ආදරේ නිසා මේ දේවල් නම් කවදාවත් අත්හරින්න එපා

September 20, 2017
7,412
6 things you should never give up for a relationship
හැමෝම හිතන්නේ ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ තමන්ගේ සහකාරයා වෙනුවෙන් තමන්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ හින්දා ගොඩක් අය කරන්නේ තමන්ගේ සබඳතාවය රැකගන්න තමන්ගේ ජීවිතේ තමන්ට වටිනා ගොඩක් දේවල් අතැරලා දාන එක. හැබැයි මතක තියාගන්න ඕනෙම දෙයක සීමාවක් තියෙනවා. ඒ සිමාව පන්නලා අපි ජිවිතයේ තීරණ ගන්නවා කියන්නේ අපි අපේ ජීවිතය හිතා මතාම ප්‍රශ්න ගොඩක පටලවා ගන්නවා කියන එකයි. ආදරය කියන්නේ අපි හැමෝගෙම ජිවිතයට අවශ්‍ය දෙයක් හැබැයි කවදාවත් ඒ ආදරය වෙනුවෙන් මේ දේවල් නම් අත්හරින්න හිතන්නවත් එපා.

1. ඔබේ ජීවිතයේ බලාපොරොත්තු සහ සිහින

ආදරය කියන්නේ ඔබේ ජීවිතයට තවත් බලාපොරොත්තු සිහින එකතු කරන දෙයක් මිසක් තියෙන බලාපොරොත්තු, හීන නැති කරලා දාන එකක් නෙවෙයි. ඉතින් ඔබට ආදරය නිසා මේ දේවල් අත්හරින්න වෙනවා කියන්නේ ඒ ආදරය ඔබට ගැලපෙන එකක් නෙවෙයි කියන එකයි.

2. ඔබේ ජීවිතයේ තීරණ ගන්න ඔබට තියෙන අයිතිය

ඕනෙම කෙනෙක්ට තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න අයිතියක් නිදහසක් තියෙන්න ඕනේ හැබැයි ආදරය ඔබේ ඒ නිදහස නැති කරන්න සිමා කරන්න හේතුවක් වෙනවා නම්. ඔබට ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා.

3. ඔබට ඔබ ලෙසම ජිවත් වෙන්න තියෙන අයිතිය

ආදරය වෙනුවෙන් කවදාවත් ඔබ ඔබවම වෙනස් කර ගන්න උත්සහ කරන්න එපා. මොකද එය ඉතාමත් තාවකාලිකයි. ඔබ ජීවත් වෙන්න ඕනේ ඔබ හැටියට මිසක් මවා ගත් කෙනෙක් ලෙස නොවේ.

4. ඔබේ මිතුරන් සහ පවුල

අපිට ජිවත් වෙන්න ඕනේ වෙන්නේ ජිවන සහකරයෙක් විතරක් නෙවෙයි. පවුල වගේම මිතුරන් කියන්නෙත් අපේ ජීවිතේ කවදාවත් අත්හරින්න බැරි කොටසක්. ඒ නිසා ආදරේ වෙනුවෙන් මේ අය අත්හරින්න හිතන්නවත් එපා.

5. ඔබේ ආත්ම ගරුත්වය

අපි හැමෝම කැමති වැදගත් විදිහට ජිවත් වෙන්න. ඉතින් ආදරය නිසා අපිට අපේ ගරුත්වය නැති කරගන්න වෙනවා නම් ඒ ආදරයෙන් අපිට වැඩක් තියෙයි ද?

6. ඔබේ සතුට

සතුට වෙනුවෙන් තමයි අපි ජීවිතයේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් ආදරෙන් උනත් අපි බලාපොරොත්තු වෙන්නේ ජීවිතේට සතුට. එහෙනම් කවදාවත් ආදරේ නිසා ජීවිතේ සතුට අත්හරින්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 423 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:24:03 AM
Script:/article/423/6-things-you-should-never-give-up-for-a-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:24:04 AM
Script:/article/423/6-things-you-should-never-give-up-for-a-relationship.html