මුහුණේ මේකප් එක්ක නින්දට යන්න එපා

July 15, 2018
10,689
Do not go to sleep with make up on your face
ඔබ කෙතරම් කාර්යබහුල වටපිටාවක් එක්ක ගණදෙනු කළත් සෑම මොහොතකම ගොඩක් ලස්සනට ඉන්න කැමතියි. ඔයාට ඔයාව පේන වගේම අනෙක් අයත් ඔයාව දකින කැඩපත වෙන්නේ මුහුණ. ඉතිං සෑම කාන්තාවක්ම පාහේ ඒ ඒ  අවස්ථාන්ට අනුකූලව මෙකප් එකකින් වර්ණවත් වෙන්න දක්වන්නේ දැඩි කැමැත්තක්. අද බොහෝ කාන්තාවන් වයස් භේදයකින් තොරව විවිධ උත්සව අවස්ථාවලට මේකප් එකකින් මුහුණ ලස්සන කර ගන්නවා. ඒත් ඔබ මේකප් එකකින් වර්ණවත් වීම තරමක් පරික්ෂාකාරීව සිදුකළ යුතු දෙයක්. ඔබේ සමට වගේම මුහුණට සරිලන මේකප් එකක් ඔබ තොරාගත යුතුයි. මේකප් එකකින් හැඩවැඩ වෙන්න උනන්දු වුණත් ගොඩක් දෙනෙක්ට මේකප් සෝදා හැරීම පිළිබදව නම් පැහැදිළි අවබෝධයක් නෑ. ශරීරයේ සෙසු ස්ථානයටන්ට වඩා මුහුණේ සම ඉතාමත් සංවේදීයි. ඉතිං මේකප් කිරීමකින් අනතුරුව මේකප් ඉවත් කිරීමත් ඉතා වැදගත්. විශේෂයෙන්ම ඔබ නින්දට යෑමට පෙර මුහුණේ මේකප් ඉවත් කළ යුතුයි. ඒ ගැන අද හැඩකාරී තුළින් දැනුවත් කරන්න අපි සුදානම්.

සම වියළීමට ලක් වෙනවා

මේකප් එකකින් ඔබේ මුහුණේ පෙනුම තරමක් ලස්සන කර පෙන්නවා. නමුත් මේකප් එකක් දැම්මම මුහුණේ සමට අවශ්‍ය වාතා‍ශ්‍රය නිසි පරිදි ලැබෙන්නේ නැහැ. ඝණකම් ෆවුන්ඬේෂන් කිරීමෙන් හා පවුඩර් වර්ග වලින් සමේ සිදුරු සියල්ල අවහිර වෙනවා. එවිට සමට වාතාශ්‍රය උරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒවිට සම වියළීමට ලක් වෙනවා. ඒ නිසා රාත්‍රී කාලයේදී හෝ සමට වාතා‍ශ්‍රය ලබා දීම ඉතා වැදගත්. ඒ නිසා රාත්‍රී කාලයට මේකප් සමග නින්දට යාම එතරම් සුදුසු ක්‍රියාවක් නෙමෙයි. ඒ වගේම සම අලූතින් වර්ධනය වෙන්නේද රාත්‍රී‍ කාලයේදීයි. ඒ නිසා මුහුණේ සමට විවේකය අත්‍යාවශ්‍යයි. කුමන අවස්ථාවක් වෙනුවෙන් ඔබ මේකප්වලින් වර්ණවත් වුවද අවස්ථාව නිම වූ වහාම මේකප් මුහුණෙන් ඉවත් කර සමට අවශ්‍ය විවේකය ලබා දෙන්න.

