ශ්‍රී ලංකාවේ අපිට තාමත් අලුත් දෙයක් වුනත් ශීට් මාස්ක් එක කියන්නේ මේ වන විට ලෝකයේ දියුණු රටවල් වල ජනප්‍රිය වෙමින් පවතින ඉතාම ඵල දායක සහ කාර්යක්ෂම රූපලාවණ්‍ය සත්කාරයක්. ඔබේ සම තුලට කාවැදිලා ගැඹුරින් පෝෂණය කිරීමටත් ඒ මගින් ඔබේ සමට විශ්මිත ප්රතිලාභ ලබා දීම සඳහාත් මේ ශීට් මාස්ක් එක බහුලව යොදා ගන්නවා. අපේ පරිසරයේ සහ ජීවන රටාවේ වෙනස්කම් එක්ක සාම්ප්‍රධායික ක්‍රම වලින් බැහැරට ඇවිත් නවීන ක්‍රම රුව රැක ගැනීමට යොදා ගන්න අපිට සිදු වෙලා
තිබෙනවා.
මුහුණේ සම වයසට යාම ඉක්මන් වෙලා තිබෙන්නේ ඇයි?
ඔබ සමහර විට පුදුම වෙලා ඇති අපේ අත්තම්මලා අපි වගේ ලොකු වෙහෙසක් දැරුවේ නැහැ රුව රැක ගැනීම වෙනුවෙන්. නමුත් ඔවුන් සුන්දරව සිටියා. එදා පරිසරය අද වගේ දූෂිත නැහැ. ඔවුන් අනුභව කලේ නැවුම් එළවලු සහ පළතුරු. ඒවගේම ගෙවල්වල සුව පහසුවට ජීවත් වුන ඔවුන් අපි වගේ මානසික පීඩනය නැත්නම් ස්ට්‍රෙස් එක ලොකුවට ගත්තේ නැහැ. අද අපේ සම නොයෙක් දුම්, දූවිලි, කුණු වර්ග වලට
නිරාවරණය වෙනවා. ඒ නිසා සම අකලට වයසට යාම දකින්න පුළුවන්. ඒ විතරද කන ආහාර වල ඇති අධික තෙල්, ලුණු , සීනි සහ අනෙකුත් විෂ රසායන ද්‍රව්‍ය ශරීරයේ වයසට යාමේ ක්‍රියාවලිය උත්තේජනය කරනවා. අධ්‍යාපනය එක්ක දිවා රාත්‍රී වෙහෙසෙන අපි ඉන් පස්සේ රැකියා, ගෙවල් දොරවල්, දරුවෝ එක්ක කාර්ය බහුල වෙනවා. එතනින් අත්විඳින මානසික පීඩනය මුහුණේ සම අකාලයේ වයසට යවන්න
සමත් වෙනවා.
අන්න ඒ නිසයි අපි එදාට වඩා අපේ සම ගැන වගේම වයසට යාම ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් කාන්තාවෝ විසි ගණන් වල සහ තිස් ගණන් වල සම කෙරෙහි කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුව ඉඳල 40 ගණන් වලදී එන්නත් සහ ප්ලාස්ටික් ශල්‍යකර්ම කරා යොමු වෙනවා. මෙවැනි දේවල ඇති අහිතකර ප්‍රතිඵල , වියදම සහ අවධානම ගැන සලකලා අදම ඔබේ තරුණ පෙනුම රැක ගන්න සැලකිලිමත් වුනොත් ඔබේ ජීවිතේට ගොඩක් වටිනවා.
