රුව වඩවා නිරෝගීව ඉන්න ඕන නම් රට ඉඳි කන්න

October 20, 2018
19,874
Eat dates for better health and beauty
රට ඉඳි කියන්නේ කොයි කා අතරත් ජනිප්‍රිය පළතුරක් කියලා ඔයා දන්නවානේ. මිලෙන් වගේම ගුණයෙන් ඉහළ රට ඉඳි ඔයා ආහරයට ගත්තොත් ඔයාගේ රුව ලස්සන වඩවා ගන්න වගේම නිරෝගීමත්ව ඉන්නත් පුළුවන්. රටඉඳි වල ගුණය එහෙමත් නැත්තම් පෝෂණය ඔයා හරියට දැනගෙන ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න අමතර පෝෂක කොටස් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. රසවත් පළතුරක් වන රටඉඳිවල ඔයාගේ සිරුර නිරෝගීව තියා ගන්න උදව් වෙන ග්ලූකෝස්, සුක්රෝස් සහ ෆෘක්ටෝස් ඇතුළු පෝෂක සංඝටක රැසක් අන්තර්ගත වෙනවා. අද Hadakari අපි ඔයාට කියලා දෙන්නේ රටඉඳි කාලා ඔයාට අත්පත් කර ගන්න පුළුවන් වාසී කිහිපයක් සම්බන්ධව. ඔයා මේ ලිපිය කියවලා ගුණය දැනගෙන රට ඉඳි කාලා බලන්නකෝ.

ඔයාගේ සිරුරේ කොලෙස්ටරෝල් පාලනය කරනවා

අවිධිමත් ආහාර රටාව නිසා අද ගොඩක් දෙනෙක් පීඩා විඳින ගැටලුවක් තමයි සිරුරේ කොලෙස්ටරෝල් වැඩි වීම. ඔයාට දැනටමත් කොලෙස්ටරෝල් තියෙනවා නම් ඔයාට ආහාර රටාව පාලනය කරන්න වෙලා ඇති. ඉතිං කොලෙස්ටරෝල්වලට හොඳ විසදුමක් තමයි රටඉඳි කියන්නේ. රටඉඳිවල මේදය අඩංගු වෙන්නේ අඩුවෙන්. ඒ නිසා ඔයාගේ හෘදයට අහිතකර වෙන්නේත් නෑ. ඔයා දිනපතා ආහාර වේලට රටඉඳි එකතු කර ගත්තොත් ඔයාගේ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටමද අඩු කර ගත හැකියි.

ප්‍රෝටීන් බහුල ආහාරයක්

රටඉඳි කියන්නේ ප්‍රෝටීන් යහමින් අන්තර්ගත පළතුරක්. ඔයාගේ මාංශපේශීවල ශක්තිමත් බවට වගේම අස්ථීවල ශක්තිමත් බවට රටඉඳි ඉතාමත් ගුණ දායකයි. ඔයා දිනපතා ව්‍යායාම්වල නිරත වෙනවා නම් දිනකට දෙවරක් විතර රටඉඳි ආහාරයට ගන්න. මොකද ව්‍යායාම කිරීම මගින් ඔයාගේ සිරුරෙන් දහනය වෙන කැලරි වඩවනවා රටඉඳි ආහාරයට ගැනීමෙන්.

ඔයාගේ සිරුරට අවශ්‍ය විටමින් සපයනවා

ඔයා රටඉඳි ආහාරයට ගත්තොත් ප්‍රෝටීන් විතරක් නෙමෙයි විටමින්ද යහමින් ලබාගත හැකියි. රටඉඳිවල විටමින් B1, B2, B3 සහ B5 වැනි විටමින් වර්ග අන්තර්ගත වෙනවා. ඒ වගේම විටමින් A1 සහ C‍ වැනි විටමින් වර්ග ඔයාගේ සිරුරට අවශ්‍ය ශක්තිය නොඅඩුව ලබා දෙනවා. අද ගොඩක් දෙනෙක් අමතර විටමින් ලබා ගන්නවානේ. ඔයා රටඉඳි ආහාරයට ගත්තොත් ඔයාට අමතරව විටමින් අමුතුවෙන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුලින් කිව්වා වගේ ඔයාට ග්ලූකොස්, සුක්රෝස් සහ ෆෘක්ටෝස් වැනි ස්වභාවික සීනි අන්තර්ගත වෙනවා. ඒ නිසා ඔයාග් දෛනික ආහාර වේලට ගුණයෙන් පිරි රටඉඳි එකතු කර ගන්න අමතක කරන්න එපා.

ඔයාගේ අස්ථීවල සෞඛ්‍යය සම්පන්න බවට ඉතාමත් වැදගත්

ගැහැණු පිරිමි භේදයකින් තොරව අද ලොකු කුඩා කවුරුත් පීඩා විඳින දෙයක් තමයි අස්ථීවල සෞඛ්‍යය සම්පන්න බවෙන් තොර වීම. මොකද අද ගොඩක් දෙනෙක්ට අස්ථී සම්බන්ධ ගැටළු තියෙනවා.
උදාහරණයක් විදිහට ඔයා මෙහෙම හිතන්නකෝ ඔස්ටියෝපොරෝසිස් අස්ථී රෝගයෙන් අද කී දෙනෙක් නම් පීඩා විඳිනවාද? ඉතිං මේවාට විසඳුම් හොයන්න පුළුවන් රටඉඳිවලින්. රටඉඳි කියන්නේ ඔයාගේ අස්ථීවල නිරෝගී බවට ඉතා ගුණ ආහාරයක්. මොකද රටඉඳිවල සෙලේනියම්, මැග්නීසියම් සහ තඹ යන පෝෂණ සංඝටකවලින් පරිපුර්ණයි.

ඔයාගේ ස්නායු පද්ධතිය ක්‍රමවත් කරනවා

මුලින් ඔයාට අපි කිව්වා මතක ඇති රටඉඳි ඔයාග් සිරුරේ කොලෙස්ටරෝල් පාලනය කරනවා කියලා. රටඉඳිවලට පොටැසියම් වගේම සෝඩියම් යහමින් අන්තර්ගත වන නිසා ඔයාගේ ස්නයු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගත හැකියි. රුධිර සංසරණය ක්‍රමවත් කරනවා විතරක් නෙමෙයි ඔයාට නිරෝගී මනසකින් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දෙනවා.

රටඉඳිවල යකඩ අන්තර්ගතයි

ගොඩක් දෙනෙක් අද පෙළෙන ඌනතාවක් තමයි යකඩ ඌනතාව. මේ ඌනතාව ඇති වුණාට පස්සේ ගොඩක් අය අමතර යකඩ පෙති ගන්නනවා කියලා ඔයා දන්නවානේ. ඔයාට යකඩ ඌනතාවක් තියෙනවා නම් තවත් හිත හිත ඉන්නේ නැතුව රටඉඳි කන්න. ඔයා රටඉඳි ආහාරයට ගැනීමෙන් ඔයාගේ දත් නිරෝගිව පවත්වා ගන්න උපකාරී වෙනවා. යකඩ ඌනතාව අවම කරගත් විට ඔයාට හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ වේදනාව වගේම රුධිරය පිරිසිදු කිරිම වැනි ප්‍රතිඵල රැසක් ලබාගත හැකියි.

ලස්සන වෙන්න ඕන නම් රටඉඳි කන්න

ලස්සන වෙන්න ඔයා නොකරන දෙයක් නැති තරම්නේ. ඉතිං ඔයා රට ඉඳි කෑවොත් ලස්සන වෙන්න විතරක් නෙමෙයි ඔයාට දිදුලන නිරෝගී සමක් ලබාගත හැකියි. රට ඉඳිවල අන්තර්ගත විටමින් C, D ඔයාගේ සම සිනිඳු බවට පත් කරනවා. ඔයා සම ආශ්‍රි‍තව යම් ගැටළුකාරී තත්ත්වයකින් පීඩා විඳිනවා නම් ඒවා මගහරවා ගැනීමටත් හැකියාව තියෙනවා රටඉඳි වලින්. විශේෂයෙන් ඔයාගේ සමේ අඳුරු පැහැයට හේතු වෙන මෙලනින් අඩු කිරීමේ හැකියාව රට ඉඳිවලට තියෙනවා. ඉතිං ඔයාට ලස්සන වෙන්න ඕන නම් පමා වෙන්නේ නැතුව රටඉඳි කන්න.

රට ඉඳි කාලා ඔයාගේ සිරුරේ බර වැඩි කර ගන්නත් අඩු කරගන්නත් පුළුවන්

සිරුර කෙට්ටු අයට තියෙන ප්‍රබල ගැටළුවක් තමයි මොනවා කෑවත් මහත් වෙන්නේ නෑ කියන එක. රටඉඳි කියන්නේ ප්‍රෝටීන් වගේම විටමින් බහුල පළතුරක්. ඔයා රට ඉඳි 6කට වඩා දෛනික ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරේ බර වැඩි කරගන්න පුළුවන්.

ඒ වගේම රට ඉඳි 2ක් 3ක් දිනපතා ආහාරයට ගත්තොත් එහි ඇති තන්තු සහ ප්‍රොටීන් මගින් ශරීරයේ බර අඩු කරන්න ලොකු උදව්වක් කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1131 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:20:45 PM
Script:/article/1131/eat-dates-for-better-health-and-beauty.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:20:46 PM
Script:/article/1131/eat-dates-for-better-health-and-beauty.html