අලුත් විදියට ආදරෙයි කියන්න කැමති නැද්ද?

January 29, 2018
7,904
Want to say I Love You in a different way?
ඔයත් ඔයාගේ පෙම්වතාට, පෙම්වතියට ආදරෙයි කියන්නේ එකම විදියටද? හැමදාම දකින කුකුලගේ කරමලෙත් සුදුපාටයි කියනවනේ. ඒ වගේ තමයි හැමදාම එකම විදියට ආදරේයි කිව්වොත් කාලයක් යද්දී අගයක් නැතුව යනවා. ඕනෑම දෙයක් වෙනස් විදියට කිව්වොත් කරොත් තමයි අනිත් කෙනාට ඒක දැනෙන්නේ. හැමදාම මම ඔයාට ආදරෙයි කියලා කියනවට වඩා ඒ ආදරේ දැනෙන විදියට මේ දේවල් කරලා බලන්න. එහෙම වුනොත් හැමදාමත් ආදරේ පිවිතුරු බව, නැවුම් බව රැක ගන්න පුළුවන් වෙයි. එකිනෙකා කෙරේ ආදරෙත් වැඩි වෙයි.


1. එයා කන්න කැමති දෙයක් හදලා දෙන්න. හැමදාම ඔයා කැමති දේවල් වලට විතරක් මුල් තැන දෙන්න එපා.

2. එයා ඔයාගෙන් බලාපොරොත්තු වෙන චරිත ලක්ෂණ, ගුණාංග, ඔයාගේ වෙනස් වෙන්න ඕන කියලා එයා හිතන දේවල් එයා වෙනුවෙන් කරලා පෙන්නන්න.

3. එයා ආස කරන දෙයක් එයාගේ උපන්දිනයට තෑගි දෙන්න.

4. එයා අතින් වෙන පොඩි පොඩි වැරදි වලට සමාව දෙන්න.

5. ඔයාගේ අතින් වෙන වැරදි වලදීත් ගණන් උස්සන්නේ නැතුව සමාව ඉල්ලන්න.

6. ඉඳලා හිටලා හරි පොඩි surprise එකක්. නොකිව්වට හැමෝම කැමතියි ඒවාට. ඒ නිසා පුළුවන් විදියට ඒ වගේ වෙනසක් කරන්න හිතන්න.

7. දෙන්නත් එක්ක සුන්දර තැනක ඇවිදින්න යන්න. මුහුදු වෙරළක වගේ. එහෙම නැත්තන් වෙන තැනක. ඒ වගේ සුන්දර වෙලාවල් වලදී එකිනෙකාට තව තවත් ආදරෙන් ලං වෙන්න අවස්තාව ලැබෙනවා.

8. එයාගේ පොඩි පොඩි දේවල් මතක තියා ගන්න. එයා කන්න කැමති දේවල්. එයා කැමතිම පාට, වැඩියෙන්ම අඳින්න කැමති ඇඳුම. වෙලාව අවම ඒවා පාවිච්චි කරන්න.

9. එයා ළඟ තියෙන හොඳ ගති ගුණ අගය කරන්න.

10. එයාව ඔයාගේ පෙම්වතා හෝ පෙම්වතිය වුනු එක ගැන ඔයා මොන තරම් සතුටු වෙනවද කියන එක එයාට කියන්නේ.

11. එයා ඔයාට මොනතරම් වටිනවද, විශේෂද කියන එක එයාට කියන්න, එයා වෙනුවෙන් ඔයාට මොනවද කරන්න පුළුවන් කියන

12. දෙන්නටම නිදහස් දවසක විශේෂ දෙයක් කරන්න plan කරන්න. ෆිල්ම් එකක් බලන්න යන්න, නැත්තන් shopping කරන්න වගේ දෙයක්.

13. එයා වෙනුවෙන් ඔයාට මොනවද කරන්න පුළුවන් කියන එක එයාට දැනෙන්න කියන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 644 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:55:37 PM
Script:/article/644/want-to-say-i-love-you-in-a-different-way.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:55:38 PM
Script:/article/644/want-to-say-i-love-you-in-a-different-way.html