විවාහ වෙද්දී පිරිමි ළමයි ගෑණු ළමයි ළඟ තිබිය යුතු මේ දේවල් ගැන අනිවාර්යෙන් හිතනවා

March 20, 2018
15,686
men look for these in the girl they are going to marry
විවාහ වෙනවා කියන්නේ අපි හිතනවා වගේ ලේසි පහසු, සරල දෙයක් නෙවෙයි. විවාහයකදී පරිත්‍යාග, කැප කිරීම් වගේම එකිනෙකාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් පිරිමි ළමයෙක් විවාහ වෙන ගෑණු ළමයාගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. මම මේ කියන්නේ භෞතික දේවල් ගැන නම් නෙවෙයි. මේ කියන්නේ ගෑණු ළමයෙක් ළඟ තියෙන්න ඕන ගති ගුණ, ගුණ යහපත්කම්, හැසිරීම් ගැන. කියවලාම දැන ගන්නකො පිරිමි ළමයෙක් මොන වගේ ගති ගුණ තියෙන ගෑණු ළමයිද හොයන්නේ කියලා.

ආදර්ශමත් බිරිඳක්

ඔයා මේ කියන විදියට ආදර්ශමත් විදියට ජිවත් වෙනවා කියන්නේ සැමියාට මහත් ආඩම්බරයක්. එයාට බය නැතුව ඕනෑම තැනක ඔයා ගැන මහා ඉහලින් කතා කරන්න, වර්ණනා කරන්න පුළුවන් කෙනෙක් වීම. පිරිමි කොහොමත් කැමති නැහැනේ කාගෙවත් ඉස්සරහා ලැජ්ජා වෙන්න.

ආත්ම ශක්තියෙන් යුතු සහකාරියක්

ආත්ම ශක්තියක් ඇතිව වැඩ කරන කාන්තාවක් කියන්නේ ඇය ඇත්තටම හරිම සුවිශේෂී කෙනෙක්. ඕනෑම පිරිමියෙක් කැමතියි ඒ වගේ බිරිඳක් ලබන්න. ඔයා තුල නිර්භීත බව, නිහතමානි බව, පරාර්ථකාමී බව වගේම අභියෝග වලට මුහුණ දීමේ හැකියාව වගේ සුවිශේෂී ලක්ෂණ තියෙනවා නම් ඔයාට ඔයාගේ පවුල් ජිවිතේ රැක ගෙන සාර්ථකව ඉදිරියට ගෙන යන්න පුළුවන්. කවුරුවත් කැමති නැහැනේ පවුල් ජිවිතේ අතර මඟ බිඳ වැටෙනවට. පවුලක් පවත්වාගෙන යාමේ වැඩි වගකීම පැටවෙන්නේ බිරිඳ මත. ඔයා තුල ඒ ශක්තිය සහකරු ඉතා ඉහළින් බලාපොරොත්තු වෙනවා.

හොඳ හැසිරීමක් තිබිය යුතුමයි

කලින් කිව්වා වගේම ඔයාගේ ක්‍රියා කලාපය, හැසිරීම ඔහුව ලැජ්ජාවට, අපහසුතාවයට පත් නොකළ යුතුයි. කාන්තාවක් විදියට ඔබ ළඟ තිබිය යුතු විනීත බව, ආචාරශීලි බව ඔබට ආභරණයක්. ඉතින් ඔයා එයාගේ ආත්ම ගරුත්වය රැක ගෙන ජිවත් වෙයි කියල එයා බලාපොරොත්තු වෙනවා.

විවෘත වීම

අතීතයේ සිදු වුනු දුෂ්කරතා ඕන තරම් ජිවිත වල තියෙනවා. ඒත් ඔයා එක්ක මුළු ජිවිතකාලේම ජිවත් වෙන්න ඉන්න කෙනාට අතීතය සඟවන එක හරිම වැරදියි. අතීතයේ වෙච්ච හැම දෙයක්ම කියන්න ඕන කියන එක නෙවෙයි මේ කියන්නේ, විශේෂිත දේවල් ගැන ඔයා එයා එක්ක අවංකව කතා කරනවා නම් එයා ඒකට ගොඩක් කැමතියි. මොකද අතීතයේ සිදු වුනු යම් යම් සිදුවීම් ඔයාලගේ අනාගතයට බාධාවක් වෙන්න පුළුවන්. එහෙම වෙනවට අපි කවුරුවත් කැමති නැහැනේ.

පවුලේ බැඳීම් වල අගය තේරුම් ගත් බිරිඳක්

ඔහුට ආදරය, කරුණාව දක්වනවා වගේම ඔහුගේ දෙමවුපියන්ට, සහෝදර සහෝදරියන්ට ඔයා ආදරෙන් කරුණාවෙන් ඉන්නවා කියන්නේ ඔහුට මහත් සතුටක් ගෙන්න දෙන්නක්. විශේෂයෙන් ඔහුගේ දෙමවුපියන්ට. ඒ නිසා සැමියාගේ දෙමවුපියන් ඔයාගේ දෙමවුපියන් සේ සලකන්න. එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කර ගන්න. එතකොට ජිවිතේ ගෙනියන එක හරිම පහසුයි.

බිරිඳ ලස්සනට ඉන්නවට හැම පිරිමියම කැමතියි

තමන්ගේ බිරිඳ ලස්සනට ඉන්නවට මොන සැමියද අකමැති. මොකද ඒක එයාටත් ආඩම්බර වෙන්න හෙතුවක්නේ. ඒ නිසා ඔයාගේ සුන්දරත්වය, නිරෝගී බව රැක ගන්න අවශ්‍ය දේවල් කරන්නත් අමතක කරන්න එපා. සමබර ආහාර වේලක්, ව්‍යායාම වගේම පිරිසිදු කම අනිවාර්යයි. ඒ තුලින් ඔයාට එක් කරන පෞර්ශත්වයට හා ආකර්ෂණයට පිරිමි පාර්ශවය ගොඩාක් ප්‍රිය කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,592
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to get vitamin E for healthy skin and hair
   71,008
   25

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Foods to you should never give your kids
   75,014
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,500
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed