අඹු සැමියන් අතරේ විරසක බව ඇති කරන ගැටළු 05 ක්

December 11, 2018
5,325
5 reasons for problems in marriage
ආදරය කරන්න, ආදරය විඳින්න කොයි කවුරුත් එක වගේ කැමතියි. ගොඩක් දෙනෙක් ආදර කතා පටන් ගන්නේ ලොකු ගමනක් යන්න හිතාගෙන වුණත් ඇතැම් ආදර කතා හැලහැප්පීම්, බාධක, අභියෝග නිසා හිතුවටත් වඩා ඉක්මනට ඒ ආදර කතාවලට සමු දෙන්න සිදු වෙනවා. ප්‍රේම සම්බන්ධතාවක් ඔයා පවත්වාගෙන යන අතරතුර ඔහු හෝ ඇය එක්ක ඒ ආදර කතාව ගොතාගෙන යන්න අපහසුයි නම්, බාධක අභියෝග මධ්‍යයේ ඔයාට තව ගොඩක් දුර යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතිං අකමැත්තෙන් වුණත් ඔයාට ඒ වගේ වේලාවට ඔයාගේ ආදර කතාවට සමුදෙන්න සිදු වෙනවා. ඒත් ඔයා විවාහ වුණාට පස්සේ ඔයාලා දෙන්නා අතර එන අභියෝගවලින් පැනලා යන්න නම් ඔයාට හැකියාවක් ලැබෙන්නේ නැති තරම්. විවාහය කියන්නේ අද පටන් ගෙන හෙට අවසන් කරන්න පුලුවන් සරල දෙයක් නෙමෙයි කියලා හැඩකාරී අපි ඔයාට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නෑ. අද හැඩකාරී අපි මේ කියන ප්‍රශ්ණ ඔයා දැනටමත් විවාහ ජිවිතයක් ගත කරන කෙනෙක් නම් ඔයාව හොයාගෙන ඇවිත් ඇති. අද හැඩකාරී කියන මේ කතාව ඇහුවට පස්සේ ඔයාට කල්වේලා ඇතුව ඔයාලා දෙන්නා අතරට එන ප්‍රශ්ණ ගැන අවබෝධයක් ලබාගත හැකියි. එතකොට ගොඩක් දුර දිග නොගිහින් ඔයාලා අතරට එන පුංචි පුංචි ප්‍රශ්ණ විසඳා ගන්න හැකියාව ලැබේවී.

වැඩ රාජකාරිවල ඉවරයක් නෑ

අද ගොඩක් පවුල්වල සහකරුවා වගේම සහකාරියත් රැකියාවක නිතර වෙනවා. ඉතිං දෙදෙනාගේම ජීවිතය වැඩ රාජකාරී, වගකීම්වලින් පිරී ඉතිරිලා ගිහින්. ඉතිං මේ සියලු වගකීම් අතරේ ඔයාට ඔයාව වගේම ඔයාගේ ආදරයත් මගහැරිලා යන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. විවාහ ජිවිතයක් සාර්ථකව පවත්වාගෙන යන්න නම් අඹු සැමියන් අතර අවබෝධය හා දැන හඳුනා ගැනීම තිබිය යුතුයි. නමුත් පවුලක සහකරුවා වගේම සහකාරියත් අතිශය කාර්යබහුල වීමෙන් විවාහ ජීවිතය එහෙමත් නැතිනම් පවුල් ජීවිතය ගැන කතාබහ කරන්න දෙදෙනාටම කාලයක්, අවස්ථාවක් නැතිවෙලා යනවා. අන්න එතකොට තමයි ඔයාගේ විවාහ ජීවිතයට කණකොකා අඬන්න පටන් ගන්නේ. ඉතිං හැඩකාරී අපි නම් ඔයාට කියන්නේ ඔයාගේ විවාහ ජීවිතය වගේම රාජකාරී ජිවිතය නිසියාකාරව බැලන්ස් කර ගන්න. රාජකාරි ජිවිතය පවුල් ජිවිතයට බාධාවක් කර ගන්න එපා. අන්න එතකොට ගැටුම්වලින් තොර සාමකාමී පවුල් ජීවිතයක හිමිකරුවෙක් හිමිකාරිණියක් වෙන්න ඔයාටත් පුළුවන්.

ගෙදර ප්‍රශ්ණ එළියට දෙන්න එපා

මේ කියන කරුණත් සාර්ථක පවුල් ජිවිතයක් පවත්වාගෙන යන්න හරිම වැදගත්. සමාන්‍යයෙන් ඕනෑම පවුලක් ඇතුළේ එහෙමත් නැතිනම් අඹු සැමියන් අතරේ ප්‍රශ්ණ ගැටලු තියෙනවා. ඉතිං හොඳම දේ තමයි ඔයාලා දෙන්නා අතර තියෙන ප්‍රශ්ණ කතාබහ කරලා ගෙයි ඇතුළේම විසඳ ගන්න එක. ඔයා කතාවටත් අහලා ඇතිනේ ගෙයි ගින්දර ගෙයින් එළියට දෙන එක හොඳ දෙයක් නෙමෙයි කියලා. මොකද ඔයාලා දෙන්නා අතර ඇතිවන ප්‍රශ්ණ නිවසින් එළියට දුන්නා කියලා ඔයාට කවදාවත් සාර්ථක විසඳුමක් නම් ලැබෙන්නේ නෑ. තිබුණටත් වඩා වැඩියෙන් ප්‍රශ්ණ ඔයාව හොයාගෙන එන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. ඒ වගේම ඔහු හෝ ඇයගේ ප්‍රශ්ණ ගෙයින් එළියට දීම ඔහුගේ සහ ඇයගේ පෞර්ෂත්වයටත් හොඳ දෙයක් නෙමෙයි. ඉතිං හොඳම දේ වෙන්නේ ඔයාලා දෙන්නා අතරේ තියෙන පුංචි ප්‍රශ්ණ එළියට නොදී ගෙයි ඇතුළේදීම විසඳ ගන්න උත්සාහ කරන එක.

අනවබෝධය

අඹුසැමියන් අතරේ විරසකකම් වැඩිපුර ඇති වෙන්නේ එකිනෙකා අතර තියෙන අනවබෝධය නිසයි. මොකද සාර්ථක සම්බන්ධතාවක් පවත්වා ගන්න නම් ඔයාලා දෙන්නා අතර විශ්වාසය හා අවබෝධය පැවතිය යුතුයි. එහෙම නොවුණොත් ඔයාලා දෙන්නා අතර නුරුස්සන ගතිය වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම සාර්ථක සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න එකිනෙකාට ඇහුම්කම් දීමත් හරිම වැදගත්. ඕනෑම විවාහක යුවලක් අතර ඇතිවන සහ ඇති විය හැකි බොහෝ බාධක ගැටලු මගහරවාගෙන ඔයාගේ ආදර කතාව ගොතාගෙන යන්න එතකොට පුළුවන්. ගොඩක් විවාහක පිරිස් අතරේ පුංචි පුංචි විරසකවීම් ඇති වෙන්නේ සැකය සහ අවිශ්වාසය නිසා. අන්න ඒ නිසා මේ කියන සැකය සහ අවිශ්වාසය ඔයාගේ ආදර කතාවෙන් දුරස් කරලා තියන්න කියලයි හැඩකාරී අපි ඔයාට කියන්නේ.

නැන්දම්මා ලේලී ප්‍රශ්ණ

ආදර කතාවලට කණකොකා හඬන්න පටන් ගන්න තවත් එක් හේතු සාධකයක් තමයි නැන්දම්මා ලේලී ප්‍රශ්ණ. මේවැනි තත්ත්වයකදී ඕනෑම විවාහක යුවලක් අතර පුංචි පුංචි රංණ්ඩු සරුවල් ඇති විය හැකියි. මෙවැනි තත්ත්වයක් තුළ කාන්තාවක් විදිහට ඔයා බුද්ධිමත්ව කටයුතු කිරීම හරිම වැදගත්. මොකද ඔයා ජීවත්වන සමාජයට වඩා වෙනස් සමාජයක, වෙනස් අත්දැකීම් ඔයාගේ නැන්දම්මාට තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම සිතුම් පැතුම්, අවශ්‍යතා අතර විවිධ ඝට්ටනයන් ඇති විය හැකියි. ඔයාගේ රුචිකත්වය, ඔයාගේ තෝරා ගැනීම් ඇය ප්‍රතික්ෂේප කරන්න තියෙන ඉඩකඩ වැඩිවිය හැකියි. ඉතිං හොඳම දේ වෙන්නේ බුද්ධියෙන් සිතාමතා කටයුතු කිරීමයි. එහෙම නොවුණොත් දිගින් දිගටම ඔයාලා දෙන්නා අතර වගේම පවුලේ සෙසු හිතවතුන් අතර පවා පවතින සාමකාමී බව නැති වෙලා යාවී.

පමණට වඩා තර්ක විතර්ක කරන්න එපා

ආදරය කරන ඕනෑම දෙන්නෙක් අතර පුංචි පුංචි ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පවුල් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තට පස්සේ. ඉතිං ඒ වගේ වේලාවට ගිරව් වගේ කෑ ගහන එක ප්‍රශ්ණයට විසඳුමක් නම් නෙමෙයි. සහකරුවාට වගේම සහකාරිය වන ඔයාටත් වගකීමක් තියෙනවා ඇත්තටම ඇති වෙලා තියෙන ගැටළුව මොකක්ද කියලා අවබෝධයක් ලබා ගන්න. එහෙම නොවුණොත් වෙන්නේ අගක් මුලක් නැතුව තර්ක විතර්ක කරන්න. එයින් සිදු වෙන්නේ ඔයාලා දෙන්නා අතර තියෙන බැඳීම තවත් අවුල් වියවුල් තත්ත්වයට පත්වෙන එක. ඒත් ඔයා සාමකාමීව හඳවතින් විතරක් නෙමෙයි බුද්ධියෙන්ද සිතා බලා තීන්දු තීරණ ගත්තොත් ඔයා හමුවට එන ඕනෑම ප්‍රශ්ණයක් පහසුවෙන් විසඳාගත හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1199 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:20:46 PM
Script:/article/1199/5-reasons-for-problems-in-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:20:47 PM
Script:/article/1199/5-reasons-for-problems-in-marriage.html