ආදරය වැඩි හිත රිදීම් අඩු සබදතාවක් ගොඩනගා ගැනීමට උපදෙස් 7ක්

March 11, 2017
24,799
7 ways to Get rid of Pain in Your Relationship Right Now
සබදතාවකදි හිත රිදීම් ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත් මේ හිත රිදීම් සම්බන්ධතාවය බිදීයාම දක්වා දුරදිග යන ප්‍රවණතාවය අද සමාජයේ වැඩියි. අප තූලම ඇති යම් යම් අතපසු වීම් හා දුර්වලතාවයන් නිසා තමයි පොඩි දෙයක් පවා වෙන්වීමක් දක්වා දුරදිග යන්නේ. හිත රිදීම් අඩු කරගෙන තම සබදතාවය ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යන්න උපදෙස් ටිකක් තමයි මේ කියන්න හදන්නේ.

1. පාලනය අතහරින්න

තම සබදතාවය ආරක්ෂා කර ගැනීම සදහා ඔබ නොදැනුවත්වම තම සහකරුව තම පාලනය යටතට ගන්න හදනවා වෙන්න පුලුවන්. නමුත් යහපත් සතුටුදායක සබදතාවක් පවත්වා ගැනීමට නම් ඔබ මුලින්ම ඔහුව පාලනය කරන්න යෑමෙන් වැළකිය යුතුයි. ඕනෑවට වඩා කරන්න යන පාලනයෙන් ඔහුගේ පමණක් නොව ඔබේ හිතද රිදෙන්න ඇති අවස්ථාව වැඩියි.

2. හැඟීම් ගැන සැලකිලිමත් වන්න

ආදරය වැඩි හිත රිදීම් අඩු සබදතාවක් ඔබට අවශ්‍ය නම් ඔබ සැමවිටම තම සහකරුගේ හිතේ ඇතිවන හැඟීම් පිලිබද සැලකිලිමත් විය යුතුයි. මතක තබාගන්න ඔබට කිසිවෙකුගේ හිත කියවන්න බෑ වගේම ඔබේ සහකරු කියන්නෙත් වෙන් වූ තනි සත්වයෙක්. ඔහුටත් ඔහුගේම ස්වකීය සංකල්පනා අදහස් තිබෙනවා. ඔබ ඔහුව කාලයක සිට දන්නවා කියන්නේ ඔහුගේ සියලු අවශ්‍යතාවයන් ඔබ හදුනනවා කියලා ඔබ උපකල්පනය කරගන්න එපා.

3. විවෘත මනසක් සාදාගන්න

ඔබගේ අභිමතාර්ථ අදහස් බලාපොරොත්තු වැනි සියලු දේවල් ඔබ ඔබේ සහකරු සමග බෙදා ගන්නවා වෙන්න පුලුවන්. නමුත් ඔහුත් ඒ වගේම විය යුතුයි කියලා අපේක්ෂා කරන්න එපා. මම එහෙම වුනාට එයා එහෙම නෑනේ කියලා ගැටුම් ඇතිකර ගන්න එපා. ඒ වගේම ඔහුගේ එම විදිහ ඔබ වෙනස් කරන්න හදන්නත් එපා. සමහර අවස්ථාවන්හීදි ඔහුට ඇති හැඟීම් නිගමනයන් ඔබ හිතන විදියට වඩා වෙනස් වෙන්න පුලුවන්. ඒ වෙනසට ඔබ විවෘත වූ මනසක් ඇතිකර ගතයුතු අතර ඔහුගේ මතයන් වලටද ගරුකල යුතුයි.

4. සහයෝගය පුදකරන්න

ඔබ සැමවිටම ඔබේ සහකරුගේ කාර්යයන් සදහා සහයෝගය දිය යුතුයි. ඔහුගේ පැත්තෙහි සිට ඔහුව ධෛර්යමත් කල යුතුයි. පරාර්ථකාමීව ඔහුගේ සතුට ගැන ඔබ සැලකිලිමත් වන බව මෙන්ම ඔහුගේ මුහුණට සිනහවක් උපදවන්න ඔබ ඔබේ සියලු සහය ලබාදෙන බව ඔහුට පෙන්විය යුතුයි.

5. ප්‍රිය උපදවන කදිම දෙයක් දිනපතා කියන්න/කරන්න

ඔබ කෙතරම් කාර්යබහුල වුවත් ඔබේ සහකරුට ප්‍රිය උපදවන දෙයක් දිනපතා කරන්න හෝ කියන්න වෑයම් කරන්න. කිසිවිටකත් ඔහුව නොසලකා හරින්න එපා. ඔහුව අගය කොට සලකන්න. එවිට ඔහුද ඔබව අගය කරනු ඇත. ආදරණීයව දයාබරත්වයෙන් සෑම දිනකම ඔහු වෙනුවෙන් යමක් කරමින් හෝ කියමින් ඔහුව ඔබට කෙතරම් සුවිශේෂිද යන්න පසක් කර දෙන්න.

6. වෙනස්වීම් වලට ඉඩ දෙන්න

ආදරය වැඩි රිදීම් අඩු සබදතාවක් ගොඩනැගීමට නම් වෙනස්වීම් වලට බිය වෙන්න එපා. මන්ද කාලය ගත වීමත් සමග ජීවිතේ නොයෙක් අත්දැකීම් ලබමින් හැලහැප්පීම් වලට මුහුණ දෙමින් අපි වයසට යනවා. ඒ දේවල් සමග අපගේ යම් යම් අදහස් තීරණ අපි නොසිතන විදියට වෙනස් කරගන්න සිද්ද වෙනවා. එම වෙනසට අවකාශය ලබා දෙමින් ඉදිරියට යා යුතුයි.

7. වැඩියෙන් බෙදාගන්න

ඔබේ සබදතාවය තුල දැඩි ඇගලුම් කමක් වර්ධනය කරගන්න නම් ඔබේ සහකරු සමග නිදැල්ලේ අදහස් හුවමාරු කරගත යුතුයි. ඔබගේ ප්‍රාර්ථනා සිහින බලාපොරොත්තු වැරදීම් එපමණක් නොව සැකයන් චකිතයන් පවා ඔහු සමග බෙදාගනිමින් ඔහුට ඔබ වෙනුවෙන් සිටීමට ඉඩ හරින්න. ඒ වගේම සබදතාවක් සමග ඉදිරියට යෑමේදි අපි සැමවිටම දේවල් ඉගෙනගන්නවා නැත්නම් අත්දැකීමි ලබාගන්නවා. ඒ නිසා යම් යම් වැරදීම් හා අසමත්වීම් වලට බියවෙන්න එපා. වැරදීම් තමයි නිරතුරුවම ඔබේ හොදම ගුරුවරයා වෙන්නේ.

අවංක සත්‍යවාදි සබදතාවක් ගොඩනගා ගෙන දෙදෙනාටම සතුටෙන් සිටීමට මේ දේවල් හේතුවක් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   45,201
   29

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Symptoms to say you are pregnant
   43,601
   28

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
How to reduce under arm sweating
   6,406
   27

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Changes in your body if you consume cod-liver oil daily
   92,007
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to get vitamin E for healthy skin and hair
   31,653
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed