ඔයාටත් sex කරන්න තියෙන ආශාව වැඩියිද? එහෙම නම් මේ ලිපිය ඔයාට ඉතා වැදගත්

July 27, 2020
9,434
This is the reason if you feel to have sex too much
ගැහැණු පිරිමි භේදයක් නැතුව හැමෝම sex කරන්න කැමතියිනේ. sex කරන්න හැමෝම කැමති වුණාට ඔයා කවදාවත් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න නම් කැමති වෙන්නේ නෑ. විශේෂයෙන්ම කාන්තාවන් මේ ගැන වැඩිපුර කතා කරන්න ඉතාමත් අකමැතියි. පිරිමි පාර්ශ්වයට වගේම කාන්තාවන්ටත් ලිංගික ආශාව අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. ඒත් අද අපි ඔයාව දැනුවත් කරන්නේ සමාන්‍ය ජීවිතය තුළ ඔබ විසින් සිදු කරන ලිංගික සම්බන්ධතා ගැන නම් නෙමෙයි. ඔයා නොදන්නවා වුණාට අසීමාන්තිකව ලිංගික ආශාවන් වලට පෙළඹෙන පිරිස් ඕනෑ තරම් අද සමාජය තුළ ඉන්නවා. ලිංගික ක්‍රියාවලට ඔවුන්ගේ උන්මාදය කොච්චරද කියලා කියනවා නම් ඉන්න තැන ගැනවත් හාන්කවිස්සියක් ඔවුන්ට නෑ. ඔයා සමහරට විට එවැනි අය දැකලත් ඇති. ගොඩක් දෙනෙක් වන් මෑන් ෂෝ කියලා ඔය හදුන්වන්නේ ඒ වගේම තවත් පිරිසක්. මෙවැනි තත්ත්වයන්වලට ඔවුන් යොමු වෙන්නේ රෝගී තත්ත්වයක් නිසා. ඉතිං මේ ගැන ඔයාලව දැනුවත් කරන්න අද අපි තීරණය කළා. ඔයත් මේ ලිපිය පොඩ්ඩක් කියවලම බලන්නකෝ.

ගැටවර වයසේ ඉන්න කෙල්ලොන්ට කොල්ලොන්ට තියෙන ආශාවන් වැඩියි. මේ ආශාවන් අතරේ ලිංගික අත්දැකීම් ඇති කර ගන්න ඔවුන් ගොඩක් කැමතියි. ඒ නිසාම මේ වයසේ කෙල්ලෝ කොල්ලෝ ආදරය කරන්න මුල පුරනවා. මෙහෙම පටන් ගත්ත ගොඩක් ආදර කතා වැඩි දුර යන්න කලින් විවිධ ලිංගික සබදතා පවත්වන්න පටන් ගන්නවා. ඇත්තටම ලිංගිකත්වය කියන්නේ ජීව විද්‍යාත්මක කාරණයක් වුණත් අද සමාජයේ බොහෝ ව්‍යසනයන්ට මුල පුරන්නේ මේ හේතුවමයි.

ගැහැණු දරුවෙකුගේ වයස අවරු 15 ක් 16 ක් වෙනකොට හෝමෝන ක්‍රියාකාරීත්වය ඉතාමත් හොඳින් සිදු වෙන්න පටන් ගන්නවා. මේ වයසට දෙපාර්ශ්වයටම sex කරන්න විවිධ ආශාවන් ඇති වෙනවා. ලිංගික ආශාවන් ඇති වීම ප්‍රජා විද්‍යාමක වන නමුත් හැඟීම් මනසින් පාලනය කර අවශ්‍ය විට පමණක් සපුරාගත යුතුයි. ගොඩක් වේලාවට ලිංගිකත්වය ගැන කතා කරන්න අකමැතියි වගේම සමහර අය හිතාමතාම ලිංගිකත්වය පිළිබද හැඟීම් යටපත් කරගෙන ඉන්නවා. ඒත් සමහර අයට නම් අඩු වයසේදීම තමන්ව පාලනය කරගන්න අපහසු වෙන තරමට රාගී අනුරාගී හැඟීම් ඇති වෙන්නේ අධික හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා. මේ වයසේ පසුවන ඔයාගේ කුමන හෝ සමීපතමයෙක් ලිංගික සබදතාවලට ඇබ්බැහිව කටයුතු කරන්නේ නම් එයට දඬුවම් කරන්න කලින් විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්විය යුතුයි.
ලිංගික හෝමෝන ශ්‍රාවය වෙන්නේ පිටියුටිරි ග්‍රන්ථීය ආශ්‍රි‍ත ප්‍රදේශයෙන්. පිටියුටිරි ග්‍රන්ථීයේ පිළිකාවක් හෝ ගෙඩියක් හටගත්තෝත් එම ග්‍රන්ථීයේ වැඩිපුර හෝමෝන ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. එවැනි තත්ත්වයකදී අසාමාන්‍ය ලෙස ලිංගික ආශාවන් ඇති වෙන්න පුළුවන්. රෝගියා නොදැනුවත්ම අසාමාන්‍ය ලිංගික හැසිරීම් පළ කරයි නම් හෝමෝන පරීක්ෂණයක් කිරීම ඉතා වැදගත්. එවිට අදාල පුද්ගලයා රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ දැයි නිශ්චිතවම දැන ගන්න පුළුවන්. විශේෂඥ වෛද්‍යවරුයෙකුට යොමු කළාටත් පස්සෙත් ඔහු හෝ ඇය අධික ලිංගික ආශාවන්ගෙන් පෙළේ නම් මානසික වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්.

