ඔබේ සහකරුව ඔබ සිපගත යුතුම අවස්ථා 5ක්

March 6, 2017
50,545
5 Reasons You to Kiss your partner
ආදරයේදි හෝ දැඩි මිත්‍රත්වයකදි සිපගැනීම කියන්නේ සාමාන්‍ය දෙයක්. නමුත් එයින් විදහාපානවා ඔබ කොයිතරමි ඔබේ පෙමිවතාට/ස්වාමිපුරුෂයාට ආදරෙයිද යන වග. අන් කිසිවකට වඩා සිපගැනීමක් දැනෙන ආකාරය ඉතා සොදුරුයි. මේ කියන්න හදන්නේ ඔබ අමතක නොකර අනිවාර්යෙන්ම ඔබේ සහකරුව සිපගත යුතූ අවස්ථා 5ක් ගැන.

1. හමුවීමක් අවසානයේදි

Rose Color Meanings

ඔබ දෙදෙනා මුණගැසී නැවත වෙන්වන එහෙම නැත්නම් දෙදෙනා සමුගන්න අවස්ථාවේදි මෘදු මොළොක් හාදුවක් කමිමුලට ලබා දෙන්න. එය දීර්ඝ සරාගි එකක් නොවිය යුතූයි.

2. වැඩත් සමග වෙහෙසට පත් අතරතුරදි

Rose Color Meanings

බොහෝවිට ජීවිතය තුල ඇති අධික කාර්යබහුලත්වය අපිව අතිශයින් වෙහෙසට පත් කරනවා. මේ හේතුවෙන් දෙදෙනාටම අමතක වෙනවා එකිනෙකාට ආදරය දයාව පෙන්වන්න. නමුත් මේ අවස්ථාව තමයි ඔබේ සහකරුව සිපගන්න හොදම වෙලාව. තොල්වලට/නළලට/කම්මුලට දෙන එක හාදුව ඔහුගේ වෙහෙස නිවන්න සමත් වෙනවා. නමුත් ඔහු යම් තරහකින් හෝ කෝපයකින් ඉන්නා විට හෝ දුරකතන ඇමතූමක් අතරවාරයේදි මෙය කරන්න එපා.

3. රණ්ඩුවක් අවසානයේදි

Rose Color Meanings

රණ්ඩුවක් අවසානයේදි සමාදාන වෙන්න පුලුවන් පරිපූර්ණ ක්‍රමයක් තමයි සිපගැනීමක් කියන්නේ. එයින් ඔබ දෙදෙනාගේ අමනාපකම් අමතක වෙනවා පමණක් නොව එය සරාගි ආදර හැගීම් උපදවන්න ඉතා හොද ඉන්දනයක්ද වෙනවා. මෙහිදි ඔබ ඔබේ අහංකාරය අතහැරිය යුතුයි.

4. නිවාඩුවකදි

Rose Color Meanings

බොහෝ යුවළවල් වලට විවේකි නිවාඩුවකදි පවා ප්‍රේමාන්විත වෙන්න අමතක වෙනවා. විශේෂයෙන් දරුවන් සමග නිවාඩුව ගත කිරීමේදි හෝ කාර්යාලයේ ඇතිවන ප්‍රශ්න හා පීඩාකාරි තත්ව හේතුවෙන් ආදරය මගහැරී යනවා. නමුත් ඔබ දන්නවාද ඔබේ නිවාඩුව
ඔබේ හනිමූන් එකටත් වඩා වැඩියෙන් රොමෑන්ටික් කරගන්න පුලුවන් සියුමැලි මෘදු සිපගැනීමක් ආරම්භයෙන්. මෙම පියවර ඔබේ සහකරුගේ සිත සහ කයේ ඇති සියලු පීඩාකාරි තත්ව සමනය කරවන්න සමත් වෙනවා. නිවාඩුව පුරාම සෑම රාත්‍රියකදි හෝ උදෑසනේදි කරන සිපගැනීම ඔබ දෙදෙනා තුල ආදරය ඔබ අපේක්ෂා කරනවාටත් වඩා වැඩි කාලයක් පවත්වාගන්න පුලුවන් වගේම එය ඔබේ විවාහ ජීවිතයට මැජික් එකක් වනු ඇත.

5. අමාරු කාලයන්හීදි

Rose Color Meanings

සබදතාවකදි හොද හෝ නරක කාලයන්හීදි සිපගැනීම එහෙම නැත්නම් කිස් එක මනා මෙහෙවරක් ඉෂ්ට කරනවා. සතුට විහිදවනවා පමණක් නොව ශෝකය අවශෝෂණය කිරීමේ බලයක් සිපගැනීමකට තියෙනවා. ඔබේ සහකරු දුකෙන් තනිකමෙන් ඉන්නා විටදි හෝ හිතවත් කෙනෙකුගේ නැති වීමකදි හෝ යම් බේද සහගත අවස්ථාවකදි ඔබ දෙන ආදරණීය හාදුව එකෙනෙහිම ඔහුව නැවත ඔසවාතබන්න මෙන්ම සිනහවකින් ජීවිතය පෙරසේම පවත්වාගෙන යන්න උපකාර වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 104 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:31:36 AM
Script:/article/104/5-reasons-you-to-kiss-your-partner.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:31:36 AM
Script:/article/104/5-reasons-you-to-kiss-your-partner.html