උපරිම ප්‍රථිඵල ලබා ගන්න ව්‍යායාම වලට කලින් මේවා කන්න

May 7, 2019
9,539
Eat these to have best results in exercise
හැඩට ඉන්න නම් ආහාරපාන වගේම ව්‍යායාමත් ඕන බව දැන් හැම දෙනාම දන්නවා. ඒත් ව්‍යායාම කරන්න පෙරාතුව ඒ වෙනුවෙන් වූ පසුබිම නිවරැදි විදිහට සකස් කර ගත්තොත් ව්‍යායාම වලින් ලැබෙන උපරිම ප්‍රතිඵල කිසිම කරදරයක් නැතුව අපේ හැඩකාරියන්ට ලබා ගන්න පුලුවන් වෙන්නේ.

ඔන්න ඉතින් හිස්බඩම ව්‍යායාම පටන් ගනන්වාට වඩා ඊට පෙරාතුව වූ පැය තුනකට පමණ කලින්, අඩුම තරමින් පැය බාගයකට කලින් වත් ශක්තිජනක පානයක් ලබා ගැනීම වඩාත් හොඳයි. සාමාන්‍යයෙන් කිරි වීදුරුවක් වගේ දෙයක් මේ සඳහා ගැලපෙනම පානයක් කියන්න පුලුවනි.

ශක්තිජනක පානයකින් පසුව ව්‍යායාම කිරීම ආරම්භ කලොත් හැඩකාරියන්ට මේදය දහනය කර ගැනීම පහසුවෙන්ම කරන්න පුලුවන් වෙනවා. අස්ථි පද්ධතියේ පැවැත්ම හොඳින් පවත්වා ගැනීමට පුලුවන් නිසා සිරුරේ හැඩය හොඳින් තබා ගැනීමට හැකියාව ලැබෙනවා.

උදේ ආහාරයට මොනවාද ගැලපෙන්නේ..

ඔව්.. උදේ ආහාරයට පීනට්, බටර් සමග කුරක්කන් ආහාර, කව්පි, ඕට්ස්, කඩල වගේ දේවල් ගැනීමට පුලුවනි. බටහිර වෛද්‍යවරුන්ගේ පිලිගැනීමට අනුව පීනට් වල අන්තර්ගත ප්‍රෝටින් නිසා සිරුරේ ඇටමිදුලු ශක්තිමත් වෙන බවයි. ඒත් සමහර අය පීනට් වෙනුවෙන් ආසාත්මිකතාවයක් දක්වනවා. එහෙම පුර්ව අවස්ථාවන් තිබෙනවා නම් සහ මුල් අවස්ථාවේදීම එවැනි ආසාත්මිකතාවයන් පෙන්වනවා නම් පීනට් වලින් දුරස් වුනාට වරදක් නැහැ.

දිනපතා ව්‍යායාම කරන අයට ඕට්ස්, ගුණ ලබා දෙන ආහාරයක්. මෙහි කැල්සියම් යහමින් තිබෙන නිසා අස්ථි ශක්තිමත් වීමට වඩාත් හේතුකාරකයක් විදිහට පෙන්වා දෙන්න පුලුවනි. ඕට්ස්, කිරි සහ පළතුරු සමග ආහාරයට ගැනීමටත් පුලුවනි. සකස් කර ගැනීමටත් ඒ තරම් කාලවේලාවක් ගත වෙන්නෙත් නැහැ.

ඕට්ස් වර්ග

ඕට්ස් වර්ග කීපයක් තිබෙනවා.

ස්ටීල් කට් - ස්ටීල් කට් යනුවෙන් හැ‍ඳින්වෙන්නේ ඕට්ස් ඇටය කුඩා කොටස්වලට කැපීමෙන් සාදා ගන්නා විශේෂයක්. අයිරිස් සහ ස්කොටිෂ් ඕට්ස් යන නමිනුත් හැඳින්වෙන ස්ටීල් කට් විශේෂය එළවලු සමග තම්බා අහාරයට ගැනීමට පුලුවනි.

රෝල්ඩ් ඕට්ස් - ස්ටීල් කට්වලට වඩා පහසුවෙන් තැම්බෙන මේ වර්ගයේදී ඕට්ස් පෙති විදිහට දකින්න පුලුවන්.

ඉන්ස්ටන්ට් ඕට්ස් - ක්වික් ඕට්ස් යන නමිනුත් හැදින්වෙන මේ වර්ගය ඉතාම ඉක්මනින් සාදා ගන්න පුලුවන්.

සෞඛ්‍ය වාසි

ඕට්ස් නිසා අපිට ලැබෙන සෞඛ්‍ය වාසි බොහොමයක් තිබෙනවා. ඉතාම පහසුවෙන් අහිතකර කොලස්ටරෝල් මට්ටම අඩු කර ගන්න පුලුවන්. හදවත් රෝග වෙනුවෙන් මේ අහිතකර කොලස්ටරෝල් මගින් ඇති වෙන බලපෑම ගැන කියන්න තව අතුරු කතා අවශ්‍ය නැති බව ඔබ දන්නවා. හදවත් රෝග වෙනුවෙන් වඩාත් වැඩි බලපෑමක් ඇති කරන්නේ අඩු ඝනත්ව ලිපොප්‍රෝටීනයි. ඒත් 1963 වසරේ සිදු කරන ලද සමීක්ෂනයකින් හඳුනා ගත් අන්දමට ඕට්ස්වල අන්තර්ගත බිටා ග්ලුකැන් තන්තු (beta-glucan fiber) මගින් රුධිරයේ කොලස්ටරෝල් සංසරන මට්ටම අවම කිරීමේ හැකියාවක් තිබෙනවා.

දවසකට ඕට්ස් ග්‍රෑම් තුනක් ආහාරයට ගැනීමෙන් අහිතරක කොලස්ටරෝල් මට්ටම 8%‍ සිට 23‍% දක්වා පහළ මට්ටමට පත් කර ගන්න පුලුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ වසර 19 ක් පුරා වැඩිහිටියන් දස දහසක් දෙනා සම්බන්ධ කර ගෙන අධ්‍යනයක් පවත්වන ලද අතර එහිදී පෙනී ගියේ දිනකට ඕටස් තන්තු ආහාරයට ගත් පුද්ගලයන් කිරීටක ධමණීන් ආශ්‍රිත ආබාධ තත්වයන්ගෙන් ආරක්ෂාව ලද බවයි.

යෝගට් සමග පළතුරු

යෝගට් සමග පළතුරුත් උදේ ආහාරයට එකතු කර ගැනීමට පුලුවනි. එයින් ශරීර ශක්තිය ඇති වෙනවා. ඒ වගේම යෝගට් දියරය සහ පළතුරු යුෂ උදේ ආහාරයට සම්බන්ධ කර ගත්තොත් ස්ථුලතාවය අඩු කර ගන්නත් පහසුවෙන්ම පුලුවන් වේවි.

මේ ආරංචියත් අහන්නකෝ..

උදේ ව්‍යායාම පටන් ගන්න විනාඩි දහයකට විතර කලින් කෙසෙල් ගෙඩියක් ආහාරයට ගත්තොත් පොටෑසියම් සහ ප්‍රතිඔක්සිකාරක සිරුරට ලැබෙනවා. ඒ නිසා ශක්තිය හොඳින් පවත්වා ගැනීමට පුලුවනි.
ව්‍යායාම අහවර වීමෙන් පසු ටෝස්ට් කරන ලද පාන් සමග තම්බාගත් බිත්තරත් හොඳ බව වෛද්‍යවරුන් විසින් සදහන් කර තිබෙනවා.

එන්. ඒ. පි. සි ද සිල්වා

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1320 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:26:58 PM
Script:/article/1320/eat-these-to-have-best-results-in-exercise.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:26:59 PM
Script:/article/1320/eat-these-to-have-best-results-in-exercise.html