සමාන්‍යයෙන් කාන්තාවකට අධිකව ලිංගික ආශාවන් දක්නට ලැබෙනවා නම් එසේ ඇති වෙන්නේ නිම්ෆොමේනියා නම් රෝගි තත්ත්වය නිසා. ඒ වගේම පිරිමින්ට අධික ලිංගික ආශාවන් ඇති වෙන්නේ සැටරයිසිස් නම් රෝගී තත්ත්වය නිසා. ඉතිං මෙවැනි තත්ත්වයකදී ලැජ්ජාව, බය පැත්තකට දාලා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම ඉතාමත් වැදගත්.

මානසික රෝගී තත්ත්වයන් නිසාද අධික ලිංගික ආශාවන් ඇතිවිය හැකියි. විශාදය සහ මේනීයා වගේම විශාදය සහ හයිපෝමෙනියා කියලා තත්ත්වයන් ද්විත්වයක් යටතේ මෙකී මානසික රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම සිදු කරනවා. මේ මානසික රෝග සමහර කාලවලට විශාදයෙන්ද තවත් කාලවලට මේනියා ලක්ෂණ පෙන්නුම් කරනවා.

ඔහු හෝ ඇය දුකින්, කේන්තියෙන්, නොරිස්සුන්කමින් එහෙමත් නැත්තම් තනිව හුදෙකලා හැසිරෙනවා නම් ඒ තත්ත්වය විශාදයෙන් පෙළෙන තත්ත්වයක්. එවැනි අවස්ථාවක ලිංගික ආශාවන් දක්නට ලැබෙන්නේ නෑ. ඒත් හයිපොමේනීයා තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. මේ තත්ත්වයේදී ඔහු හෝ ඇය අධික සතුටින් ලිංගික හැසීරීම්වලට යොමු වෙනවා. නමුත් අවශ්‍ය නම් ඒවා පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ තත්ත්වයේ ඉන්න රෝගීයෙක්ට සමාන්‍ය ජීවිතයට බාධාවක් නොවෙන විදිහට වැඩ කරන්න පුළුවන්.

ඉතිං අද අපේ සමාජයේ ඕනෑ තරම් ඉහත දැක්වූ මානසික රෝගවලින් පෙළෙන අය ඉන්නවා. ඔවුන්ට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් ලිංගික ආශාවන් පාලනය කර ගන්න බැරි තරමට පහළ වුණොත් ඒ සඳහා වෛද්‍ය නිර්දේශ මත ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්. මේනියා තත්ත්වයකදි කාන්තාවකට හෝ පිරිමියෙකුට අසීමිත ලිංගික ආශාවන් පහළ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ හැගීම් සපුරා ගැනීමටද උත්සාහ කරන අවස්ථා ඉතාමත් වැඩියි. සමාන්‍ය අවස්ථාවකදි ලිංගික හැගීම් පාලනය කර ගන්න අපහසු නොවූණත්, මේනියා තත්ත්වයකදි ලිංගික හැගීම් පාලනය කර ගැනීම පහසු වෙන්නේ නෑ. ඕනෑම කෙනෙක් ඉදිරියේ බයක් සැකක් ලැජ්ජාවක් නැතුව ලිංගික හැසිරීම්වල නිරත වෙනවා.

කාන්තාවකට වුණත් මේනියා රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එවිට කිසිම බයක් හෝ ලැජ්ජාවක් නැතුව ඕනෑම තැනක ඇඳුම් ගැලවීමට පවා කටයුතු කරන්න පුළුවන්. අපි ජීවත් වෙන සමාජයේ මේ වගේ සිදුවීම් ඔයා අනන්තවත් දැකලා ඇති. සමහර අවස්ථාවල ඔයා එවැනි අයට අනන්තවත් හිතෙන් බැනලත් ඇති. ඇත්තටම ඒක අසාමාන්‍ය රෝගී තත්ත්වයක්. මෙවැනි රෝගී තත්ත්වයකදි තමන්ට තමන් පාලනය කර ගන්න අමාරුයි. ලිංගික හැගීම් ඇති හැමෝම මේ ගණයට දාන්න බෑ. අසීමිත වු පාලනයකින් තොරව ලිංගික ක්‍රි‍යාකාරකම්වලට කෙනෙක් යොමු වෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,588
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to reduce under arm sweating
   46,494
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Foods to you should never give your kids
   75,008
   24

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to get vitamin E for healthy skin and hair
   70,999
   22

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed