දිර්ඝකාලින සම්බන්ධතාවයක රහස මේකයි

June 3, 2018
13,269
Secret of a life long relationship
සම්බන්ධතා නම් විවිධාකාරයි. අපි එක් එක්කෙනා අතර පවතින සම්බන්ධතාවයේ ස්වභාවය අනුව අපි ඒවට විවිධාකාර නම් දෙනවා. අද මේ කියන්නේ ආදර සම්බන්ධතාවයක් කොහොමද ප්‍රශ්නයක් නැතුව දීර්ඝ කාලයක් පවත්වා ගන්නේ කොහොමද කියන එක ගැන. අනිත් සම්බන්ධතා වගේ නෙමෙයි ආදර කතා. ආදර කතාවක් කාලයක් පවත්වාගෙන යනවා කියන එක මාරම ගේමක්. අදර කතාව විවාහයෙන් කෙලවර නොවී ජිවිත කාලෙම ආදරෙන් ඉන්න මෙන්න මේ කියන පොඩ පොඩි රහස් වැදගත් වෙයි.

වගකීම්

ආදර සම්බන්ධතාවයක වගකීම තියෙන්නේ දෙන්නටම තමයි. හැබැයි ගොඩක් වෙලාවට ගෑණු ළමයි කැමතියිනේ තමන්ගේ සහකරු වැඩියෙන් වගකීම් සහගත වෙනවට. ඉතින් කසාද බඳිනවා කියලා තීරණේ කළාට පස්සේ ඔහු අනාගතේ ගැන දෙන්නගේ තියෙන සැලසුම් ක්‍රියාත්මක කරන්න මුල පුරනවට ගෑණු ළමයා කැමතියි. විවාහයෙන් පස්සේ දෙන්නගේ ජීවිතේ ගැන සැලසුම් කිරීම සම්බන්ධයෙන් සහකරු වැඩි වගකීමක් ගන්න එක ගොඩක් වටිනවා. හැබැයි හැම තිස්සෙම එකිනෙකාට ශක්තියක් වෙන්න ඕන කියන එක අමතක කරන්න එපා.

ආදරේ පිවිතුරු බව රැක ගන්න

හැමදාම දෙන්න අතරේ ප්‍රශ්නනම්, විශ්වාසය බිඳ වැටිලා නම්, ඒ සම්බන්ධෙ නිසා සතුටට වඩා ඔයා විඳින්නේ දුකක් නම් ඒ බැඳීම ගැන ඔයා අනිවාර්යෙන් කලකිරෙනවා, එපා වෙනවා. දවසින් දවස ආදරේ තියෙන පිවිතුරු බව නැති වෙලා යනවා. එනිසා ප්‍රශ්න ඈති වුනහම ඒවා දුර දිග ගෙනියන්නේ නැතුව කතා බහ කරලා විසඳ ගන්න. ඒ වගේම ඉවර කරපු ප්‍රශ්න ආයෙත් විටින් විට ඇදලා ගන්න එපා. කුණු අවිස්සුවොත් ගඳ ගහනවා විතරයි. හැම දවසක්ම ඔයාලට අලුත් දවසක් කරගන්න.

ඉවසීම

පවුල් ජිවිතයක් තුල ඉවසීම පුරුදු කරනවා කියන එකත් හරිම අමාරු දෙයක්. ඉවසීම පවුල් ජිවිතයක් පවත්වාගෙන යන්න ඕනමයි. ගොඩක් දෙනෙක් ළඟ නැත්තෙත් මේ දේ. ඒත් අනිවාර්යෙන් පුරුදු කර ගත යුතු වන්නේත් ඉවසීම. මොකද එකිනෙකා අතින් වෙන පොඩි පොඩි වැරදීම්, අතපසුවීම්, අමතකවීම් වලට ප්‍රශ්න ඇති කර ගත්තොත් හැමදාම ප්‍රශ්න එක්ක තමයි ජිවත් වෙන්න වෙන්නේ. ඒ නිසා ඉවසන එක හැමදේටම වඩා ඇඟට ගුණයි.

යතාර්ථවාදී වන්න

ජිවිතේ දිහා වගේම සබන්ධතාවය දිහාත් යථාර්තවදිව බලන්න පුරුදු වෙන්න. ඔයාල අතරේ තියෙන සතුට වැඩි වෙන්නත්, දිගු කාලයක් එය පවතින්නත් යථාර්තවාදී වීම වැදගත් වෙනවා. ආදරේ කරන්න පටන් ගත්ත මුල් කාලේදී අපි කරන්නේ කියන්නේ හරිම බොළඳ වැඩ. හිතන්නෙත් ඒ විදියට. හැබැයි හැමදාමත් බොළඳ වෙන්න ගියොත් ආදරේ පවත්වා ගෙන යන්න අමාරු වෙනවා. ආදරේ පරිණත වෙද්දී ඔයා හිතන පතන විදියත් පරිණත වෙන්න ඕන. මොකද ආදරේ කරද්දී ඇති වෙන ප්‍රශ්න දිහා යතාර්තවාදීව බැලුවේ නැත්තන් ඔය කියන සුන්දර ආදරේ කවදාවත් ලැබෙන්නේ නැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 848 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:37:55 PM
Script:/article/848/secret-of-a-life-long-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:37:55 PM
Script:/article/848/secret-of-a-life-long-relationship.html