මේ දේවල් දැනෙනවා නම් අදම ඔහුව අත්හරින්න.

September 13, 2017
15,978
6 Signs to End the Relationship
ආදරය කියන්නේ අපි හැමෝගෙම ජීවිත වලට අවශ්‍ය වෙන දෙයක්. ඒකනේ අපි ජීවිත කාලය පුරාවටම උත්සහ කරන්නේ ආදරේ හොයාගන්න වගේම හොයාගත්ත ආදරේ රැකගන්න. හැබැයි ඉතින් ජීවිතේට කිසිම සතුටක් ගේන්නේ නැති තේරුමක් නැති ආදරයක් නම් ඔබ හොයාගෙන තියෙන්නේ ඒක රැක ගන්න උත්සහ කරන එක නම් කිසිම තේරුමක් නැති වැඩක්. ඒ නිසා ඔයාම තමයි තීරණය කරන්න ඕනේ ඒ වගේ සබඳතාවයක් අත්හරිනවද නැත්නම් රැකගන්න උත්සහ කර කර දුක් විඳිනවද කියලා. කොහොම උනත් බලන්නකෝ ඔයාටත් ඔයාගේ අදරේදී මේ වගේ දේවල් දැනෙනවද කියලා. මේ දේවල් ඔබට දැනෙනවා නම් ඇත්තටම හොඳයි ඔබ ඔබේ ආදරේ රැක ගන්න උත්සහ කරනවාට වඩා අත් හරින්න හිත හදාගන්න එක.

1. සබඳතාවය ගැන ඔබට කිසිම සතුටක් දැනෙන්නේ නැති නම්

ඔබ නිතරම ඉන්නේ ඔබේ සබදතාවය ගැන අසතුටින් නම්, ඔබට ඔබේ සබඳතාවය නිසා දැනෙන්නේ දැඩි මානසික පීඩනයක් නම්, ඔබම කල්පනා කරලා බලන්නකෝ මේ සබඳතාවය තව දුරටත් පවත්වාගෙන යන එකේ තේරුම මොකක්ද කියලා. අපි ජීවිතේ හැම උත්සාහයක්ම දරන්නේ සතුටින් කාලය ගත කරන්න. ඉතින් ඔබේ සබඳතාවය නිසා ඔබට දැනෙන්නේ අසතුටක් නම් ඔබ හොයන ජිවිතේ සතුට ඔබට කිසිම දවසක ලබාගන්න බැරි වේවි.

2. ඔහුත් සමඟ ඉන්න විට ඔබට ඔබ වෙන්න බැරි නම්

ඔහුත් එක්ක ඉන්න විට ඔබට කැමති විදිහට ඉන්න බැරි නම්, ඔහු සතුටු කරන්න ඔබට වෙනස් කෙනෙක් වෙන්න සිදු වෙනවා නම්, ඔබේ හැගීම් ඔබට සඟවා ගන්න සිදු වෙනවා නම්, ඔබට කවදාවත්ම බැහැ ඔහුත් සමඟ සතුටින් ජීවිතය ගත කරන්න. ඔබට හැමදාමත් ජීවත් වෙන්න සිදු වෙන්නේ ඔහුට අවශ්‍ය විදිහට.

3. ඔබව අනවශ්‍ය විදිහට පාලනය කරන්න උත්සහ කරනවා නම්

ඔහු ඔබ කරන්න ඕනේ දේවල් වගේම කරන්න ඕනේ නැති දේවලුත් තීරණය කරනවා නම්, ඔබට කිසිම දෙයකට නිදහසක් ලබාදෙන්නේ නැතිනම්, ඔබව නිතරම සැක කරමින් ඔබේ හැම දෙයක් ගැනම හොයනවා නම්, ඔහු කවදාවත්ම ඔබට ජීවිතයේ සතුටින් ඉන්න අවස්ථාවක් ලබාදෙන්නේ නම් නැහැ .

4. ඔබට ඔබ තනිවෙලා කියලා දැනෙනවා නම්

හිතන්න ඔහු ඔබට මිතුරන් පවුලේ අය සමග ගත කරන්න කාලයක් ලබාදෙන්නේ නැති නම්, ඔබ කැමති රැකියාවක් කරන්න දෙන්නේ නැති නම්, මේ නිසා ඔබට දැනෙනවා නම් ඔබ තනි වෙලා කියලා ඔහු වෙනුවෙන් තවත් කාලය නාස්ති නොකර තීරණයක් ගන්න.

5. ඔහු ඉරිසියා කාරයෙක් නම්

හිතන්න ඔහු ඔබ ගැන විතරක් නෙවෙයි අනිත් අය කරන කියන දේවල් ගැනත් ඉන්නේ ඉරිසියාවකින් නම්, ඔහු ඇත්තටම ඔබට ගැලපෙන කෙනෙක් නෙවෙයි. මොකද ඔහුට හිතේ කිසිම ඉරිසියාවක් නැතුව ඔබව අගය කරන්න පුළුවන් නම් විතරයි ඔහුට පුළුවන් වෙන්නේ ඔබව සතුටින් තියන්න.

6. ඔබව හෑල්ලුවට ලක් කරනවා නම්

ඔහු ඔබ ලබාගන්න ජයග්‍රහණ ගැන කිසිම තැකීමක් කරන්නේ නැති නම්, ඔබව අනිත් අය ඉදිරියේ අපහසුතාවයට පත් කරනවා නම්, ඔහු කවදාවත් ඔබට ජීවිතයේ ඉදිරියට යන්න සහය ලබා දෙන්නේ නැහැ. මේ නිසා ඔහු ගැන ඉක්මනින් තීරණයක් ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 411 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:26:52 AM
Script:/article/411/6-signs-to-end-the-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:26:52 AM
Script:/article/411/6-signs-to-end-the-relationship.html