මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

April 9, 2018
47,307
Symptoms to say you are pregnant
පළවෙනි වතාවට අම්ම කෙනෙක් වෙන්න ඉන්න අයට වැදගත්ම වන දෙයක් ගැන තමයි මේ කියන්නේ. ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක.


1. ගර්භනී වීමේ මුලික ලක්ෂණ වලින් එකක් තමයි හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන එක. ගර්භනී කාලය පුරාවටම මේ තත්ත්වය දකින්න පුළුවන්.

2. හිසරදය. මේ සමග ක්ලාන්තය, කරකැවිල්ල වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ශරීරයේ සිදු වන හෝමෝන වල වෙනස් වීමත් එක්ක තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒ නිසා ක්ලාන්තයවැනි තත්ත්වයන් ඇති වීමේදී ඔබ ඉතා පරිස්සම් විය යුතුයි.

3. පියයුරු වල ඇති වන වේදනාව.

4. ඉක්මනින් විඩාවට පත් වීම.

5. ඔක්කාරය. ගර්භනී වූ මුල් කාලය තුල නිතරම ඔක්කාර තත්ත්වය ඇති වෙන්න පුළුවන්.

6. ආහාර අරුචිය. මේ තත්ත්වය මුල් මාස කිහිපයෙන් පසුව අඩු වී යනවා.

7. යෝනි මාර්ගයෙන් සුළු වශයෙන් රුධිරය පිට වීමක්ද ඇතැම් විට දැකිය හැකියි.

8. මලබද්ධය කියනතේ ගර්භණීභාවයේ තවත් පොදු රෝග ලක්ෂණයක්. මේ තත්ත්වයන් ඉක්මනින් හඳුනා ගැනීම ඔබගේත් ,දරුවාගේත් යහපතට හේතුවෙනවා.

9. කොන්දේ කැක්කුම. නිතර නිතර කොන්දේ ඇති වන වේදනාව ගර්භනී සමයේ ඇති වෙන තවත් ශාරීරික අපහසුතා වලින් එකක්.

10. ශරීර උෂ්ණත්වය ඉහල යාම. විශේෂයන් උදෑසන අවදි වෙද්දී මේ කියන ශරීර උෂ්ණත්වය තරමක් වැඩි වෙන්න පුළුවන්. ගර්භනී කාලය පුරාවටම මේ උෂ්ණත්වය ඉහල යාම දකින්න පුළුවන්.

11. නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වීම.

12. මාසික ඔසප් වීම ප්‍රමාද වීම.

මේ ලක්ෂණ ඔබ තුලත් පෙන්නුම් කරනවා නම් ඔබ ගැබ් ගෙන ඇති බවට විශ්වාස කරන්න පුළුවන්. ගෙදර ඉඳන් පුර්ව නිගමන වලට එන්නේ නැතිව වෛද්‍යවරයෙක් හමු වී මුත්‍රා පරීක්ෂණයක් සිදු කර ගැනීම අනිවාර්යෙන් කල යුත්තක්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 758 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:59:54 PM
Script:/article/758/symptoms-to-say-you-are-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:59:54 PM
Script:/article/758/symptoms-to-say-you-are-pregnant.html