රුව වඩවා නිරෝගීව ඉන්න ඕන නම් රට ඉඳි කන්න

October 20, 2018
21,119
Eat dates for better health and beauty
රට ඉඳි කියන්නේ කොයි කා අතරත් ජනිප්‍රිය පළතුරක් කියලා ඔයා දන්නවානේ. මිලෙන් වගේම ගුණයෙන් ඉහළ රට ඉඳි ඔයා ආහරයට ගත්තොත් ඔයාගේ රුව ලස්සන වඩවා ගන්න වගේම නිරෝගීමත්ව ඉන්නත් පුළුවන්. රටඉඳි වල ගුණය එහෙමත් නැත්තම් පෝෂණය ඔයා හරියට දැනගෙන ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න අමතර පෝෂක කොටස් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. රසවත් පළතුරක් වන රටඉඳිවල ඔයාගේ සිරුර නිරෝගීව තියා ගන්න උදව් වෙන ග්ලූකෝස්, සුක්රෝස් සහ ෆෘක්ටෝස් ඇතුළු පෝෂක සංඝටක රැසක් අන්තර්ගත වෙනවා. අද Hadakari අපි ඔයාට කියලා දෙන්නේ රටඉඳි කාලා ඔයාට අත්පත් කර ගන්න පුළුවන් වාසී කිහිපයක් සම්බන්ධව. ඔයා මේ ලිපිය කියවලා ගුණය දැනගෙන රට ඉඳි කාලා බලන්නකෝ.

ඔයාගේ සිරුරේ කොලෙස්ටරෝල් පාලනය කරනවා

අවිධිමත් ආහාර රටාව නිසා අද ගොඩක් දෙනෙක් පීඩා විඳින ගැටලුවක් තමයි සිරුරේ කොලෙස්ටරෝල් වැඩි වීම. ඔයාට දැනටමත් කොලෙස්ටරෝල් තියෙනවා නම් ඔයාට ආහාර රටාව පාලනය කරන්න වෙලා ඇති. ඉතිං කොලෙස්ටරෝල්වලට හොඳ විසදුමක් තමයි රටඉඳි කියන්නේ. රටඉඳිවල මේදය අඩංගු වෙන්නේ අඩුවෙන්. ඒ නිසා ඔයාගේ හෘදයට අහිතකර වෙන්නේත් නෑ. ඔයා දිනපතා ආහාර වේලට රටඉඳි එකතු කර ගත්තොත් ඔයාගේ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටමද අඩු කර ගත හැකියි.

ප්‍රෝටීන් බහුල ආහාරයක්

රටඉඳි කියන්නේ ප්‍රෝටීන් යහමින් අන්තර්ගත පළතුරක්. ඔයාගේ මාංශපේශීවල ශක්තිමත් බවට වගේම අස්ථීවල ශක්තිමත් බවට රටඉඳි ඉතාමත් ගුණ දායකයි. ඔයා දිනපතා ව්‍යායාම්වල නිරත වෙනවා නම් දිනකට දෙවරක් විතර රටඉඳි ආහාරයට ගන්න. මොකද ව්‍යායාම කිරීම මගින් ඔයාගේ සිරුරෙන් දහනය වෙන කැලරි වඩවනවා රටඉඳි ආහාරයට ගැනීමෙන්.

ඔයාගේ සිරුරට අවශ්‍ය විටමින් සපයනවා

ඔයා රටඉඳි ආහාරයට ගත්තොත් ප්‍රෝටීන් විතරක් නෙමෙයි විටමින්ද යහමින් ලබාගත හැකියි. රටඉඳිවල විටමින් B1, B2, B3 සහ B5 වැනි විටමින් වර්ග අන්තර්ගත වෙනවා. ඒ වගේම විටමින් A1 සහ C‍ වැනි විටමින් වර්ග ඔයාගේ සිරුරට අවශ්‍ය ශක්තිය නොඅඩුව ලබා දෙනවා. අද ගොඩක් දෙනෙක් අමතර විටමින් ලබා ගන්නවානේ. ඔයා රටඉඳි ආහාරයට ගත්තොත් ඔයාට අමතරව විටමින් අමුතුවෙන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුලින් කිව්වා වගේ ඔයාට ග්ලූකොස්, සුක්රෝස් සහ ෆෘක්ටෝස් වැනි ස්වභාවික සීනි අන්තර්ගත වෙනවා. ඒ නිසා ඔයාග් දෛනික ආහාර වේලට ගුණයෙන් පිරි රටඉඳි එකතු කර ගන්න අමතක කරන්න එපා.

ඔයාගේ අස්ථීවල සෞඛ්‍යය සම්පන්න බවට ඉතාමත් වැදගත්

ගැහැණු පිරිමි භේදයකින් තොරව අද ලොකු කුඩා කවුරුත් පීඩා විඳින දෙයක් තමයි අස්ථීවල සෞඛ්‍යය සම්පන්න බවෙන් තොර වීම. මොකද අද ගොඩක් දෙනෙක්ට අස්ථී සම්බන්ධ ගැටළු තියෙනවා.
උදාහරණයක් විදිහට ඔයා මෙහෙම හිතන්නකෝ ඔස්ටියෝපොරෝසිස් අස්ථී රෝගයෙන් අද කී දෙනෙක් නම් පීඩා විඳිනවාද? ඉතිං මේවාට විසඳුම් හොයන්න පුළුවන් රටඉඳිවලින්. රටඉඳි කියන්නේ ඔයාගේ අස්ථීවල නිරෝගී බවට ඉතා ගුණ ආහාරයක්. මොකද රටඉඳිවල සෙලේනියම්, මැග්නීසියම් සහ තඹ යන පෝෂණ සංඝටකවලින් පරිපුර්ණයි.

ඔයාගේ ස්නායු පද්ධතිය ක්‍රමවත් කරනවා

මුලින් ඔයාට අපි කිව්වා මතක ඇති රටඉඳි ඔයාග් සිරුරේ කොලෙස්ටරෝල් පාලනය කරනවා කියලා. රටඉඳිවලට පොටැසියම් වගේම සෝඩියම් යහමින් අන්තර්ගත වන නිසා ඔයාගේ ස්නයු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගත හැකියි. රුධිර සංසරණය ක්‍රමවත් කරනවා විතරක් නෙමෙයි ඔයාට නිරෝගී මනසකින් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරලා දෙනවා.

රටඉඳිවල යකඩ අන්තර්ගතයි

ගොඩක් දෙනෙක් අද පෙළෙන ඌනතාවක් තමයි යකඩ ඌනතාව. මේ ඌනතාව ඇති වුණාට පස්සේ ගොඩක් අය අමතර යකඩ පෙති ගන්නනවා කියලා ඔයා දන්නවානේ. ඔයාට යකඩ ඌනතාවක් තියෙනවා නම් තවත් හිත හිත ඉන්නේ නැතුව රටඉඳි කන්න. ඔයා රටඉඳි ආහාරයට ගැනීමෙන් ඔයාගේ දත් නිරෝගිව පවත්වා ගන්න උපකාරී වෙනවා. යකඩ ඌනතාව අවම කරගත් විට ඔයාට හුස්ම ගැනීමේ අපහසුතාව, පපුවේ වේදනාව වගේම රුධිරය පිරිසිදු කිරිම වැනි ප්‍රතිඵල රැසක් ලබාගත හැකියි.

ලස්සන වෙන්න ඕන නම් රටඉඳි කන්න

ලස්සන වෙන්න ඔයා නොකරන දෙයක් නැති තරම්නේ. ඉතිං ඔයා රට ඉඳි කෑවොත් ලස්සන වෙන්න විතරක් නෙමෙයි ඔයාට දිදුලන නිරෝගී සමක් ලබාගත හැකියි. රට ඉඳිවල අන්තර්ගත විටමින් C, D ඔයාගේ සම සිනිඳු බවට පත් කරනවා. ඔයා සම ආශ්‍රි‍තව යම් ගැටළුකාරී තත්ත්වයකින් පීඩා විඳිනවා නම් ඒවා මගහරවා ගැනීමටත් හැකියාව තියෙනවා රටඉඳි වලින්. විශේෂයෙන් ඔයාගේ සමේ අඳුරු පැහැයට හේතු වෙන මෙලනින් අඩු කිරීමේ හැකියාව රට ඉඳිවලට තියෙනවා. ඉතිං ඔයාට ලස්සන වෙන්න ඕන නම් පමා වෙන්නේ නැතුව රටඉඳි කන්න.

රට ඉඳි කාලා ඔයාගේ සිරුරේ බර වැඩි කර ගන්නත් අඩු කරගන්නත් පුළුවන්

සිරුර කෙට්ටු අයට තියෙන ප්‍රබල ගැටළුවක් තමයි මොනවා කෑවත් මහත් වෙන්නේ නෑ කියන එක. රටඉඳි කියන්නේ ප්‍රෝටීන් වගේම විටමින් බහුල පළතුරක්. ඔයා රට ඉඳි 6කට වඩා දෛනික ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරේ බර වැඩි කරගන්න පුළුවන්.

ඒ වගේම රට ඉඳි 2ක් 3ක් දිනපතා ආහාරයට ගත්තොත් එහි ඇති තන්තු සහ ප්‍රොටීන් මගින් ශරීරයේ බර අඩු කරන්න ලොකු උදව්වක් කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,590
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,498
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,011
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   71,003
   23

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed