මේ ගතිගුණ තියෙන පිරිමි ගැන දෙපාරකට වැඩිය හිතන්න

December 20, 2018
13,907
Think twice about men like this
ගැහැණු ළමයි ආදරය කරන්නේ නිසි කාලයේදී විවහා ජිවිතයටත් එළඹෙන්න බලාගෙන. ඉතින් ඔයාට ජිවිතයේ ඉස්සරහට ගෙනියන්න හමුවෙන සහකරු ඔයා වෙනුවෙන් කැප වුණේ නැති නම් ඔයාගේ ජිවිතයට ආදරයක් නැති නම් ඔයා දෙපාරකට වැඩිය ඒ සහකරු ගැන හිතන්න. විවාහය කියන්නේ අද තියෙනවා හෙට නැති වෙනවා වගේ දෙයක් නෙමෙයි. අද හැඩකාරි අපි ඔයාට කියන්න යන්නේ ඔයා විවාහ වෙන්න සිටින කෙනා තුළත් මේ ගති ලක්ෂණ තියෙනවා නම් ඔහු එක්ක කවදා හෝ පවුල් ජීවිතයක් ගෙනියන්න හුඟාක් අමාරු වෙනවා. විවාහය වැදගත් නිසා කොච්චර ඉවසුවත් දවසක ඉවසීමේ සීමාව උනත් ඉක්මවන අවස්ථාවක් නො එයි කියා සිතන්න අපහසුයි. ඉතින් එහෙම කෙනෙක් එක්ක ජීවිතයේ සතුටින් ඉන්න බැහැ.

ඔයාගෙන් හුඟාක් දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක්

ඔයා ඔහුට ඔයාගේ කැමැත්තෙන් පොඩි තෑග්ගක් අරන් දෙනවා කියලා හිතන්න. ඒත් ඔහු ඔයාගෙන් ආසිමාන්තික ලෙස යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා නම් කවදාවත් ඔහුව ඔයාගේ සහකරු කරගන්න එපා. ඊට හේතුව කිසිම දවසක ඔහු සැහීමකට පත් වෙන්නේ නැහැ නිසා. තවද ඔහුගේ බලාපොරොත්තු නිසා ඔයා දවසක අමාරුවේ වැටෙනවා. එහෙම පුද්ගලයෙක්ව ඔයාගේ ආදරවන්තයා කර ගන්න එපා.

පාලනය කිරීම

අද සමාජයේ කොල්ලෙක් කෙල්ලෙක්ට අයිති හැම නිදහසක්ම සිමා කරන්න උත්සහ කරනවා. කවදාත් කිසිම කෙල්ලෙක් තමන්ගේ නිදහස සිමා වෙනවට කැමති නැහැ. අඩුම තරමේ කෙල්ලෙක්ට තනියෙන් තීරණ ගන් , අඳින ඇඳුම ගැන හිතන්නවත්, යහළු මිතුරු හමුවලට නිදහස තියෙන්න ඕනේ. හැමදේම නොසඟවා තම ස්වාමියාට කියන්න පුලුවන් කෙනෙකුව විවාහ කරගන්න. හැබැයි නිදහස සිමා කරන්න දෙන්න එපා. ඉතින් ඔයා නිදහස සිමා කරන කොල්ලෙක්ව සහකරු කර ගන්න හිතන්නවත් එපා.

ඉක්මනින් කේන්ති යනවා

හුඟාක් පිරිමි පාර්ශවය තම පුරුෂ ශක්තිය කියලා හිතාගෙන ඉන්නේ තම ගැහැණිය යටහත් පහත් කර ගෙන ඉන්න එක කියලා. පුරුෂයෙක්ව තෝරාගන්න කොට විශේෂයෙන්ම හිතන්න ඕනා ඔහු නිතරම කේන්ති ස්වභාවයෙන්ද ඉන්නේ කියලා. සමහර වෙලාවට ඔයාගේ විවාහ ජීවිතය අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි මහා හයියෙන් කෑගගහා රණ්ඩු සරුවල් කරන එක.

විවේචනය

ආත්මාර්ථකාමී පිරිමියෙකු ළඟ කවදාවත්ම තවත් කෙනෙකුගේ හොඳක් දකින්නේ නැති ස්වභාවය. ඔහු ඔයාව හැම වෙලාවකම විවේචනය කරනවා නම්, නැත්නම් ඔයාගේ හොඳක් දකින්නෙම නැති නම් ඔහුව ඔයාගේ සහකරු විදිහට භාර ගන්න එපා. මේ වගේ කෙනෙක් එක්ක ජීවිතය සාර්ථක කර ගන්න නම් ලොකු උත්සහයක් දරන්න වෙනවා. ඉතින් ඔයා ජීවිතය හැම වෙලේම් කලකිරීමෙන් ගත කරනවද, සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවද කියන එක තීරණය කරන්න.

ඉතින් ඔයා සහකරු විදිහට මේ ලක්ෂණ ඇති කෙනෙක්ව කවදාවත් තොර ගන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1212 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:17:06 AM
Script:/article/1212/think-twice-about-men-like-this.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:17:06 AM
Script:/article/1212/think-twice-about-men-like-this.html