සතුට ඔබ අතේමය

August 25, 2017
3,789
Happiness is in your own hand.
ඔබ දෙදෙනා කෙතරම් කාර්යබහුල වුවද දෙදෙනාගේ සතුට වෙනුවෙන් පුංච් හෝ ඉඩක් වෙන් කරගත යුතුයි. සෑම මසකම එක් දිනක ඔබේ මුදලින් දෙදෙනා එක්ව රසවත් රාත්‍රී ආහාර වේලක රස බලන්න පිටතට යන්න.

ඔබ ඔහු හෝ ඇය කැමැති ක්‍රීඩාවක් නැරඹීමට, ක්‍රීඩාවක නිරත වීමට එක් දිනක් තෝරා ගන්න. ක්‍රීඩාවෙන් වෙහෙසට පත් ඔහුට ඇයට ඔබගේ කාරුණික ආදරය සුවයක් ගෙනේවි.

පුංවි විහිළුවකින් දෙදෙනා සතුටින් සිනාවෙන්න. හදවතේ උපදින සිනාව, ආදරණිය බැඳීමට මහත් සේ වටිනවා.

ඉරිදා දිනයකදී උදෑසනින් අවදි වී ඔබේ අනෙකුත් කටයුතු කරන්න. ඉතිරි කාලය ඔබ දෙදෙනාගේ ආදරය වෙනුවෙන් වැය කරන්න.

ඔබේ සිහිවටන එකතු කරන්න. පුංචි පොතක් සුදානම් කරන්න. ඔහු දුන් පුංචි පින්තුරයක්, මලක් හෝ එවැනි කුඩා දෙයක් පොත තුළ බහා පිළියෙළ කරන්න. ඔබේ ආදරයේ පුංචි මතක සටහන් ලියා තබන්න. තවත් දිනෙක මේ පුංචි සමරු පොත බලන ඔබට ඔහු/ඇය කෙරෙහි ආදරණිය බව වැඩිවේවි.

එක් දිනක් ඔහු හෝ ඇයගේ අදහස් වලට එකඟ වන්නට තීරණය කරන්න. ඔහුගේ දර්ශනයන්ට ඔබ සතුටින් එකඟවන්න.

ඔබ පෙම්වත් යුවළක් නම් ඔබ දෙදෙනාගේ විවාහ දිවියට අවශ්‍ය පුංචි පුංචි දේ එකතු කරන්න, ඉටිපන්දමක් වුවද කම් නැත. ඉන් ඔබ දෙදෙනා තුළ විශ්වාසයක් බැඳීමක් ගොඩ නැගේවි.

දෙදෙනා අතර පෙර ඇති වු අමනාපකම් මතකයෙන් ඉවත් කරන්න. ඉඩක් ලැබුණු විට ඒ වැරදි ආදරයෙන් පෙන්වා දෙන්න.

ඔබේ විවාහය ගැන මුල සිටම සැලසුම් සහගතව සුදානම් වන්න. ඒ මන්දයත් ඔබ දෙදෙනාගේ විවාහය අන් හැම විවාහයකටම වඩා ඔබට වැදගත් වන හෙයිනි.

ඔබ දෙදෙනා පමණක් හුදකලා වු මොහොතක ඔබ කැමැති බීමක් රස විඳිමින් සතුටු සාමිචියේ යෙදෙන්න.

ඔබේ රූපවාහිනී යන්ත්‍රය නිවා දමන්න. දෙදෙනා එක්ව සුහදව කතා කරන්න. එකිනෙකාට අහුම්කන් දෙන්න.

ඉඩ ලැබුණූ විටෙක සරුංගලයක් අරගෙන මුහුදු වෙරළට යන්න. මෙය බොළඳ විහිළුවක් යැයි ඔබට හැඟේවි. නමුත් ඉන් ඔබ දෙදෙනාට ලැබෙන තෘප්තිය කෙතරම්ද කියා බලන්න.මෙය අලුත් අත්දැකිම් වේවි.

දෙදෙනා එක්ව හවුල් ගිණුමක් අරඹන්න. දෙදෙනා එක්ව ඉතිරි කරන්න. එය ඔබ දෙදෙනාගේ හෙට දවසට සුවිශාල අත්වාරුවක් වේවි.

පෙම්වතුන් එක්වන උත්සවයකට, නැටුමකට හෝ එවන් පුංචි උත්සවයකට සහභාගි වී නටන්න. හැඟීම්බරව ගයන්න.

ඔබ දෙදෙනා එකිනෙකා වෙනුවෙන් කළ යුතු විශේෂී දෑ නිතර පෙනෙන ස්ථානයක ලියා තබන්න.

ඔබ දෙදෙනාගේ ආදරය ගැන දෙදෙනා වෙන වෙනම සිතුවිලි 10 ක් ලියන්න. ඒවා එකිනෙකට හුවමරු කරගෙන බලන්න.

ඔහුට හෝ ඇයට මේ දේවල් පවසන්න. ඔයාගේ හෙයා කට් එකට මං හරිම කැමැතියි. ඇත්තමයි ඔයාට තියෙන්නේ පුදුම ලස්සන හිනාවක්. එකිනෙකා පැසසුම් කිරීමෙන් ලැබෙන සතුට අත්විඳගන්න.

ඔහුගේ/ඇයගේ උපන් දිනයට වටිනාකමින් වැඩි ප්‍රමාණයෙන් කුඩා තෑග්ගක් දෙන්න. ඉන් ඔහු/ඇය මහත් සේ උද්දාමයට පත්වේවි.

ඔහු/ඇය ගැන වෙන අයෙකු කී දෙයක් ඔහුට/ඇයට සෘඡුව පවසන්න. පුංචි පුංචි සැකයන් හදවතේ වඩවා ගැනීම භයානකයි.

සටහන
අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   46,524
   39

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to get vitamin E for healthy skin and hair
   35,279
   32

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
5 skin care tips for your neck
   32,426
   31

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Milk Toffee Recipe
   137,665
   30

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed