ඔයාගේ පෙම්වතාත් ළඟදී ඉදලා මේ විදිහට හැසිරෙනවා නම් එයා හදන්නේ ඔයාව මඟහරින්නයි

November 27, 2017
7,889
If your boyfriend behaving like this, he wants to leave you
ඕනම දෙයක් පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා කියලා කතාවක් අහලා ඇතිනේ. ගොඩාක් ආදර කතා වලටත් ඔය දේම සිද්ධ වෙනවා. එකනේ කාලයක් යද්දී කලින් තිබුණු ආදරේ ටික ටික අඩු වෙලා ගිහින් දවසින් දවස ප්‍රශ්න ඇති වෙලා බැරිම තැන දෙන්න දෙපැත්තට වෙන්නේ. ඒ විදිහට දවස ගානේ ප්‍රශ්න ඇති වුණාම දෙන්නටම දෙන්නා එපා වෙනවා. ඊට පස්සේ හිමිහිට ලිස්සලා යන්න තමයි හැමෝම බලන්නේ.

පෙම්වතා ලඟත් ලඟදි ඉඳලා මේ වගේ ලක්ෂණ දිස් වෙනවා නම් එයාට දැන් ඕන වෙලා තියෙන්නේ ඔයාගෙන් ඈත් වෙන්න.

1. නොසලකා හැරීම

අපි කවුරුත් ගෞරවය කියන දේට කැමතියිනේ. එයාට ඔයාව මඟ හරින්න ඕන වුනාම ඔයාට දෙන්න ඕන ගෞරවය ටිකෙන් ටික අඩු කරනවා.ඒ කියන්නේ ගණන් ගන්නේ නැහැ කියන එක. ඔයා කියන දෙයක් කිසිම වෙලාවක ගණන් ගන්නේ නැත්තන්, ඔයාට අවදානය දෙන්නේ නැත්තන්, එයා කරන්නේ එයාට ඕන දේ විතරයි නම් එයාට ඔයාව වැදගත් නැහැ කියන එකයි ඒ අඟවන්නේ.

2. පිට අය ඉස්සරහා ඔයාව උපහාසයට ලක් කිරීම

ඒ වගේ දෙයකදී ඔයාගේ හදවතේ ඔහු කෙරේ ඇති ආදරය, සෙනෙහස, විශ්වාසය අනිවාර්යෙන් බිඳිලා යනවා. මේ වගේ කෙනෙක්ටද මම ආදරය කරේ කියලා හිතෙන විදිහට ඔහු නිතරම හැසිරෙන්න ගන්නවා.

3. ඔයාගේ යාළුවො එක්ක ඔයාව විවේචනය කරනවා

මේ වගේ දේවල් වලින් ඔයාව අපහසුතාවයට පත් වෙනවා වගේම ලජ්ජාවට පත් වෙනවා. සම්බන්ධතාවය ගැන ඔහු ගැන ඔයා තුල කලකිරීමක් ඇති වෙනවා. මේ සම්බන්ධය තව දුර ගෙනියන්න ඕන නැහැ කියලා ඔයාටම හිතෙන්න පටන් ගන්නවා.

4. නැති වැරදි සෙවීම

හැම වෙලාවකම ඔයාගේ වැරද්දක්, අඩු පාඩුවක්ම තමයි ඔහුට පෙන්නේ. ඒකට ඔයා වැරදි කරන්න ඕන නැහැ. නිතරම බොරු චෝදනා, තර්ජන ගර්ජන කරන්නත් ඔහු පෙළඹෙනවා.

5. කවදාවත් නැති විදිහට කාර්යබහුල වීම

විවිධ හේතු කියමින් ඔයත් එක්ක කතා කරන වෙලාව ටික ටික අඩු වෙනවා. ඔයාව මුණ ගැහෙන්න එන එක ටික ටික අඩු කරනවා. ඔහුට වෙනත් වැඩ බොහොමයක් ඇති බව අඟවනවා.

6. සැක කිරීම

සැකය කියන දේ දෙදෙනෙක් අතරට අවොත් ඒක ඒ සම්බන්ධය තුල බොහෝ ප්‍රශ්න ඇතිකරන්නත් ඇතැම් විට එහි අවසානය සිදු වෙන්නත් පුළුවන්. අහේතුකව ඔයාව සැක කරමින් ඔයාට චෝදනා කරන්න ඔහු පටන් ගන්නේ ඔයාව ඔහුගෙන් ඈත් කරන්න තියෙන අවශ්‍යතාවය නිසා වෙන්න පුළුවන්.

දවසින් දවස මේ දේවල් සිද්ධ වෙද්දී ඔයාට තව දුරටත් ඔහු එක්ක ඉන්න ඕන නැහැ කියලා හිතෙන්න ගන්නවා. සමහර විට ඔහුටත් කලින් ඔයා ඔහුගෙන් ඈත් වෙන්න තීරණය කරන්න පුළුවන්. අවසානයේ ඔහුට අවශ්‍ය දේ ඔයා ලවාම සිද්ධ කර ගන්න එක තමයි වෙන්නේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 542 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:50 AM
Script:/article/542/if-your-boyfriend-behaving-like-this-he-wants-to-leave-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:50 AM
Script:/article/542/if-your-boyfriend-behaving-like-this-he-wants-to-leave-you.html