ඔයාගේ පෙම්වතා, පෙම්වතිය හමුවන පළමු දිනයේ දී කළ යුතු දේවල් ගැන දැනන් හිටියද?

July 16, 2018
6,818
Did you know these points about the first date?
දැනටමත් ඔයා පෙම්වතියක් හෝ පෙම්වතෙක් නම් චුට්ටක් අතීතය මතක් කරලා බලමුද? ඔයාලා දෙන්නා මුණ ගැහුණු ඒ සුන්දර දවස ඔයාගේ ජීවිතේ කවදාවත්ම අමතක නොවෙන මතකයක් බවට පත් වෙලා ඇති. අද අපි හැඩකාරී තුළින් ඔයාට කියන්න යන දේ ආදරය කරන වගේම හා හා පුරා කියලා ආදරය කරන්න බලාගෙන ඉන්න හැමෝටම වැදගත් වේවී. විශේෂයෙන්ම නව යොවුන් වියේ පසුවන ඔයා දවසක පෙම්වතා, පෙම්වතිය හමුවන පළමු දිනයේ අපි කියන මේ කරුණු කිහිපය ඔයා අනුගමනය කරලා බලන්නකෝ.

ඔයාගේ හිත හොරා ගත්ත තැනැත්තා හෝ තැනැත්තිය මුණ ගැහුණු පළමු දිනය ඔයාගේ ජීවිතයේ සුවිශේෂි හැරවුම් ලක්ෂයක්. අසීමිත ආදරයකින් ඔබ දෙදෙනා තුළ පැවතුණත් ඔබ දෙදෙනාට මහත් චකිතයක් එදවස තුළ තිබිය හැකියි. ඒ දවස කලබලකාරී හා නොසන්සුනකාරී බවකින් පිරුණු දවසක් වෙන්නත් පුළුවන්. ඒ දවස ජීවිත කාලය පුරාම සුන්දර අත්දැකීමක් බවට පත්කර ගන්න එක ඔයාගේ කාර්යභාරයක්. ඊට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගන්න එක ඔයාගේ වගකීමක්.

01. ඔබ අනෙක් කෙනාට වඩා පාලනයකින් ඉන්න

ඔයා වගේම ඔයාගේ පෙම්වතියට හෝ පෙම්වතාටද පළමු  හමුවීමේදී මහත් චකිතයකින් හෝ කලබලයට පත් වෙලා ඉන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. මේ වගේ වේලාවක වචන පැටලීම, වචන ගිලීම සාමාන්‍ය දෙයක්. ඇතැම් විට ඔයා තුළ තියෙන තැතිගැන්ම නිසා ඔබ අන් කෙනා සමග කතා නොකර නිශ්ශබ්දව ඉන්නත් පුළුවන්. ඉතිං ඔයාට සමාන්‍ය ලෙස දවස ගත කරන්න අවශ්‍ය පරිසරය සකස් කරගන්න ඔයාට පුළුවන්. ජීවිතයේ සාමාන්‍ය අත්දැකීමක් ලෙස සිතා කාලය ගත කරන්න. අනෙකා සමග සුහදව සිනහ පිරුණු මුහුණින් කතා කරන්න. ඔබ චකිතයකින් පසුවන බවක් කිසිම විටෙක අනෙකාට දැනෙන්න දෙන්න එපා.

02. අනවශ්‍ය පීඩනයක් ගැනීමෙන් වළකින්න

අද ගොඩක් දෙනෙක් පළමු ආදර සම්බන්ධතාවෙන්ම විවාහය දක්වා ගමන් කරන අවස්ථා ගොඩක් අඩුයි. නමුත් ගොඩක් දෙනෙක්ගේ පළමු ආදර සම්බන්ධතාව ඔයාගේ ජීවිතේ කවදාවත්ම අමතක නොවන මතකයක් කර ගන්න ඔයා ගොඩක් කැමතියි. දැනටමත් ආදරය කරන ඔයා අතීතයට ගිහිල්ලා කැමති නම් චුට්ටක් මතක් කරලා බලන්නකෝ ඔහුට හෝ ඇයට ආදරෙයි කියලා ඔයාලා දෙන්නා මුණ ගැහැණු පළමු දවස. ඒ දවස තුළ නිසැකවම ඔබ චකිතයකින් පසු වෙන්න ඇති.
ජීවිතයේ අපට ගැළපෙන සහ නොගැළපෙන සබදතා ගොඩක් හමු වෙනවා. ඔයා ආදරය කරන කෙනා හරියටම හදුනාගන්න පළමු දවසේම  හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා හදිසි තීරණ ගන්න ඉක්මන් වෙන්න එපා. සමාන්‍ය ආකාරයට ඔහු හා ඇය එක්ක කාලය ගත කරන්න. තේ කෝප්පයක්, කෝපී කෝප්පයක් බීලා එහෙමත් නැත්නම් දෙන්නත් එක්ක කෑම ටිකක් කාලා ඔයාලට පුළුවන් නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. කුමක් වුණත් ඔයා පීඩනයකින්, නොසන්සුන් බවකින් ඉන්න බව අනිත් කෙනාට පෙන්වන්න නම් එපා.

03. යහලූවෙක් හෝ ළගම හිතවතෙක් දැනුවත් කරලා යන්න අමතක කරන්න එපා

ඔයාගේ ළගම මිත්‍රයෙක් හෝ ඔයාව ගොඩක් හොදින් දන්නා හදුනන කෙනෙක්ට මේ අවස්ථාව ගැන කියලා දැනුවත් කරන්න. මෙය ගොඩක්ම වදගත් වෙන්නේ ඔයා තරුණියක් නම්. මොකද අද අපි ජීවත් වෙන සමාජය හරිම වෙනස්. ඒ නිසා ඔයාට කිසිම කෙනෙක් විශ්වාස කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ ඔයා ආදරය කරන කෙනා අවිශ්වාස කරන්න කියන එක නම් නෙමෙයි. ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය මුණ ගැහෙන්න යන අතරමගදි වුණත් ඔබට  යම් කරදරයක් ඇති වුණොත්  ඔබ විසින් සිදු කරන දැනුම්වත් කිරීම ඉතාමත් වැදගත් වෙයි. ඒ නිසා ඔයා යහලූවෙක් දැනුවත් කරලා යන්න අමතක කරන්න එපා. ඔබ පිටත් වුණු වේලාව, ඔබ යන ස්ථානය දන්වා සිටින්න. මතක තියා ගන්න කිසිම අවස්ථාවක ඔබ මේ ආකාරයට දැනුවත් කර පැමිණි බවක් කිසිම විටෙක අනෙකාට දැන ගන්න තියන්න එපා. මොකද එතැනින් ඔයාලා දෙන්නාගේ සම්බන්ධතාවයට අවිශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. සිත් රිදවීමක් වුණත් ඇති වෙන්න පුළුවන්.

04. හැකි අයුරින් ඔබ දෙදෙනාගේ අදහස් හුවමාරු කර ගන්න

ඔබ දෙදෙනාගේ ප්‍රථම හමුවීම තුළදී ද යම් සමාවක හිදිමින් අදහස් තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. මොකද ඔබ දෙදෙනාගේම පසුබිම දැන හැදින ගැනීම
සම්බන්ධතාව ඉදිරියට පවත්වාගෙන යාමට ඉතා වැදගත්. ඒ නිසා ඔබ දෙදෙනාගේම තොරුතුරු දෙදෙනා සමග හුවමාරු කර ගන්න. දෙදෙනාමට තිබෙන ගැටලූ සාකච්ඡා කරන්න. එයින් ඔබගේ සම්බන්ධතාව තව දුරටත් ශක්තිමත් වේවී.

05. පෙර සම්බන්ධතා ගැන මතක් කරන්න එපා

මුලින් සදහන් කළා වගේ ඔයා ආදරය කරන පෙම්වතාගේ හෝ පෙම්වතියගේ පළමු සම්බන්ධතා ගැන කතා කරන්න පළමු හමුව අවස්ථාවක් කරගන්න එපා. ඔයාට වගේම ඔහු හෝ ඇයටත් පෙර සම්බන්ධතා තිබිලා තියෙන්න පුළුවන්. අදහස් හුවමාරු කර ගැනීම වැදගත් වුනත් පළමු හමුව එයට අවස්ථාවක් කර ගන්න එපා. ඒ අතීතය කටුක, අමිහිරි හෝ ප්‍රේමණීය අත්දැකීමක් වුණත් දැන් එය අතීතයට එකතු වුණු දවසක් විතරයි. සමහර විට ඒ අතීතය තුළින් ඔයාට ආදරය කරන කෙනාගේ සිතට දුකක් ඇති වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් ටික කාලයක් ගියාට පස්සේ ඔයාලා දෙන්නා අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති වුණාම, එකිනෙකාව හොදින් දැන හැදින ගත් දවසට ඒ අතීතය ගැන කතා කරන්න. මොකද එතකොට ඔයාලාගේ සම්බන්ධතාව ගොඩක් ශක්තිමත්.

06. හමුවීමෙන් පසු නිස්කලංකව සිතන්න

බොහෝ දෙනෙක් පළමු දැකීමෙන්ම යම් කෙනෙකුට ආකර්ෂණය වෙනවා. ඔයත් ඔහු හෝ ඇය සමග ස්ථිර සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න පළමු අවස්තාවේදීම තීරණය කරන්න පුළුවන්. ඒ ඔබ මතක තියාගත යුතුයි පළමු හමුවීම කියන්නේ සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒ නිසා කලබල නොවී හෙමින් සිතන්න. ඔහුගේ හෝ ඇයගේ හැසිරීම හොදට නිරීක්ෂණය කරන්න. ඔබට දැනෙන දේ සමග ඉදිරියට කළ යුතු දේ හදවතට පමණක් නොව බුද්ධියටද ඉඩ දී කටයුතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   56,670
   39

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to reduce under arm sweating
   27,022
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   57,261
   17

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
Changes in your body if you consume cod-liver oil daily
   98,298
   17

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Seeni Sambol Recipe
   10,673
   16

සීනි සම්බෝල - Recipe

කිරිබතක්, ඉඳිආප්ප ටිකක්, රෝස් පාන් කෑල්ලක් කනකොට සීනි සම්බොලයක් ගෙදරම හදා ගත්තොත් ඒ ආහාර වේල සතුටින් රසවිඳින්න පුලුවන් වෙයි

Latest Articles

Most Viwed