මේ ටිප්ස් 5 දන්නව නම් ගර්භණී සමයේදී ඇති වන වමනය නතර කර ගන්න පුළුවන්..

February 19, 2021
21,768
5 tips to reduce vomiting in pregnancy
ගර්භණී සමයේදී විශේෂයෙන් පළමු ත්‍රෛමාසික කාලය තුළ වමනය බහුලව දක්නට ලැබෙනවා. මෙය උදෑසන අසනීප - Morning Sickness ලෙසද හදුන්වනවා. නමුත් එහි නම (Morning Sickness) කිව්වාට බොහෝ ගර්භනී කාන්තාවන්ට දවසේ ඕනෑම වේලාවක ඔක්කාරය ඇති වෙනවා. මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ගැබ්ගැනීමෙන් හයවන සතිය පමණ වන විට ආරම්භ අතර 14 වන සතිය වන විට සමනය වෙනවා. කොහොම වුණත්, සමහර කාන්තාවන් ගර්භණී කාලය පුරාම එය අත්විඳිනවා.

උදෑසන අසනීප වීම පොදු රෝග ලක්ෂණයක්. නමුත් නිතර නිතර වමනය යාම නිසා ඔබට විජලනය හා තෙහෙට්ටුව ඇති කරනවා. ගර්භණී සමයේදී වමනය යන එක පාලනය කරන්න පිළියම් කිහිපයක් මෙන්න.

මේ කියන්නට යන පිළියම් බොහොමයක් හිතකර වුවද, මෙම අමුද්‍රව්‍ය භාවිතා කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවීමට වග බලා ගන්න.

1. ලෙමන්
ලෙමන් වල ඇති පැඟිරි රසය සහ සුවඳ ගර්භනී කාන්තාවන් අතර ඔක්කාරය හා වමනයෙන් ක්ෂණික සහනයක් ලබා දෙනවා. මීට අමතරව, ලෙමන් යනු ඔබේ සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරී වන විවිධ ඛනිජ ලවණවලින් පොහොසත් ප්‍රභවයක්. ඔබට ඔක්කාරය දැනුණු වහාම මෙය කරන්න.

ඔබට අවශ්‍ය වන්නේ -
ලෙමන් 1/2
වතුර වීදුරුවක්
මී පැණි
ඔබ කළ යුතු දේ -
ලෙමන් යුෂ මිරිකා වතුර වීදුරුවකට මිශ්‍ර කරන්න. මී පැණි ටිකක් එකතු කර ලෙමන් යුෂ පානය කරන්න. ලෙමන් සුවඳ ගැඹුරින් ආශ්වාස කරන අතරම ඔබට පානය කරන්න පුළුවන්.

2. ජලය
ඔබට ගර්භණී සමයේදී වමනය ඇති වුවහොත් ඔබ ජලය පානය කරන්න. ඔබේ බඩට එය දරාගත හැකිදැයි පරීක්ෂා කර බැලීමට පළමුව වතුර ටිකක් බොන්න. විජලනය වැළැක්වීම සඳහා දිනකට අවම වශයෙන් වතුර වීදුරු 8 ක් වත් පානය කළ යුතු බව මතක තබා ගන්න. ඔක්කාරය හා වමනය සඳහා ඔබට පොඩි අයිස් කැට ටිකක් කන්න පුලුවන්.

3. ඉඟුරු
ඉඟුරු කියන්නේ වමනය සහ ඔක්කාරය සඳහා ඵලදායි පිළියමක්. ඉඟුරු වල නැවුම් සුවඳ ඔක්කාරය සමනය කිරීම සඳහා උපකාරී වන අතර ඔබේ බඩවැල් මාංශ පේශි ලිහිල් කරයි. ගර්භණී සමයේදී ඔක්කාරය ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඉඟුරු පරිභෝජනය කිරීමට මතක තබා ගන්න. ඔබට දිනකට 2-3 වතාවක් ඉඟුරු තේ පානය කළ හැකියි
.
ඔබට අවශ්‍ය වන්නේ -
ඉඟුරු කැබැල්ලක්
උණු වතුර කෝප්පයක්
මී පැණි
ඔබ කළ යුතු දේ -
මිනිත්තු 10 ක් උණු වතුර කෝප්පයකට ඉඟුරු කැබැල්ල දමන්න. එයට මී පැණි ස්වල්පයක් එක් කිරීමට පෙර එය ටිකක් සිසිල් කිරීමට ඉඩ දෙන්න. උණුසුම් ඉඟුරු තේ එක සෙමින් බොන්න.

4. විටමින් B6
විටමින් B6 බහුල ආහාර ගැනීම උදෑසන අසනීප හා නිරන්තර ඔක්කාරය වළක්වා ගැනීම සදහා ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ක්‍රමයක්.
රනිල කුලයට අයත් ආහාර වර්ග, සෝයා, කුකුළු මස් හා මාළු වල විටමින් B6 ප්‍රමාණවත් තරම් අඩංගු වෙනවා. දිනකට තුන් වරක් ගත යුතු විටමින් B6 (10-25 mg) සඳහා අතිරේක ද වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. කොහොම වුණත්, ඔබ අතිරේක මාත්‍රාවක් ලබා ගැනීම සඳහා ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

5. කුරුඳු
කුරුඳු කියන්නේ ආහාර පිසීම සඳහා බහුලව භාවිතා වන කුළුබඩු වර්ගයක්. ඔක්කාරය හා වමනය නැති කිරීමට උපකාරී වන විෂබීජනාශක ගුණ එහි අඩංගු වෙනවා. කුරුඳු තේ දිනකට අවම වශයෙන් 2 වතාවක් පානය කරන්න පුලුවන්.

ඔබට අවශ්‍ය වන්නේ -
කුරුඳු කැබැල්ලක්
උණු වතුර කෝප්පයක්
මී පැණි
ඔබ කළ යුතු දේ -
විනාඩි 10 ක් පමණ උණු වතුර කෝප්පයක කුරුඳු කැබැල්ල දමා තබන්න. එය ටිකක් සිසිල් කිරීමට ඉඩ දී එයට මී පැණි ටිකක් එකතු කරන්න. කුරුඳු තේ එකක රස බලන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1945 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 4:07:04 AM
Script:/article/1945/5-tips-to-reduce-vomiting-in-pregnancy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 4:07:04 AM
Script:/article/1945/5-tips-to-reduce-vomiting-in-pregnancy.html