ශීට් මාස්ක් එක තමා අලුත්ම විප්ලවකාරයා
ඔබ අනිවාර්යයෙන්ම ව්‍යායාම වල නිරතවීම, හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම කරන අතරේ මුහුණේ සම හොඳින් පෝෂණය කිරීම සහ වයසට යාමේ ලක්ෂණ පාලනය කරන ක්‍රමයක් අනුගමනය කළ යුතු මයි. නොයෙක් නිෂ්පාදන වෙළඳ පොලේ තිබුනත් ශීට් මාස්ක් එක ඔබේ සම වයසට යාමෙන් ආරක්ෂා කරන අලුත්ම විප්ලවකාරයා ලෙස සලකන්න පුළුවන්. එය ක්‍රීම් වැනි සාම්ප්‍රධායික රූපලාවණ්‍ය ක්‍රම එක්ක සසඳලා බලද්දී එහි ඇති ඵලදායකත්වය ඉතාම වැඩි බව කියන්න පුළුවන්.
ශීට් මාස්ක් එක පාවිච්චි කරන හරි ක්‍රමය කලින් ලිපි වලින් ඔබ දැකල ඇති. ශීට් මාස්ක් එක ඔබේ සම එක්ක ගැටිලා ටික වේලාවකින්ම සමේ බාහිර උෂ්ණත්වය ඉහළ යන නිසා ඉක්මනින් රෝම කූප ඇරෙනවා. ඒ ඇරුන සිදුරු අතරින් සීරම් එකේ ඇති වටිනා පෝෂණ ද්‍රව්‍ය සහ විටමින් සත්කාරක ඔබේ සමේ අභ්‍යන්තරයට ගැඹුරින් කා වදිනවා. එවිට සමට ලැබෙන්නේ සම්පූර්ණ සහ වඩාත් පැතිරුණ පෝෂණයක්. නමුත් ක්‍රීම් වර්ග වලින් වැඩි කොටසක් වාතය සමග ගැටිලා වාෂ්ප වෙනවා. ඉතිරි කොටසත් සමට හොඳින් උරා ගන්නේ නැහැ. ශීට් මාස්ක් වල ඇති මේ ක්‍රියාවලිය නිසා එය මුහුණේ සම දීප්තිමත් කරන, සුමුදු කරන , පැහැපත් කරන සහ වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරන රූපලාවණ්‍ය ක්‍රම අතරින් වඩා සාර්ථකම ක්‍රමය ලෙස සැලකෙනවා.
තරුණ පෙනුම රැක ගන්න අදම සිතන්න
බොහෝ කාන්තාවෝ මුහුණේ සම නැවත ස්ථාපනය කරන ප්ලාස්ටික් සැත්කම් වලට යොමු වෙනවා. නැත්නම් විවිධ එන්නත් කිරීම් ආදිය අත්හදා බලනවා. මේ ක්‍රම වියදම් අධිකයි. ඒ වගේම සෞඛ්‍යමය බලපෑම් සහ අතුරු ප්‍රතිඵල වැඩියි. මුහුණේ සම හානියට ලක් වුනාම මේ ගැන හිතන්නේ නැතුව අද සිටම මේ ගැන හිතලා ක්‍රියා කරොත් 40 ගණන් වලදී එන්නත් සහ ශල්‍යකර්ම වලට ලක් වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබේ මුහුණ වඩාත් දීප්තිමත්ව, පැහැපත්ව තබා ගන්නා අතරේ වයසට යාම පාලනය කරන නවීනතම ක්‍රමයක් ගැන ඔබට කියා දෙන්න අපි තීරණය කළා. Sheet Mask ශීට් මාස්ක් ලෙස හඳුන්වන මෙය පහසුයි ඒ වගේම ලාභ දායකයි.
කලින් ලිපියකින් අපි දැනුමත් කළා Sheet Mask එක කොයි විදිහටද ක්‍රියා කරන්නේ කියල. එය ක්‍රීම් වර්ග වගේ නොවේ සීරම් එකේ තිබෙන පෝෂණ ද්‍රව්‍ය සියල්ලම සමේ ගැඹුරටම කා වැදිලා සම ඇතුළතින්ම පෝෂණය කරනවා. ශීට් එක මුහුණේ ඇලවිලා තත්පර කීපයක් ඇතුලත ඔබේ සම මතුපිට උෂ්ණත්වය ඉහල දමනවා. ඒ සමගම ඇරුන රෝම කූප අතරින් සීරම් එකේ ඇති විටමින් සහ අනෙකුත් පෝෂණ ද්‍රව්‍ය ඔබේ සම තුලට කා වැදිලා සම හොඳින් පෝෂණය කරනවා.
මෙන්න මෙහෙමයි ඔබේ සමත් වයසට යන්නේ
වයස අනුව සමේ වයස් ගත වීමේ ක්‍රියාවලිය
වයසට යාමේ ක්‍රියාවලියට පිළිවෙලක් තිබෙනවා. වයසට යාම සමග සමේ ඇතිවෙන ලක්ෂණ 8 ක් තිබෙනවා. ඒ අට ඇති වෙන්න පටන් ගන්නේ වයස 20 සිටම කියල ඇහුවොත් ඔබ පුදුම වේවි. මෙන්න මේ නිසා තමා වයසට යාමේ ක්‍රියාවලිය මගින් සම සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පෙර 20 ගණන් වල සිටම ඔබ මේ වෙනුවෙන් නිසි පියවර ගත යුත්තේ. ශීට් ෆේස් මාස්ක් වගේ සම ගැඹුරින් පෝෂණය කරන සහ
වයසට යාම සමග සටන් කරන නිෂ්පාදන ඔබේ ජීවිතේට දැන්ම එක් කර ගත්තොත් හැමදාම රූමත් තරුණ මුහුණක් ඔබටත් ලබා ගත හැකියි.
වයස 20 ගණන් වලදී ප්‍රතිඔක්සිකාරක නැත්නම් Anti-Oxidants නිෂ්පාදනය ශරීරය විසින් නතර කරනවා. සම වියලීම, තැනින් තැන මෙලනින් ලප නැත්නම් Pigmentation සහ සමේ වර්ණය තැනින් තැනට වෙනස් වීම මේ වයසේදී පටන් ගන්නවා. 30 ට ලං වෙලා නම් මේ සේරම එක්ක කළු ලප සහ සුදු ලප (Black Heads and White Heads) සමේ හටගන්නවා වැඩි බව ඔබට පෙනේවි. ඒ වගේම ඔබ පිටින් අලේප කරන ආලේපන සමට උරා ගැනීමේ කාර්යක්ෂමතාවයත් පහළ බහිනවා. වයසට යාමේ ලක්ෂණ මතුපිටට වඩාම පේන්න පටන් ගන්නේ 40 ගණන් වලදියි. විසි තිස් ගනන් වල ලක්ෂණ වැඩිවෙනවා වගේම ඇස් යට තඩිස්සි වීම (Eye Bags) සහ සම අක්‍රමවත් ස්වභාවයක් (Irregular texture) කියන දෙකම මතු වෙලා පේන්න ගන්නවා. 50 ගණන් වෙද්දී Cellular senescence යනුවෙන් හඳුන්වන සමේ සෛල බෙදීමේ ක්‍රියාවලිය නවතිනවා. ඒ සමග සමේ ඇදීමේ ස්වභාවය නැතනම් elasticity එක ඇනහිටිනවා. බොහෝ දෙනෙක් වයසට යාම ගැන කරදර වෙන්න පටන් ගන්නේ 40 ගණන් වලට ආවහම. හැබැයි මේ වෙද්දී ඔබට නිවී සැනසිල්ලේ තරුණියක් වගේ ලස්සනට ඉන්න පුළුවන් 20 ගණන් වලදීම මේ ගැන හිතුවා නම්.
වයසට යාමේ ලක්ෂණ 8 ඇතිවීම පාලනය කිරීමට නම් ඔබත් විසි ගණන් වල සිටම සම අලුත්වැඩියා කිරීම, තරුණ සම පවත්වාගෙන යාම සහ ආරක්ෂා කිරීම යන කාරනා වෙනුවෙන් සමට උපකාර කළ යුතුයි. නිසි ආහාර ලබා ගෙන සම පෝෂණය කිරීම , ව්‍යායාම වල නිතිපතා යෙදීම යන කාරණා වලට අමතරව සම තුලට කා වැදිලා ගැඹුරින් පෝෂණය කරවන IV තාක්ෂණයෙන් පොහොසත් SWA ශීට් ෆේස් මාස්ක්
භාවිතයට ගැනීම ඉතාම සුදුසුයි.
කර්කියුමින් අඩංගු ශීට් මාස්ක් එක මොකද්ද?
ඉන්දියානු ලඳුන් දීප්තිමත් දිලුලන රූමත් සමක් හිමිකර ගන්නා අතරේ වයසට යද්දිත් ඒ රුව රැක ගැනීමේ රහස ලෙස සලකන කස්තුරි කහ වල අඩංගු කර්කියුමින් ගැන අපි ලිපි කීපයකින් ඔබව දැනුවත් කළා. කර්කියුමින් ඉර එලියට හානි වුන සම නැවත ස්ථාපනය කරනවා. සමේ තෙතමනය රැක දෙනවා. එයින් ඔබේ සමට දීප්තිමත් දිදුලන බවක් එක් කරනවා. එහි අඩංගු පෝෂක සහ ප්‍රතිඔක්සිකාරක සම මහලු වීම ඇති කරන හේතු සමග සටන් කර ඔබට තරුණ සමක් ලබා දෙනවා.
කර්කියුමින් වටිනා ඔසුවේ සාරය ශීට් මාස්ක් එකකින් ඔබට ලැබෙන බව ඔබ දැනටම දන්නවා ඇති. කර්කියුමින් වල ගුණ සියල්ලම සමේ ගැඹුරට කා වැදිලා ඔබේ සම ගැඹුරින් පෝෂණය කරන්න ශීට් මාස්ක් එක සමත් වෙනවා. ඉපැරණි සංඝටක වල යහගුණය නවීන තාක්ෂනය සමග මුසු වෙලා තමයි ඔබ තවත් සුන්දර කරන අතරේ වයසට ගියත් සුන්දරව ජීවත් වෙන්න ඔබේ අතට එන්නේ. කර්කියුමින් වලට අමතරව
සමේ තෙතමනය රකින, සම අලුත්වැඩියා කරන , සම සුමුදු කරවන සහ සමේ ඇති මෙලනින් පාලනය කරන සංඝටක වලින් SWA වල සීරම් එක පොහොසත් වෙනවා.
Bio Cellulose වලින් නිපදවා ඇති ශීට් එක ශ්‍රී ලංකික අපේ මුහුණට ඉතාම හොඳින් ගැලපෙන්න නිපදවා තිබෙනවා. මුහුණේ ඇලවුන සැනින් ඔබේ සමේ රෝම කූප විවෘත වෙලා කර්කියුමින් සාරය සහ අනෙකුත් විටමින් සියල්ලම ඔබේ මුහුණේ සමේ ගැඹුරටම කා වදිනවා. කාර්ය බහුල ඔබට මේ සියලු යහගුණය ලබා ගන්න වැය වෙන්නේ පුංචි විනාඩි 15 ක කාලයක් විතරයි. සතියට දෙවරක් ශීට් ෆේස් මාස්ක් එක යෙදීමෙන් සමේ සුන්දරත්වය, දීප්තිමත් බව , පැහැපත් බව රැකෙනවා විතරක් නෙවෙයි ඔබේ
සම හැමදාම ඒ විදිහටම තියා ගන්නත් උපකාර වෙනවා.
ඒ වගේමයි ඔබේ මුහුණේ කුරුලෑ ඇත්නම් ශීට් මාස්ක් එක යෙදීම සුදුසු නැහැ. කුරුලෑ සුව වුනාම ශීට් මාස්ක් එක දමන්න අමතක කරන්න එපා.