ඔයාගේ පෙම්වතාට සැමියාට කරදරයක් නොවී ඉන්න භාවිතා කල හැකි උපක්‍රම මොනවද?

November 23, 2019
10,484
How to stay without being a annoyance to your lover
අද කාලේ යුවලක් ආදරේ කරනවා කියන්නේ ගොඩක් රණ්ඩු ඇති වෙනවා. එහෙම රණ්ඩු නොවෙන ජෝඩු කලාතුරකින් හමු වුනත් බොහෝ දෙනෙකගෙන් ඇහුවොත් ඔවුන් නිතරම රණ්ඩු නිසා පීඩාවෙන් ඉන්නේ. ඉතින් හොඳ පවුල් ජීවිතයක් ගෙවීමට ඔයාට උදවු කරන අද හැඩකාරී අපි තීරණය කළා ඔයාගේ සම්බන්ධයේදී හෝ විවාහයේදී රණ්ඩු මත ගැටුම් අඩුවෙන් ජීවත් වෙන ආකාරය මේ ලිපියෙන් කතා කරන්න හිතුවා. විවාහය වැදගත් නිසා කොච්චර රණ්ඩු ඉවසුවත් දවසක ඉවසීමේ සීමාව උනත් ඉක්මවන අවස්ථාවක් නො එයි කියා සිතන්න අපහසුයි. ඒ නිසා ආදරය සහ විවාහයේදී මේ උපක්‍රම භාවිතා කල යුතුයි.

සාර්ථකව සන්නිවේදනය

බෙරිහන් දෙන්නේ නැතුව හෙමින් කථා කරන්නට හුරු වුණා නම් ගොඩක් ගැටුම් අඩු කර ගන්න පුළුවන් වෙනවා. බෙරිහන් දිය යුත්තේ ඈත සිටින කෙනෙකුට කථා කිරීමට හෝ ක්‍රීඩකයන් දිරිමත් කිරීමට පමණයි. එ වගේම සවන් දීමට හුරු වීමත් වැදගත් කරුණකි. අනිත් කෙනා කතා කරන තුරු සවන් දීම අපහසු කරුණක් නෙවෙයිනේ. එතකොට අනිත් කෙනා ඔයාට නිරන්තරයෙන්ම සවන් දෙන්න උත්සහ කරනවා. දෙදෙනාම එකිනෙකාට බාධා කර ගනිමින් කියවීමෙන් සිදු වන්නේ යහපතක් නම් නෙමෙයි.

තර්ක කිරීම අඩු කරන්න

මැසේජ් කිරීම කියන්නේ දුර්වල සන්නිවේදන මාර්ගයක්. හදිසි පණිවිඩ දැනුම් දෙන්න ඒක වඩාත් සුදුසු වුණත්, වැදගත් ගැඹුරු සංවාද වලට මේ ක්‍රමය එච්චර ගැලපෙන්නේ නැහැ. සීමිත වචන කිහිපයකින් කොහොමද හිතේ තියෙන අදහස් ඔක්කොම කියන්නේ? එතකොට ගැටුම් ඇති වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. සමාජ ජාලා හරහා කරන අදහස් හුවමාරුවත් ඒ වගේ තමයි. දෙදෙනා හමුවී කරන සංවාද වැඩි කර ගන්න.

ප්‍රශ්නය අඳුන ගන්න

හුඟාක් අය ප්‍රශ්නයේ මූලය හඳුනා ගන්නේ නැතුව, එකිනෙකාට චෝදනා කර ගනිමින් බැන ගන්නවා. උදාහරණයක් වශයෙන් හිතන්න ප්‍රශ්නය මුදල් හිඟකම කියලා. ඒත් ඔවුන් බැන ගන්නේ අනිත් කෙනා වැඩියෙන් වියදම් කරනවා කියමින්. එහෙම නැතුව ප්‍රශ්නය හරියටම අඳුන ගෙන ඒකට විසඳුමක් හොයා ගන්න උත්සහ කරන්න.

විසඳුම් ක්‍රියාවට නංවන්න

හුඟ දෙනෙක් ප්‍රශ්නය ගැන කතා කරන්න උනන්දු වුණත්, ගත්තු විසඳුම ක්‍රියාවට නංවන්න කල් දානවා. ඉතින් කම්මැලි නොවී ඇති කර ගත් විසඳුම් අද දිනම ක්‍රියාවට නංවන්න. මේ එක ක්‍රමයක්වත් හරි ගියේ නැද්ද ? එහෙනම් ඉක්මනින්ම ඔය බැඳීමෙන් අයින් වෙන්න. අපේ ජිවිත කාලය කෙටියි. මේ පුංචි කාලේදී ගැටුම් ඇති කරගෙන දුකින් ගත කරන්න ඕනේ නැහැනේ. ඔයා වගේම ගැටුම් ඇති කර ගැනීමට අකමැති කෙනෙකු සොයා ගන්න.

අතීතය ඇදලා ගන්න එපා

ඔයා ඊයේ මුහුණ පිස දමපු ටිෂූ එකෙන් අදත් මුහුණ පිහි දාන්නේ නැහැ නේද? එ වගේම අතීතයේ වැරදි ඇදලා ගන්න එකේ කිසිම වාසියක් නැහැ. එ නිසා ඒ වැරැද්ද නොකර ඉන්න වග බලා ගන්න. සබඳතාවයක වැදගත්ම අංගයක් වෙන්නේ එකිනෙකාට දක්වන ගරුත්වයයි. ඒත් අතීතය සිහි කිරීමෙන් වෙන්නේ අනිත් කෙනාගේ ගරුත්වයට ඔයා හානි පමුණුවන එකයි. ගරුත්වය රැක ගන්න උත්සහ කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1456 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:19:09 PM
Script:/article/1456/how-to-stay-without-being-a-annoyance-to-your-lover.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:19:09 PM
Script:/article/1456/how-to-stay-without-being-a-annoyance-to-your-lover.html