූපලාවණ්‍ය රහස් කිහිපයක් අද අප මේ ලිපියෙන් කියලා දෙනවා.

01. කුඩා බුරුසුවක් භාවිතා කරමින් වෙන් වෙලා තියන ඇස් පිහාටු පීරද්දී ඔයාගේ ඇහිබැමිවල පරිමාව වැඩි කර පෙන්වන්න පුලුවන් .

02. ඔයාගේ පාදවලට පෙට්‍රෝලියම් ජෙල් (වැස්ලින්) ස්වල්පයක් අලේප කරලා නින්දට යන්න කලින් මේස් දෙකක් දාගන්න. ඒකෙන් කැසීම් සහ පැළුණු යටිපතුල් සුව කර ගන්න පුලුවන් .

03. ඔයාගේ තොල් මත තියන මැරුණු සම ඉවත් කර ගැනීමට ඔබේ දත් බුරුසුව රවුම් චලිතයකින් තොල් මත ස්ක්‍රබ් කරන්න.

04. කට සේදීමේදී භාවිතා කරන ඇල්කොහොල් අන්තර්ගත මවුත්වොෂ් ස්වල්පයක් අරගෙන ඔබේ මුහුණේ කුරුලෑ සහිත ප්‍රදේශ වල අලේප කරන්න. එමගින් කුරුළෑ ක්ෂණිකව වියළී යයි.

05. ඔයාගේ දන්තාලේපයට බේකිං සෝඩා ටිකක් මිශ්‍ර කරලා හොඳින් දත් මදින්න. ඔයාගේ කහ පාට දත් සඳහා ඒක හොඳ සත්කාරයක්.

06. හිස සෝදගන්න ඕනේ වුණත් ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ පොඩි වෙලාවයිද? එහෙනම් ඔයාගේ කොණ්ඩය පොනිටේල් එකක් විදිහට බැඳලා පිටුපස ඇති කොණ්ඩය සෝදන්න.

07. ඔයාගේ තොල්වලට ස්වභාවික තෙතමනයක් සහ සිනිඳු බවක් ලබා දීම සඳහා පෙපමින්ට් තෙල් බින්දු කිහිපයක් ඔයාගේ lip gloss එකට එක් කරන්න.

08. ඔයාගේ සුවඳ විලවුන් දිගු කාලයක් රඳවා තබා ගැනීමට නම්, පෙට්‍රෝලියම් ජෙල් පැකට්ටුවක් ලබා ගැනීමට කාලයයි! ඔයාගේ ප්‍රියතම සුවඳ ස්ප්‍රේ කරන්න කලින් පෙට්‍රෝලියම් ජෙල් තුනී ස්ථරයක් යොදන්. එමඟින් ඔයාගේ සම මත සුවඳ වැඩි කාලයක් පවතියි.

09. වෙන කවරදාකටත් වඩා හොඳින් ඔයාගේ ශරීරය detox කිරීම සඳහා ග්‍රීන් ටී බෑග් 10 යක් වතුර බේසමකට එකතු කරලා ඒ වතුරෙන් නාන්න. ඒකෙන් ඔයාගේ මුහුණේ දීප්තිය ද වැඩි වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1902 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:01:10 PM
Script:/article/1902/9-beauty-secrets.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:01:10 PM
Script:/article/1902/9-beauty-secrets.html