2020 වසරේ හිට් වුණු ෆැෂන් ට්‍රෙන්ඩ්ස්

July 7, 2020
19,230
2020 fashion trends
අලුත් ෆැශන් ට්‍රෙන්ඩ්ස් එනව වගේම පරණ ෆැශන් ට්‍රෙන්ඩ්ස් කාලයත් සමග අප්ඩේට් වෙලා, පෙරළියක් සහිතව ක්ලැසික් ස්ටයිල්ස් වෙලා නැවත නැවත කරළියට එනවා. ඇඳුම් විලාසිතා දවසින් දවස වෙනස් වෙන දෙයක්. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන මේ විලාසිතා ප්‍රවණතාවය සමඟ ඔයාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලය 2020 අවුරුද්දට ගැලපෙන්න අප්ඩේට් කරගන්න.

01. ජම්ප් සූට් එක
අද කාලයේ හැමෝම අතරේ කතා බහට ලක් වෙන අපි අතර ජනප්‍රිය විලාසිතාවක් තමයි මේ. ඔයාගේ ගෙදරත් ජම්ප් සූට් එකක් නැති වෙන්න විදිහක් නැහැ. මධ්‍යස්ථ සිරුරක් තියෙන යුවතියන්ට මේ ජම්ප් සුට් විලාසිතාව හොඳින්ම ගැළපෙනවා. 



















02. විශාල වික්ටෝරියන් අත් සහිත ඇඳුම්
මෙම විලාසිතාව මගින් සිහින් ඉණෙහි මායාවක් නිර්මාණය කරනවා. ඔයා කෙට්ටු යුවතියක් නම් ඔයාගේ සිරුරේ කෙට්ටු පෙනුම ටිකක් අඩු කරලා ශරීරයට පිරුණු බවක් ඇති කරන්න මේ ඇඳුමට පුළුවන්. 












03. ප්ලීට් ඇඳුම්
මේ ස්කර්ට්, ගවුම්, ටොප්ස් වල කුඩා කුඩා රැලි විදිහට තමයි දකින්න ලැබෙන්නෙ. ඉණ හැඩ කරලා පෙන්වනවා. ක්ලැසික් ලුක් එකක් ගෙන දෙනවා.











04. මධ්‍යම සහ මැක්සි ඩෙනිම් සාය
මේ ඩෙනිම් ස්කර්ට් එක සුදු හෝ දුඹුරු පැහැති බොත්තම් වලින් හැඩගස්වා ගත හැකි අතර ඩෙනිම් කමිසයක් හෝ සුදු හෝ කළු පැහැති බ්ලවුස් එකක් එක් කර අඳින්න පුළුවන්. ඊට අමතරව tweed ජැකට් හෝ ලෙදර් ජැකට් එකක් සමඟ එකතු කර ගැනීමෙන් ලස්සන වැඩි කර ගන්න පුළුවන්.   











05. බර්මූඩා කොට කලිසම්
මේ කොට කලිසම සැහැල්ලු ගමනකට මධ්‍යස්ථ සිරුරක් ඇති යුවතියන්ට ගැළපෙන අතර උණුසුම් කාලගුණයකදී සුදුසුයි. දණහිසට ඉහළින් අඟල් 1 ක් පමණ උසින් යුක්තයි. මේක ඔයාට සරල චාම් බවක් එක් කරයි. 











06. කොටු හීල්ස්
මේ සපත්තු විලාසිතාව ඔයාගේ ඇඟිලි විලුඹ ලස්සනට පෙන්වනවා. සපත්තුවේ ඉදිරිපස හතරැස් හැඩයක් ගන්නවා. තරමක උස අඩිය නිසා ඇවිදින කොට ඇඟේ හැඩය ලස්සනට පේනවා.












07. විශාල රන් පැහැති ආභරණ
අද කාලයේ මාල වලට ප්‍රවණතාවයක් තියෙනව. මාල පැළඳීම මෑත කාලයේදී කැපී පෙනෙනවා. පාටියකට, මිතුරු හමුවකට හෝ ඔෆිස් එකට යන කොට මේ මාලය අමතක කරන්නම බැහැ. තරමක් පිරිපුන් යුවතියකට වගේම දිගු ගෙලක් තියෙන කෙට්ටු යුවතියකටත් මේ මාල විලාසිතාව ගැලපෙනවා.










Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1686 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:41:39 AM
Script:/article/1686/2020-fashion-trends.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 6:41:39 AM
Script:/article/1686/2020-fashion-trends.html