ගර්භනී කාන්තාවන් සඳහා දෙහි යුෂ පානයට ගැනීමේ සෞඛ්‍යමය වාසි 6 ක්

March 22, 2021
30,333
6 benefits of drinking lime juice while pregnancy
ඔබ ගර්භණීව සිටියදී කරන සෑම දෙයක්ම ඔබට පමණක් නොව ඔබේ වැඩෙන දරුවාටද එකලෙස බලපානවා. ඔබ ආහාරයට ගන්නා සෑම දෙයක්ම ඔබේ දරුවාට සෘජු හෝ වක්‍ර බලපෑමක් ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි ගර්භණී සමයේදී ඔබේ ශරීරයේ පෝෂණ අවශ්‍යතාවයද වෙනස් වෙනවා. නමුත් දැන් ඔබේ කුස තුළ දරුවෙකු වැඩුණත් ඔබ දෙදෙනෙකුට හරියන්න ආහාර ගැනීමට අවශ්‍ය නැහැ. ඔබේ ගැබ් ගැනීම ආරක්ෂිතව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අවශ්‍ය වන්නේ සුළු දැනුමක්, කුඩා පර්යේෂණයක් පමණයි.

පලතුරු, ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ ලවණවලින් පොහොසත් වන අතර ගර්භණී මවකගේ ආහාර වේලෙහි අනිවාර්යය අංගයක්. කෙසේ වුවත්, සමහර පලතුරු පොදුවේ සෞඛ්‍යයට යහපත් වුවද, ගර්භණී සමයේදි ඒවා ආහාරයට ගත්තට කමක් නැද්ද? දෙහි, ඒවායින් එකක්ද? ගර්භණී සමයේදී දෙහි යුෂ හොඳද? මේ ලිපිය කියවලාම බලන්නකෝ..

ගර්භණී සමයේදී දෙහි යුෂ පානය කිරීම ආරක්ෂිතද?

ගර්භනී කාන්තාවන් බොහෝ විට විජලනයෙන් පෙළෙනවා. පළතුරු යුෂ පෝෂණය ලබා දෙන බීම වර්ගයක් වගේම එමඟින් ගර්භනී කාලයේ මව ව සජලීව තබා ගන්නවා. බොහෝ පැඟිරි පලතුරු මෙන් දෙහි ද විටමින් C සඳහා හොඳ ප්‍රභවයක්. නමුත් ගර්භනී කාන්තාවන්ට දෙහි යුෂ කෙතරම් ආරක්ෂිතද? බොහෝ කාන්තාවන් ගර්භණී සමයේදී දෙහි යුෂ වලට කැමතියි. ඊට හේතුව ශරීරයේ විටමින් C ඌනතාවය විය හැකියි. ගර්භණී සමයේදී දෙහි යුෂ පානය කිරීම ආරක්ෂිතයි!

නමුත් ඔබට බඩේ දැවිල්ල තිබෙනවා නම් වෛද්‍යවරයාගෙන් විමසා බැලීම වැදගත්. ඒ වගේම දෙහි යුෂ බොනවා නම් එය නිවසේ සාදා පානය කරන්න වගබලා ගන්න. හැකි සෑම විටම බීමබටයකින් (straw එකකින්) දෙහි පානය කරන්න. එය ඔබේ දත් වල ඉනැමලය ආරක්ෂා කරගන්න උපකාරී වේවි.

ගර්භණී සමයේදී දෙහි යුෂ වල වාසි:

ගර්භණී සමයේදී දෙහි යුෂ පානය කිරීම වෛද්‍යවරුන් විසින් ආරක්ෂිත යැයි සලකන අතර කිසිදු අතුරු ආබාධයක් වාර්තා වෙලා නැහැ. ඇත්ත වශයෙන්ම, මෙම රසවත් යුෂ ගර්භණී සමයේදී අමතර සෞඛය ප්‍රතිලාභද ලබා දෙනවා:

1. විටමින් C
ගර්භනී කාන්තාවන් බොහෝ විට විටමින් C ඌනතාවයෙන් පෙළෙනවා. දෙහි වැනි පැඟිරි පලතුරු විටමින් C හි විශිෂ්ට ප්‍රභවයක්. එබැවින් නිතිපතා දෙහි යුෂ පානය කිරීමෙන් ශරීරයට විටමින් C අතිරේක මාත්‍රාවක් ලබා දිය හැකි අතර විටමින් අතිරේක අවශ්‍යතාවය ද අඩු කරයි.

2. මල බද්ධය සහ අජීර්ණය සුව කරයි
මල බද්ධය සහ අජීර්ණය ගර්භනී සමයේදී නිතරම ඇති වෙනවා. අක්මා උත්තේජකයක් වන දෙහි යුෂ මගින් වේදනාව ඇති කරන බඩවැල් තුල ආහාර ගමන් කිරීම පාලනය කරයි, එමගින් මලබද්ධය සහ පාචනය වැනි තත්වයන් වළක්වයි. නිතිපතා දෙහි යුෂ පරිභෝජනය කිරීමෙන් බඩවැල් වල ආහාර ගමන් කිරීම පහසු වන අතර සජලීව තබා ගැනීමට ද උපකාරී වෙයි.

3. ප්‍රතිඔක්සිකාරක
දෙහි වල ඇති විටමින් C අන්තර්ගතය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. මේ අනුව, දෙහි යුෂ ඔබේ ශරීරයේ විෂ සහ free radicals ඉවත් කිරීමට හොඳ පිරිසිදුකාරකයක් ලෙස ක්‍රියා කරයි. ගර්භණී සමයේදී සෙම්ප්‍රතිශ්‍යාව නිසා සිරුරට අපහසුතාවයක් ගෙන දෙනවා! දෙහි යුෂ මගින් ඔබව සෙම්ප්‍රතිශ්‍යාවෙන් සහ තවත් ආසාදන කිහිපයකින් ආරක්ෂා කරයි.

4. කුස තුල සිටින දරුවාට වාසිදායකයි
ඔබේ කුස තුල සිටින දරුවාට පවා ඔබ පරිභෝජනය කරන දෙහි යුෂ වලින් ප්‍රතිලාභ ලබාගත හැකියි! දෙහි වල ඉහළ පොටෑසියම් අඩංගු වන අතර එය ඔබේ දරුවාගේ අස්ථි ගොඩනැගීමට මෙන්ම මොළයේ හා ස්නායු සෛලවල වර්ධනයට පහසුකම් සපයනවා.

5. අධි රුධිර පීඩනය සුව කරයි
දෙහි යුෂ මගින් ඔබේ රුධිර පීඩනය අඩු කර ගැබ් ගැනීම ආරක්ෂිතව තබා ගන්න උදවු වෙනවා.

6. ඉදිමුණු පාදවලට ප්‍රතිකාර කිරීම
ගර්භණි සමයේදී පාද ඉදිමීම වේදනාකාරී අත්දැකීමක්. ඒ සඳහා දෙහි යුෂ ඔබට පිළියමක් විය හැකියි! ඇල්මැරුණු ජලය වීදුරුවකට දෙහි යුෂ තේ හැන්දක් දමා පානය කිරීමෙන් ගර්භණී සමයේදී පාද වල ඉදිමීම අඩු කර ගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1958 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:53:01 AM
Script:/article/1958/6-benefits-of-drinking-lime-juice-while-pregnancy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 12:53:02 AM
Script:/article/1958/6-benefits-of-drinking-lime-juice-while-pregnancy.html