Black තමන්ගේ happy color එක කර ගත්ත අයට

September 27, 2017
5,311
For women who made black, their happy color
යොවුන් වයසේ ඉන්න ගොඩාක් තරුණ තරුණියන් වැඩි පුර කළු පැහැයට ප්‍රිය කරනවා. ඇඳුමක් පැලඳුමක් ගන්න ගියත් එකේ වෙනසක් නෑ. මොකද කළු කියන්නේ හරිම attractive color එකක්. ඒ නිසා කළු ඇන්දමත් ලැබෙන පෙනුම වෙන මොනම පාටක් ඇඳලාවත් ගන්න බැහැ කියලා අපි හිතනවා. ඒ නිසා ගොඩාක් තෝරා ගැනීම් වලදී කළු පැහැයට වැඩිපුර අපේ ඇහැ යනවා වගේම හිතත් යනවා.

හැබැයි මෙතනදී එකම එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කළු පාටට අපි ගොඩක් දෙනෙක් ප්‍රියතාවයක් දක්වද්දී ඇයි මේ ගොඩාක් දෙනෙක් තමන්ගේ කළු කොණ්ඩෙට විතරක් කැමති නැත්තේ? ඇයි කළු කොණ්ඩෙ විතරක් color කරන්න උත්සාහ කරන්නේ. ඔයාටම හිමි වුණු පෙනුමට කළු කොණ්ඩේනුත් ඔයාටම අවේණික වුණු ලස්සනක් එක් කරනවා. එක්  කෙනෙක් තවත් කෙනෙක්ගෙන් වෙනස් වෙද්දී අපි එකට අනන්‍යතාවය කියල කියනවා. ඉතින් දකින දකින කොණ්ඩ දිහා බලලා ඔයාගේ
කොණ්ඩෙත් color කරලා ඇයි ඔයාගේ අනන්‍ය තාවය නැති කර ගන්නේ. අපේ හිස කෙස් වලට ඒ පැහැය ලැබෙන්නේ ඇයි කියලා ඔයා දන්නවනේ. ආසියාතික රටවල බොහෝ දෙනෙක්ගේ කොණ්ඩය කළුයි. දේශගුණයට ගැලපෙන විදියට තමයි ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ.

මේ කිව්ව විදියට කොණ්ඩේ ස්වභාවය color එක වෙනස් කරලා ඔයාට ගැලපෙන විදියට උරුම උන දේවල් වෙනස් කරනවාට වඩා හොඳ නැද්ද ඔයාගේ ලස්සන කළු කොණ්ඩේ පරිස්සම් කර ගත්තා නම්. ඔයාටම විතරක් හිමි වුනු ඔයාගේ කළු කොණ්ඩේ අනිවාර්යෙන්ම ඔයාට ලැබුණු තෑග්ගක්. ඒක පරිස්සම් කර ගන්න. එහෙම උනේ නැත්තනම් ඉතින් ඔයා කොහොමත් කොණ්ඩේ ගැන කළකිරෙනවා. එපා වෙනවා.

ඒ වගේම තමයි shine එක. අපි හැමෝම කැමතියිනේ ඕනෑම තැනක කැපිලා පේන්න, බැබලි බැබලි ඉන්න. හැමෝම කිව්වට ඉතින් විශේෂයෙන් ගෑණු ළමයි. ඉතින් ඒ දිදුලන බව ඔයාගේ කොණ්ඩෙටත් දෙන්න. එතකොට අනිත් අය අතරේ කැපිලා පෙන්න ලොකු ලොකු දේවල් කරන්න ඕන නැහැ. ඒ නිසා ඔයාගේ කොණ්ඩේ ස්වභාවික පෙනුම රැක ගන්න උත්සාහ කරන ගමන් කොණ්ඩෙට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාට මේ කියන black වගේම shine කියන දෙකම ඔයාගේ කොණ්ඩේ color කරනවාට වඩා ලස්සන කරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 430 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:56:05 PM
Script:/article/430/for-women-who-made-black-their-happy-color.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:56:06 PM
Script:/article/430/for-women-who-made-black-their-happy-color.html