මේ දේවල් නිසා මොහොතකින් ඔබේ ජීවිතේම කණපිට පෙරලෙන්න පුළුවන්

September 30, 2017
5,779
7 Bad habits to avoid that are ruining your relationship
වෙලාවකට අපි හිතන්නේ බලන්නේ නැතුව කරන දේවල් නිසා අපි නොහිතන විදිහට අපේ ජීවිත වෙනස් වෙන්න පුළුවන්. අපිට ජීවිතේ ඉක්මනට වැරැද්ද ගන්න පුළුවන් උනාට ඉක්මනට හදාගන්න එක නම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා වැරදෙන්න කලින් ඒක නතර කරගන්න එක තමයි හොඳම දේ. ආදරය වගේම විවාහය කියන්නෙත් අපේ ජීවිත වල තියෙන වැදගත්ම කොටසක් ඒ නිසා අපි මේ දෙක ගැන සුළුවෙන් හිතලා වැඩ කරන්න ගියොත් අපිට වැරදෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. විවාහ ජීවිතය ප්‍රශ්නයක් වෙනවා කියන්නේ නිකම්ම අපේ ජීවිත විනාශ වෙන්න හේතුවක්. ඒ නිසා අදම මේ දේවල් කරන එක නතර කරගන්න පුළුවන් නම් ඔබට ඔබේ විවහා ජීවිතය පහසුවෙන්ම රැකගන්න පුළුවන්.

1. සැමියාව සැක කිරීම

ඔබ හිතනවා නම් බිරිඳ ලෙස ඔබට අයිතියක් තියෙනවා කියලා ඔහුව සැක කරමින් ඔහුගේ හැම පෞද්ගලික දෙයක් ගැනම සොයා බලන්න, ඔබට කිසිම දවසක ඔහුත් සමඟ සතුටින් ඉන්න ලැබෙන එකක් නැහැ. ඕනෙම කෙනෙක්ට තියෙන්න ඕනේ පෞද්ගලිකත්වයක්. ඔහු ඔබේ සැමියා උනා කියලා ඔබට බැහැ අනවශ්‍ය විදිහට ඔහුගේ පෞද්ගලිකත්වය නැති කරලා දාන්න. ඒ නිසා ඔබේ සිමාවන් තේරුම් අරගෙන කටයුතු කරන්න.

2. සැමියාගේ පුංචි පුංචි වැරදිත් මතක තියාගෙන ඉන්න එක

සමාව දීම වගේම අමතක කිරීමත් විවහා ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන දෙයක්. එහෙම නැතුව සැමියා අතින් වෙන පුංචි පුංචි වැරදිත් මතක තියාගෙන ඉඳලා ඒ දේවල් මතක් කරලා සැමියත් එක්ක ප්‍රශ්න ඇතිකර ගන්නවා නම්, ඔබට සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන එක හීනයක් විතරයි.

3. ඔහු කරන දේවල් වල හොඳක් දකින්න බැරිනම්

ඔහු කරන දේවල් වල අඩුපාඩු දකින කෙනෙක් නම් ඔබ. ඒ ගැන ඔහුට නිතර දොස් කියනවා නම්, ඔහුට ඉක්මනින්ම ඔබව එපා වේවි. ඔහුට ඔබව එපා වෙනවා කියන්නේ ඔබේ විවහා ජීවිතය අතරමඟ නවතින්න එය හේතුවක්.

4. ඔහුගේ පවුලේ අයට ගරු කරන්නේ නැති නම්

සමහර කාන්තාවන් ඉන්නවා ඔවුන් කිසිම අවස්ථාවක සැමියාගේ පවුලේ අයගේ හොඳක් දකින්න කැමති නැහැ. නිතරම ඔවුන්ගේ වැරදි කියමින් සැමියාට කරදර කරනවා. මේ වගේ කාන්තාවන් මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපි කවුරු වුනත් කැමති නැහැ අපේ පවුලේ අයට කෙනෙක් වැරදි කියනවට. ඉතින් ඒ වගේම තමයි ඔබේ සැමියත් කිසිම දවසක කැමති වෙන එකක් නැහැ ඔබ ඔහුගේ පවුලේ අයට දොස් කියනවට.

5. වැරදි වෙලාවට වැරදි දේවල් කතා කිරීම

අපිට යමක් කතා කරන්න ඕනේ නම් එකට සුදුසු වෙලාව අපි හරියට තෝර ගන්න ඕනේ. එහෙම නැතුව සැමියත් එක්ක ප්‍රශ්න ගැන කතා කරන්න ගියොත් ප්‍රශ්න තවත් වැඩි වෙන එක මිසක් විසඳුමක් නම් හොයාගන්න බැරි වේවි.

6. තැනක් නොතැනක් නොබලා ඔහුත් එක්ක ප්‍රශ්න ඇතිකර ගැනීම

අපේ පවුල් ජීවිත ඇතුලේ මොන තරම් ප්‍රශ්න තිබුනත් ඒ දේවල් දන ගන්න ඕනේ ඔබත් සැමියත් පමණයි. එහෙම නැතුව හැමෝම ඉස්සරහ රණ්ඩු වෙලා ප්‍රශ්න විසඳ ගන්න උත්සහ කරන කාන්තාවක් නම් ඔබ ඔබට ප්‍රශ්න විසඳා ගන්න එක කෙසේවෙතත් වෙන්නේ විවහා ජීවිතයත් කෙලවර කරගෙන ප්‍රශ්න ගොඩක පැටලෙන්න.

7. සැමියාව ගණන් නොගැනීම

කිසිම කෙනෙක් කැමති නැහැ තමන්ට පිළිගැනීමක් නැති අයත් එක්ක ජිවත් වෙන්න. ඔබත් සැමියාව ගණන් ගන්නේ නැති කාන්තාවක් නම් වැඩි කාලයක් යන්න කලින් සැමියා ඔබව අත්හැර දමාවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 433 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:22:40 AM
Script:/article/433/7-bad-habits-to-avoid-that-are-ruining-your-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:22:41 AM
Script:/article/433/7-bad-habits-to-avoid-that-are-ruining-your-relationship.html