මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔයා ටිකෙන් ටික විජලනයට පත් වෙමිනුයි ඉන්නේ

December 21, 2017
6,099
If you have these signs you are becoming dehydrated
වතුර කියන්නේ අපිට මොන තරම් වැදගත් දෙයක්ද කියන එක ගැන හැමදාම ඔයාට කියනවනේ. ඒ නිසාම තමයි නිතර නිතර වැඩිපුර වතුර බොන එකේ වැදගත් කම ගැන ඔයාව දැනුවත් කරන්නේ.

මිනිස් සිරුරෙන් 70%ක් පමණම තියෙන්නේ ජලය. ඒ වගේම ශරීරයේ තියෙන හැම ශ්‍රාවයක්ම ප්‍රධාන වශයෙන්ම හැදිලා තියෙන්නෙ ජලයෙන්. අපේ ශරීරය සීතල වෙලාවට උණුසුම පවත්වාගෙන යන්නෙත් උණුසුම් වෙලාවට දහදිය පිට කිරීම කරන්නෙත් ජලය මඟින්. ඒ වගේම සියළුම සන්ධි නිසි පරිදි ක්‍රියා කිරීමටත් ඇස් වල තෙතමනය තබා ගැනීමටත් අපිට උදවු වෙන්නේ ජලය.

සම වියලී ඉරි තැලීමට ඉඩ නොදී පවත්වා ගන්නේ ජලය මගින්. ආහාර ජිර්ණය කර ගන්න ජලය නැතිවම බැහැ. ජලය අපේ සිරුරට මොන තරම් වැදගත්ද කියලා දැන් ඔයාට පේනවනේ. ඒ වැදගත්කම ඔයා හරි හැටි තේරුම් නොගත්තොත් ඔයාව විජලන තත්වයට පත් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. දැනටමත් මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඔයා විජලනය වෙමින් පවතිනවා වෙන්න පුළුවන්.

1. අධික වෙහෙසකර බව

ඉතා සුළු වැඩක් කලත් සිරුරට දැනෙන අධික වෙහෙසකර බව වගේම සිරුරේ අප්‍රාණික බව, කම්මැලි කම වැනි ලක්ෂණ සිරුරේ වතුර අඩු වීම නිසා ඇති වන ලක්ෂණයක්. සිරුරේ ජල සාන්ද්‍රණය අඩු වුනාම ජල පීඩනය හා ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වෙනවා. මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම වගේම ජලය ගොඩක් අඩු වුනාම අපේ මාංශ පේශි වල ශක්තිය, දැඩි ගතිය පවා අඩු වෙනවා. එතකොට වෙහෙස හා කම්මැලි ගතිය ඇති වෙනවා.

2. සන්ධි වේදනා

අත්, පා කකුල් හා අනෙකුත් සන්ධි ක්‍රියා කර වීමේදී ඇති වන වේදනා, අත් පා හැසිරවීමේ අපහසුතා විජලනයට ලක්වීමේදී ඇති වන මුලික රෝග ලක්ෂණ වල එකක්.

3. මළ බද්ධය

බොහෝ වෙලාවක් වතුර නොබී සිටීම නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. කෑම දිරවන්න නම් වතුර අත්‍යාවශ්‍යයි. එහෙම නැති වුනාම මළපහ පිටවීම අක්‍රමවත් වීම මෙන්ම පිට කිරීම අපහසු වීමද සිදු වෙනවා. ඒ වගේම බඩේ අම්ල ගතිය වැඩි වීම නිසා බඩේ දැවිල්ල, ගැස්ට්‍රයිටිස් වගේ තත්වයන් ඇති වෙනවා.

4. මුවෙන් දුගඳ හැමීම

ජලය මදි වීම නිසා මුවෙන් දුර්ගන්දයක් ඇති වෙන්න පුළුවන්. බැක්ටීරියා වර්ධනය වීම තමයි මේකට හේතුව. ඒ වගේම තමයි කට වියළීම මෙහි තවත් ලක්ෂණයක්. ගොඩ දෙනෙක් වතුර බොන්න බලන්නෙත් තොල කට වෙළුණාම. මේකත් ඉතින් නිතර කෙළ ගිලීම නිසා කට හා උගුර තෙත් වීමේ ක්‍රියාවලිය නැවතීමේ ප්‍රතිඵලයක්.

5. හිසරදය

ඔලුව රිදීගෙන එනවනම්, ඔලුව කැරකෙන ගතියක් වගේ දැනෙනවානම්, ඒක ඔබේ ඇගට වතුර මදි වෙලා කියන එකට එක් ඉඟියක්. ඇඟේ තියෙන වතුර ප්‍රතිශතය අඩු වුනාම ඔයාගේ මොළය වටා තියෙන ආරක්ෂක තරලයේ පීඩනය අඩු වෙනවා. ඔළුව කොහේ හරි වැදුනම මොළේට හානි වෙන එක වළක්වා ගන්නයි මේ තරලය පිහිටලා තියෙන්නේ. එහෙම වුනාම මොළය ඒ තරලය ඇතුලේ කලින්ට වඩා ලේසියෙන් එහෙ මෙහෙ වෙනවා, ඒකයි එහෙම හිසරදය ඇති වෙන්න පුළුවන්.

6. කරකැවිල්ල

විජලනයේ තවත් මුලික ලක්ෂණයක් තමයි කරකැවිල. මොළයට ලැබෙන ඔක්සිජන් හා ලේ සාන්ද්‍රණය අඩු වීම නිසා කරකැවිල්ල ඇති වෙනවා. මේ වගේ වේලාවකදී රස්නේ වතුර වීදුරුවක් බොන්න. තාවකාලිකව කරකවිල්ලට සහනයක් ලැබෙයි.

මෙන්න මේ කියන ලක්ෂණ ඔයාගේ ශරීරයෙන් පෙන්නුම් කරනවා නම් ඔයා දැනටමත් විජලනයට ලක් වෙලා හෝ වෙමින් පවතිනවා වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම වැඩි පුර වතුර බොන්න අමතක කරන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 590 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:23:26 AM
Script:/article/590/if-you-have-these-signs-you-are-becoming-dehydrated.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:23:26 AM
Script:/article/590/if-you-have-these-signs-you-are-becoming-dehydrated.html