විවාහක පිරිමියෙක් ගැන ආදරයක් ඇති වුනොත් මොකද කරන්නේ

May 17, 2017
19,854
Fall Out Of Love With a Married Man
ආදරය කියන දෙය ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙක්ගේ හිතේ ඇතිවෙන්න පුළුවන්. නමුත් අපි ආදරයට තෝරා ගන්න ඕනේ නිදහස් කෙනෙක්ව. නමුත් ඉතින් විවාහක පිරිමියෙක් ගැන ආදරයක් ඇති වුනොත් මොකද කරන්නේ. වට පිටාවේ මිනිස්සු ඔබට එය වැරදි බව කොච්චර කිවුවත් සමහර විට ඔබ එයට එකග නොවෙන්නට පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නෙට විසදුමක් සොයාගන්න පුළුවන් ඔබට විතරයි. ඒ නිසා මේ දේවල් ගැනත් හොදින් හිතලා බලන්න ඔබ තීරණයක් ගන්න කලින්.

1. යථාර්තයට මුහුණ දෙන්න

බහුතරක් විවාහක පිරිමින් වෙනත් කාන්තාවන් සමග සබදතා ඇතිකර ගත්තත් ඔවුන් කිසිම දවසක තමන්ගේ බිරිද හෝ දරුවන් අත්හැර ඒ කාන්තාවන් සමග විවාහ වෙන්නේ නැහැ. ඔවුන් නිතරම උත්සහ කරන්නේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න දෙදෙනාත් සමගම සබදතා පවත්වන්න. මේ නිසා හොදින් කල්පනා කරන්න ඔබට අවශ්‍ය මේ විදිහේ ජීවිතයක්ද කියලා.

2. ඔබත් බිරිදක් ලෙස සිතා බලන්න

ඔබේ සැමියා ඔබට රහසින් වෙනත් කාන්තාවක් සමග සබදතා පැවැත්වුවහොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබට පුලුවන්ද එය දරාගන්න. ඔබේ සැමියා ඔබව තනිකර වෙනත් කාන්තාවක් සමග සබදතාවයක් පවත්වාගෙන ගියොත් ඔබට උදාවෙන තත්වය ගැන හිතන්න. එවිට ඔබට පුළුවන් තවත් කාන්තාවකට අසාධාරණයක් නොකර ඉන්න.

3. ඔහුව විශ්වාස කරන්න පුලුවන්ද කියා සිතා බලන්න

ඔහු ඔහුගේ බිරිදව හැරදා ඔබත් සමග පැමිණියා නම් ඔහු ඔබව තනිකර නොයාවි කියා ඔබට සහතික වෙන්න පුලුවන්ද? මේ නිසා ඔබ කාරණාවන් තුනක් ගැන සිතා බලන්න.

- ඔහුට කලින් කල දෙය නැවතත් කිරීම අපහසු දෙයක් නොවෙයි.
- ඔහු එක්වරක් ලබාගත් නිදහස නැවතත් ලබා ගැනීමට අනිවාර්යෙන්ම උත්සහ කරනවා.
- ඔහු නැවතත් ඔහුගේ කලින් බිරිද වෙත යාමට ඇති ඉඩකඩ වැඩියි.

මේ නිසා මේ ගැන හොදින් සිතා බලන්න.

4. ඔබට ඔබටම සමාව ලබාදෙන්න පුළුවන් වේවිද?

ඔබ ඔහුත් සමග සබදතාවයක් ආරම්භ කර විනාශ කලේ තවත් කාන්තාවකගේ පවුල් ජිවිතයක්. ඔබ බිරිදකට සැමියෙක් වගේම දරුවන්ට පියෙකුත් අහිමි කරලා. මොහොතකට සිතා බලන්න මේ වැරැද්දට ඔබට ඔබටම සමාව ලබාදෙන්න පුලුවන්ද කියල.

5. ඔබේ වටිනාකම ගැන සිතන්න

ඔබ තවමත් වටිනාකමක් තිබෙන කාන්තාවක්. මේ නිසා ඔබට කිසිදු අපහසුතාවයක් නැහැ ඔබට ගැලපෙන සහකරුවෙක් සොයාගන්න. මේ නිසා තව දුරටත් ඔබ මේ වගේ සබදතාවයක පැටලී සිටිය යුතු නැහැ. ඔබේ ජීවිතයට ලැබිය යුතු වටිනාකම ලබාදෙන්න.

6. අත්දැකීම් වලින් ඉගෙන ගන්න

හැම කෙනෙක් අතින්ම වැරදි සිදුවෙන එක සාමාන්‍ය දෙයක්. ඔබ අතිනුත් මේ සිදු වුනේ වැරද්දක්. නමුත් ඔබ ඒ ගැන තව දුරටත් පසුතැවිලි විය යුතු නැහැ. ඔබේ වැරැද්ද හදාගෙන ඔබ ජීවිතේ ඉදිරියට ගෙන යන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 278 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:10:32 PM
Script:/article/278/fall-out-of-love-with-a-married-man.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:10:33 PM
Script:/article/278/fall-out-of-love-with-a-married-man.html