ඇඟට දාගන්න විස නසන අක්මාවේ සෞඛ්‍යය රැකගන්න වැදගත් වෙන උපදෙස්

October 24, 2020
3,348
Keep your liver healthy
ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් අතරින් වඩාත්ම වැදගත් කාර්‍යභාරයක් අපිට ඉටු කරලා දෙන ඉන්ද්‍රියක් තමයි අක්මාව කියන්නේ. ශරීරයට ගන්න ඖෂධ ඇතුළුව ඔයා පානය කරන හා අනුභව කරන සෑම දෙයක්ම ඒ හරහා ගමන් කරනවා. ඔයාගේ ශරීරය විසින් නිපදවන හානිකර රසායනික ද්‍රව්‍ය පිට කිරීමෙන් ඔයාගේ රුධිරය පිරිසිදු කරන්නේත් අක්මාව හරහායි. ඉතින් ඒ අක්මාව සෞඛ්‍ය සම්පන්නව හා හොඳ තත්වයේ තබා ගන්න නිතරම උත්සහ කරන්න ඕනේ. ඒ වැඩේ අමාරු නැහැ. අක්මාවේ කාර්යභාරය නිවැරදිව කරන්න ඔබ උදවු කළ යුත්තේ, අක්මාවට ඔබව නිරෝගීව තැබීමට සහ ඉටු කරන කාර්යන් නිවැරදිව කිරීමට හැකි වන්නේ එසේ වූවොත් පමණක් නිසා. අක්මාවෙන් ආහාර වල ඇති මේදය බිඳ දැමීමට උපකාරී වන bile නමැති දියරය නිපදවනවා. තවද ග්ලූකෝස් ගබඩා කර තබා ගන්නා අතර එමඟින් අවශ්‍ය විටෙක ඉක්මන් ශක්ති උත්පාදනයක් අක්මාවෙන් ඔබට ලබා දෙනවා.

ඔයාගේ අක්මාව සඳහා සෞඛ්‍ය සම්පන්න උපදෙස් කිහිපයක් මෙන්න:

නරක මේදයට සමු දෙන්න -
හොඳ මේදය සිරුරට හොඳයි, නමුත් නරක මේදය ඇත්තෙන්ම නරකයි. ආහාර බැදලා කනකොට ඒවායේ ඔබේ සෞඛ්‍යයට අහිතකර, ඔක්සිකරණය වූ තෙල් තිබෙන්න පුළුවන්. ඒ වගේ ආහාර මඟ හරින්න! පොල්තෙල්, අලිගැට පේර, සැමන් සහ ඔලිව් තෙල් වගේ හොඳ පිරිසිඳු මේද සහිත ආහාර භාවීතයට ගන්න.

ප්‍රමාද වූ රාත්‍රී ආහාරය මඟ හරින්න -
අක්මාවේ පුනර්ජනනීය චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රී 11 සිට අලුයම 3 දක්වා කාලයේදීයි. මෙම අවස්ථාවේදී ඔයාගේ ශරීරය ආහාර ජීර්ණය කිරීමට කාර්යබහුල වෙලා නම් ඉන්නේ, ඒක ඔබේ නින්දට හා විෂබීජ නාශක ක්‍රියාවලියට බාධා කරනවා. ඒ නිසා රාත්‍රී 10 ට කලින් රාත්‍රී ආහාරය භූක්ති විදින්න. ඒවගේම උදේ සහ රාත්‍රී ආහාරය අතර පැය 10-12ක් අතර කාලයක් ද තබා ගන්න. (රුධිරයේ සීනි සමතුලිතතාවයට සහාය වීම සඳහා නින්දට පෙර සුළු කෑමක් ආහාරයට ගන්න)

විෂ වලට එරෙහි සටන්කරුවෙක් -
ඔයාගේ ශරීරයට ඇතුළු වන විෂ වර්ග පාලනය කිරීමෙන් අක්මාව විසින් ඔයාගේ ශරීරය සුවපත් කරනවා. කාබනික ආහාර මිලදී ගැනීම, පෙරූ ජලය පානය කිරීම, ප්ලාස්ටික් වෙනුවට වීදුරු බහාලුම් වල ආහාර ගබඩා කිරීම සහ විෂ රසායන ද්‍රව්‍ය වලින් තොර සම ආරක්ෂණ නිෂ්පාදන තෝරා ගන්න.

තන්තුමය ආහාර -
ද්‍රාව්‍යමය තන්තු වලින් පොහොසත් ආහාර අක්මාවට එන විෂ ද්‍රව්‍ය සමග සටන් කිරීමට උපකාරී වෙනවා. ඒ නිසා සෑම දිනකම ඔබේ ආහාර වලට තන්තු සහිත, විෂ රහිත කස කසා, හන ඇට, පලතුරු, එළවළු, බෝංචි සහ ඔට්ස් වගේ ආහාර එකතු කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1887 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:44:34 PM
Script:/article/1887/keep-your-liver-healthy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:44:34 PM
Script:/article/1887/keep-your-liver-healthy.html