රුව ගැන හිතන ඔබට

February 28, 2017
10,040
those who want to be beautiful
රුව ලස්සන කරගන්නා අන්දම ගැන කථා කිරීමේදී ඒ සඳහා භාවිතා කෙරෙන ආලේපන ගැනත් කථා නොකරම සිටින්නට බැහැ. එයට හේතු වී ඇත්තේ රුව ලස්සන කර ගන්න උනන්දු වන යුවතියන් වැඩි දෙනෙක් ආලේපන වර්ග භාවිතා කරන්නට වැඩි නැඹුරුතාවයක් දක්වන නිසායි.

ආලේපන භාවිතය කෙරෙහි වැඩි දෙනෙක් දක්වන මෙම උනන්දුව නිසාම අද නොයෙකුත් ආකාරයේ ආලේපන වර්ග වෙළෙඳ පොළේ ජනප්‍රිය වෙමින් තිබේ. මෙහිද යුවතියන් හා කාන්නාවන් වැඩි දෙනෙක් ආලේපන තෝරා ගන්නේ සමෙහි පැහැපත් බව සහ ලස්සන පෙනුමක් මතුකර ගැනීමටයි.

අද බොහෝ දෙනා වෙළද දැන්වීම් දුටු පමණින්ම විවිධ ආලේපන වර්ග භාවිතා කිරීමට නැඹුරුවන අතර එය තමන්ට හිමිව ඇති සමේ ස්වභාවය අනුව තෝරා ගැනීමට නැඹුරුතාවයක් දක්වන්නේ ඉතාමත් අඩුවෙන්. එසේ ආලේපන ගැල්වීම තුළින් සමට කිසිඳු ප්‍රයෝජනයක් ඇති නොවේ.

සමට ආදාළ වු ආලේපන තෝරා නොගැනීමෙන් හෝ සම ගැන නොසලකා සිටීමෙන් වන අහිතකර ප්‍රතිඵල වන්නේ සමේ කුරුලෑ අසාදනය ඇතිවීම හෝ සම අධික ලෙස වියළීම සහ රුලී වැටීමයි.

සිරුරේ අත්පාවල ඇති ස්වභාවය ගතහොත් මුහුණේ සමට වඩා රළු ස්වභාවයක් ගන්නා බැවින් මුහුණට ගල්වන ආලේප සිරුරට ගැල්වීම තුළින් අපට කිසිඳු ප්‍රතිඵලයක් ලබාගත නොහැක.

එලෙස මුහුණේ සමට වුවද සමේ ස්වභාවය අනුව ආලේපනයක් තෝරා ගත යුතුය. අනෙක් කරුණ නම් ආලේපනයක් අලුතින් තෝරා ගැනීමේදී අප ඒ ගැන පරීක්ෂාකාරී විය යුතුය. අප කිසිම ආලේපනයක් භාවිත කළ යුත්තේ එය අපේ සමට අවශ්‍ය නම් විතරයි.

අනවශ්‍ය ලෙස ආලේපන භාවිත කිරීම සුදුසු දෙයකි නොවේ.

වියළි සම, තෙල් සහිත සම, මිශ්‍ර සම සහ සංවේදී සම යනුවෙන් සමේ ස්වභාවය අනුව වර්ග කළ හැකිය. ඹබ සංවේදි සමක් ඇති අයෙකු නම් විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය රහිත ආලේපන භාවිතා කිරීමට සැලකිලිමත් වන්න. සමහර ආලේපන නිසා ඇතැම් අයට ආසාත්මිකතා වැනි තත්ත්වක් ඇති විය හැකි නිසයි.

මෙවැනි අය බොහෝවිට වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ආලේපන භාවිතා කරන්නේ නම් වඩාත් සුදුසු වේ. ඔබ භාවිතා කරන ආලේපන වර්ගය තෝරා ගැනීමට පෙර ඔබගේ සමේ ස්වභාවය නිවසේදී හඳුනා ගැනීමට ඔබට පහසු ක්‍රමයක් කියලා දෙන්නම්.

ඔබ රාත්‍රි නින්දට පෙර මුහුණ හොඳින් සෝදා පිරිසිදු කර කිසිඳු ක්‍රීම් වර්ගයක් ආලේප නොකර නින්දට යන්න. උදේ අවදි වු පසු අලුත් ටීෂු එකක් ගෙන නහය සහ කම්මුල් මත තබා තද කරන්න.

ටිෂු එකේ තෙල් අධික ලෙස තැවරී ඇත්නම් එය තෙල් සහිත සමක් ලෙසත් ටිෂු එක අලුත්ම ස්වභාවයෙන් පොඩිවුණ පාරවල් පමණක් ඇත්නම් වියළි සමක් ලෙසත් තිරණය කළ හැකිය. මේ දෙක අතර තත්ත්වය ටිෂු එක මත පවතී නම් සාමාන්‍ය සමක් ලෙසත් පහසුවෙන් අපට හඳුනාගත හැකිය.

එම නිසා අප ආලේපන භාවිතා කිරීමේදී එම ආලේපන ගැන දැනුවත් බවකින් යුතුව එය භාවිතා කළ යුතුයි. කුමන ආකාරයක ආලේපන භාවිත කළද එය ගැල්වීමට පෙර සම ඉතා හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කර ආලේපන ගැල්වීමට අමතක නොකරන්න.

ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පිනී : නදීකා පෙරේරා

සැකසුම : අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 86 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:33:27 PM
Script:/article/86/those-who-want-to-be-beautiful.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:33:27 PM
Script:/article/86/those-who-want-to-be-beautiful.html