වෙනිවැල් ගැට වලින් ලස්සන වෙමු

July 9, 2020
22,755
Be beautiful with veniwalgeta
ගෙදර තියෙන වෙනිවැල්ගැට කෑල්ලෙන් ලස්සන වෙන්න.. මේ දවස්වල සැලෝන් යන්නත් නැහැ. . වැඩි මහන්සියක් නැතුව ෆේෂල් එකක් කරගනිමුද..?

ϖ වෙනිවැල් ගැට කැබල්ලක් කුඩාවට කපා පොගවා ගන්න. ඒ වතුරට දෙහි බින්දු කීපයක්, යෝගට් මේස හැන්දක්, ආමන්ඩ් පිටි මේස හැන්දක් එකතු කර ගෙන එයින් මුහුණ ක්ලෙන්සර් කරන්න

ϖ දැන් වෙනිවැල් ගැට පොඟවන ලද වතුරට රෝස වතුර ස්වල්පයක්, කොහොඹ දළු යුෂ මේස් හැන්දක් දෙහි බින්දු දෙක තුනක් හා රෝස වතුර එකතු කරලා ටෝනර් එකක් හදා ගන්න. වෙනිවැල්ගැට කුඩු සමග ආමන්ඩ් කුඩු, යෝගට් මේස හැන්දක්, මීපැණි බින්දු කීපයක් එකතු කර ගෙන ස්ක්‍රබ් එක හදා ගන්න.

ϖ මසාජ් එක මෙහෙමයි.. වෙනිවැල්ගට පිටි මේස හැඳි තුනකට යෝගට් මේස හැන්දක් සහ තලා ගත් කස්තුරි කහ මේස හැන්දක් සහ දෙහි බින්දු කීපයක් එකතු කරලා එයින් මුහුණ මසාජ් කරන්න...

හැබැයි ෆේස් පැක් එක හදා ගනිද්දී නම් තමන්ගේ සමට ගැලපෙන විදිහට සකස් කර ගන්න ඕන..

¬ ඔබේ සම තෙල් සහිත නම්..
වෙනිවැල්ගැට පිටි, කඩල පිටි සහ දෙහි බින්දු කීපයක් එකතු කරලා එයට බිත්තර සුදුමදයෙන් මේස හැඳි දෙකක් එකතු කරන්න. මේ ගොරෝසු මිශ්‍රණය මුහුණේ තවරා විනාඩි 45 කට පසුව සෝදන්න.

කුරුලෑ තිබෙනවා නම්..
¬ කුරුලෑ තිබෙනවා නම් මුහුණ ස්ක්‍රබ් කරන්න වගේම මසාජ් කරන්න බැහැ. මේ නිසා වෙනිවැල්ගැට කුඩු, කරාබු නැටි මේස හැදි දෙකක්, කස්තුරි කහ මේස හැදි දෙකක් සමග මිශ්‍ර කර ගෙන දෙහි බින්දු කීපයක් එක් කරන්න. මේ පල්පය කුරුලෑ තිබෙන තැන්වල ආලේප කර ෆොයිල් කොළයකින් මුහුණ වසා පැයකින් පසුව සෝදන්න.

¬ සම වියළි නම් කලබල වෙන්න එපා… විසදුම් අතේ..
වෙනිවැල්ගැට පිටි සමග කස්තුරි කහ මේස හැඳි දෙකක්, යෝගට් මේස හැන්දක් සහ ආමන්ඩ් තෙල් මේස හැන්දක් සහ රාබු යුෂ මේස හැඳි දෙකක් එකතුව සාදා ගත් මිශ්‍රණය මුහුණේ ගල්වා විනාඩි 45 කින් පසුව සෝදන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1691 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:21:05 AM
Script:/article/1691/be-beautiful-with-veniwalgeta.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 1:21:05 AM
Script:/article/1691/be-beautiful-with-veniwalgeta.html