සමේ සිදුරු අවහිර වීම

මේකප් කිරීමෙන් ඔබේ මුහුණේ ඇති කුඩා සිදුරු ඉතා පහසුවෙන් අවහිර වෙනවා. නින්දට පෙර මුහුණේ මේකප් තට්ටුව ඉවත් නොකළහොත් මේකප් මුහුණේ සිදුරු තුළට කිදා බහිනවා. දවස පුරාම ඔබේ මුහුණේ එකුතු වුණු දහඩිය හා කුණු දුහුවිලි මේ සිදුරු අවහිරවීම උග්‍ර කරනවා. ඒ නිසා දවස අවසන් වෙන් කලින් මේකප්
සම්පූර්ණයෙන් සෝදා හැරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

සමට වියපත් පෙනුමක් එකතු කරනවා

මුහුණේ සම ඉතාමත් සියුමැලියි. ඒ නිසා මුහුණයට යම් රූපලාවණ්‍ය සත්කාරයක් කිරීමේදී ඔබ වඩාත් සැළකිලිමත් විය යුතුයි. කුණු, දුහුවිලි හා දහඩිය, මේකප් මගින් ඔබේ සමට හානී පමුණුවනවා. මේකප් සමග ඔබ නින්දට යාමේදී සිදු වෙන්නේ ඔබේ මුහුණේ සමේ ආතතිය තවත් වැඩි කිරීමයි. එහි ප්‍රතිඵලයක් විදිහට මුහුණේ සම ඉක්මනින් වියපත් වෙනවා පමණක් නොවෙයි කළු ලප පැල්ලම්, සම අකලට රැලි වැටීම්  සිදුවී මුහුණට වියපත් බවක් එකතු කරනවා. ඒ නිසා කිසිම අවස්ථාවක මේකප් වැඩි කාලයක් මුහුණේ තිබෙන්නට ඉඩ සලස්වන්න එපා.

කුරුළෑ ආසාදන ඇති වෙනවා

රාත්‍රි‍ය පුරාවටම මේකප් මුහුණේ තිබීමෙන් මුහුණේ කරුළෑ ලප කැළැල් ඇති වීමට හිතකර පරිසරයක් නිර්මාණය වෙනවා. ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලූවක් තමයි මේකප් කිරීමකින් අනතුරුව මුහුණේ කුරුළැ අසාදන ඇති වීම. නිසි පරිදි මේකප් ඉවත් නොකිරීම තුළ මෙම තත්ත්වය වර්ධනය වන ස්වභාවයක් හදුනාගත හැකියි. ඒ නිසා ඔබේ නොසැළකිලිමත්කම නිසා කුරුළෑ අසාදන ඇති වීමට සුදුසු පරිසරයක් ඔබ විසින්ම නිර්මාණය කර ගන්න එපා.

උද්ධීපනය

මුලින් සදහන් කලාක් මෙන් ඔබේ මුහුණේ සම ඉතාමත් සංවේදියි. ස්වභාවයෙන්ම ඔබේ සම සුවවිමට තිබෙන හැකියාවට මේකප් මගින් බාධා ඇති කරන්න පුළුවන්. ඔබේ ශරීරය මගින් මුහුණේ සම වර්ධනය කිරීමට  හේතු වන අංශූ නිපදවීම සිදුවෙනවා. මේකප් මගින් නින්දට යාම තුළින් සිදු වෙන්නේ සම මත ඉදිමීම්, කුෂ්ඨ හා වියළීමකට ලක්වීමයි. එමගින් සමෙහි ඇති ප්‍රාණවත් බව වියැකි යනවා.

මේකප් කිරීමකින් ඔයාගේ මුහුණට කෙතරම් දේවල් වෙනවද කියලා ඔබට දැන් හොදටම වැටහෙනවා ඇති. දවස කෙතරම් කාර්යබහුල වුණත්, වෙහෙස මහන්සිය කෙතරම් ශරීරයට දැණුනත් මේකප් ඉවත් නොකර ඉන්න කටයුතු කරන්න එපා. ඔයාට ඔයාගේ මුහුණ ලස්සනට හැමදාම තියාගන්න අවශ්‍ය නම් මේකප් පිරිසිදු කර තෙතමනය වැඩිකරන යමක් ආලේප කරන්න. එවිට ඔබේ මුහුණෙහි තරුණ පෙනුම රැක ගන්න හැකි වේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 942 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:29:31 AM
Script:/article/942/do-not-go-to-sleep-with-make-up-on-your-face.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:29:32 AM
Script:/article/942/do-not-go-to-sleep-with-make-up-on-your-face.html