එකම ආහාරයකින් භයානක රෝග රැසකින් ආරක්ෂා වෙන්න

March 2, 2018
15,543
Be healthy with one vegetable
බීට්රූට් එහෙමත් නැත්තන් රතු අල කියන්නේ අපි හැමෝම හරි අසාවෙන් ආහාරයට ගන්න එළවළුවක්. ඒ වගේම එහි රතු පැහැයට විශේෂයෙන් පොඩි දරුවෝ  ප්‍රිය කරනවා. පැහැය රසය වගේම බීට්රූට් කියන්නේ ඉතාමත් ගුණදායක ආහාරයක්. එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථයන් මොනවද කියලා දැන ගත්තොත් ඔයත් අනිවාර්යෙන් ඒකට එකඟ වෙයි. ඒ වගේම ලෙඩ රෝග රැසකට ගුණය දෙන්නත් මේ බීට්රූට් වලට පුළුවන්.

කාබෝහයිඩ්රේට් 
ප්‍රෝටීන්
තන්තු 
විටමින් A 
විටමින් C 
විටමින් E 
විටමින් K 
සෝඩියම් 
පොටෑසියම් 
කැල්සියම්
තඹ
යකඩ 
මැග්නීසියම් 
මැංගනීස් 
සින්ක්  

කියන පෝෂ්‍ය පදාර්ථයන් රැසකින් බීට්රූට්  සමන්න්විතයි. මේ පෝෂ්‍ය පදාර්ථයන් සියල්ලක්ම මෙන්න මේ කියන රෝගාබාධ වලට ගුණ දෙන්න සමත් වෙනවා.

1. මලබද්ධය නිසා පීඩා විඳින අයට බීට්රූට්  කියන්නේ හොඳ විසඳුමක්. සතියට දින දෙක තුනක් වත් ආහාරයට එකතු කර ගැනීමෙන් මල බද්ධය හා ඒ නිසා ඇති වන අපහසුතාවයන් වලින් සහනය ලබා ගන්න පුළුවන්.

2. බීට්රූට් හ රුධිර පීඩනය අතර සම්බන්ධය දැන ගැනීමට ඉතා වැදගත්. අධි රුධිර පීඩනයෙන් පෙළෙන  අයෙක් බීට්රූට් යුෂ සති හතරක් පමණ පානය කිරීමෙන්  රුධිර පීඩනය අඩු කර ගැනීමට හැකියාව තියෙනවා. එහි ඇති පෝෂණ ගුණයන්ට රුධිර වාහිනී පුළුල් කිරීමේ හැකියාව තියෙනවා. එම නිසා රුධිර පීඩනයෙන් බේරෙන්න තියෙන හොඳ විසඳුමක්.

3. ඒ වගේම රුධිර සංසරණය ක්‍රමවත් කරමින් හදවත සුරැකීමේ හැකියාව බීට්රූට් වලට තියෙනවා.  හෘද රෝග වැළැක්වීමට මෙය උදවු වෙනවා.

4. තුවාල සුව කිරීමේ අපූරු ගුණයක් බීට්රූට් වල අඩංගු නිසා තුවාල, ආසාදන වලින් සහනය ලබා ගන්නත් පුළුවන්.

5. දිරවීමේ අපහසුතාවයන් ඇති වුනු විට ඒ තත්ත්වය අවම කර ගන්න වගේම අජීර්ණයන්ට ගුණදායකයි.

6. පිළිකා නැසීමේ විශිෂ්ට ගුණයක් මේ අහාරයට තියෙනවා. පෙනහළු හා සම ආශ්‍රිත පිළිකා වැළැක්වීම සඳහා බීට්රූට් උපකාරී වෙන අතරම බීට්රූට් යුෂ ලියුකේමියාවටත් ප්‍රතිකාරයක්. ශරීරයේ විෂ නැසීමටත් යෝග්‍යයි.

7. නීරක්තතාවයෙන් පෙළෙන අයට ඒ කියන්නේ රක්ත හීනතාවය නිසා ඇති වන රෝගාබාධ වලට බිට්රූට් හොඳ විසඳුමක්. ඒ වගේම අක්මාව, වකුගඩු ආරක්ෂා කරනවා.

8. රුධිර ගත සීනි  මට්ටම අවම කරමින් දියවැඩියාවෙන් ඔබව ආරක්ෂා කරන අතරම, මොලයේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරනවා. විවධ ආසාදන හා බෝ වන රෝග එක්කත් සටන්  කරනවා.

9. අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරනවා. ඒ වගේම බීට්රූට් වල ඇති පෝෂණ ගුණයන් ගර්භනී මව්වරුන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. විශේෂයෙන් එහි අඩංගු ෆෝලික් අම්ලය මවරුන්ට අත්‍යාවශ්‍ය ෆෝලික් අම්ල අවශ්‍යතාවය සම්පුර්ණ කරනවා.

10. අතීසාරය රෝගයට , දෙපාවල නහර ගැටගැසීම වැළැක්වීමට, දත් දෙපළ  ශක්තිමත් කර ගැනීමට හා අස්ථි පද්දතිය රැක ගැනීමට, ආතරයිටිස් රෝගයෙන් ආරක්ෂා වෙන්නත් එය ඔබට උදවු කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 684 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:00 AM
Script:/article/684/be-healthy-with-one-vegetable.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:41:00 AM
Script:/article/684/be-healthy-with-one-vegetable.html