අමතර ප්‍රෝටීන ආහාරයට ගැනීමේ මිත්‍යාවන් ගැන දැනගන්න

November 1, 2019
8,738
Know about the myth of taking excess protein
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේ නෑ  කියලා කතාවක් තියනවා නේ. අපි ගන්න සමහර ආහාර සහ පෝෂණ සංඝටක වලටත් ඒ උපදේශය එහෙම්ම ම අදාළයි. එම පෝෂණ අවශ්‍යතාවයන් සපුරාගන්න යද්දී ප්‍රෝටීන් වලට හම්බ වෙන්නේ වැඩි අවධානයක් නේ. ඉතින් සමහර වෙලාවට අපි වැඩිහිටියන් වශයෙන් මෙන්ම අපේ කුඩා දරුවන්ටත් මේ විදිහට ප්‍රෝටීන් අධික ප්‍රමානයෙන් ලබා දෙන්න ගියාමත් නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන්න පුලුවන්. ඒක නිසා ප්‍රමාණය දැනගෙන ප්‍රෝටීන් වුණත් මෙන්න මේ විදිහට අරගන්න.

එළවළු වල ප්‍රෝටීන අඩංගු නොවන බවට මතයක් ඇතත් සාමාන්‍යයෙන් අප එදිනෙදා ආහාරයට එක්කර ගන්නා බොහෝ එළවළු හා මාංශ ආහාරවල ප්‍රෝටීන් බහුලව අඩංගු වෙනවා. දඹල, මෑ වැනි රනිල කුලයේ එළවළු හා මස්. මාළු . කිරි හා බිත්තර ද ඒ අතරින් ප්‍රධානයි. මේ සියල්ලෙන් ලැබෙන ප්‍රෝටීන වලින් අපේ සිරුර විසින් අවශේෂණය කරගනු ලබන්නේ එකත්රා සීමිත ප්‍රමාණයක් විතරයි. ඒ නිසා මහා පරිමාණයෙන් ප්‍රෝටීන් ආහාර වශයෙන් ලබා ගැනීම අනවශ්‍ය දෙයක්.

මේ තාක් සිදුකරන ලද පර්යේෂණවලට අනුව හෙළි වී ඇත්තෙ, ශරීරය වෙහෙසා ක්‍රීඩා කිරීමේ දී වුණත් කිසිදු වැඩිපුර ප්‍රෝටීන් ප්‍රමාණයක් ශරීරය උරා නො ගන්නා බවයි. වෙහෙසකර ක්‍රීඩා අභ්‍යාසයන් වල යෙදෙන ක්‍රීඩකයන්, අධික ප්‍රෝටීන ප්‍රමාණයක් ලබාගත්තොත් ඇතැම්විට එය ඔවුන්ට හානිකර වන අවස්ථා ද උදා වෙන්න පුලුවන්. එනම් ඔහු ගේ වෙහෙසකර බව වැඩි වීමට මෙම ප්‍රෝටීන් අතිරික්තය ඉවහල් වන නිසයි. පෝෂණ විශේෂඥයන් ගේ නිර්දේශයට අනුව ක්‍රීඩකයන්ට අවශ්‍ය වන්නේ අමතර ප්‍රෝටීන ප්‍රමාණයක් නොව, වැඩිපුර කාබෝහයිඩ්‍රේට ප්‍රමාණයකුයි. එමඟින් අමතර ශක්තියක් ලබාගැනීමට අවශ්‍ය වැඩිපුර කැලරි ප්‍රමාණය ඔවුනට සැපයෙනවා. එ නිසා සමබල ආහාර වේලක් සමඟ මඳක් වැඩියෙන් පිෂ්ඨ ආහාර, කෑම වේලට එක්කර ගැනීම ක්‍රීඩකයන් සඳහා යෝග්‍යයි.

මාංශ ආහාර අප සිරුරේ මස් පිඩු වර්ධනය සඳහා කෙළින්ම බලපානවා. මස්වල අඩංගු ප්‍රෝටින, තවත් ශරිරයක මාංශ පේශි වර්ධනය සඳහා කෙළින්ම දායක වෙන්නේ නෑ. අනෙකුත් ආහාරවලින් ලැබෙන ප්‍රෝටීන් මෙන් ම, මාංශ ප්‍රෝටීන් ද ශරිරය තුළ දී බඳුන් වන්නේ එක ම ක්‍රියාවලියකටයි. වෙනකක් තබා ඇතැම් අවස්ථාවල දී කාබෝහයිඩ්‍රේට වලින් ද ප්‍රෝටීන නිපදවා ගැනීමට අපේ සිරුරට හැකියාව තිබෙනවා. එමෙන් ම ආහාර වේලෙහි කාබ්‍රෝහයිඩ්‍රේට ඌනතාවක් පවතින අවස්ථාවක දී, ප්‍රෝටීන ද ශක්ති ප්‍රභවයක් ලෙස ශරිරය විසින් භාවිත කරනු ලබන බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. ප්‍රෝටීන ආහාරවල අඩංගු වන්නේ අඩු කැලරි ප්‍රමාණයක්. ආහාරවල අන්තර්ගතවන එක් කාබෝහයිඩ්‍රේට ග්‍රෑමයකින් ශක්තිය කැලරි 4ක් අපේ ශරීරයට ලැබෙනවා. ප්‍රෝටීන ග්‍රෑමයකින් ලැබෙන්නේ ද එයට සමාන කැලරි ප්‍රමාණයක්.

ඇතැම් අය පවසන පරිදි, සිරුරේ ඇති මේද පුළුස්සා දැමීමේ ශක්තියක් ප්‍රෝටීන්වලට තිබෙනවා. මෙයත් වැරැදි මතයක්. ශරීරයේ බර අඩුකර ගැනීමට නම් කළ යුතු වන්නේ ආහාර වේලෙහි ඇති පිෂ්ට ආහාර ප්‍රමාණය අඩු කිරීමයි. ඒ අනුව කෙට්ටුවීම සඳහා වැඩිපුර ප්‍රෝටීන් අනුභව කිරීමෙන් යහපත් ප්‍රතිඵලයක් නම් උදා වෙන්නේ නෑ. මෙලෙස වැඩිපුර ප්‍රෝටින් භාවිතය නිසා , සිරුරේ වකුගඩු ද අධික වෙහෙසකට පත්වන බව නවතම පර්යෙෂණවලට අනුව හෙළි වී තිබෙනවා. වැඩිමහලු පුද්ගලයනට ප්‍රෝටීන එතරම් අවශ්‍ය නැ. මොකද ඔවුන් ගේ වර්ධන අවස්ථාව පසු වී ඇති බැවිනුයි. ළදරුවන්ට සහ වැඩෙන අවස්ථාවේ පසුවන ළමයින්ට වැඩිපුර ප්‍රෝටීන ප්‍රමාණයක් අවශ්‍ය වුවද, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සියලු දෙනාටම ප්‍රෝටීන යම් පමණකට අවශ්‍ය වෙනවා. විශේෂඥවරුන් පවසන ආකාරයට වැඩිමහලු පුද්ගලයෝ සිය දෛනික කැලරි අවශ්‍යතාවෙන් සියයට 12කට නො අඩු ප්‍රමාණ්‍යක් ප්‍රෝටීන මගින් සපුරා ගන්නවා. සැබවින්ම කුඩා ළමයින් ගේ දිනපතා කැලරි අවශ්‍යතාව වෙනුවෙන් ද ප්‍රෝටීන් මඟින් සැපයෙන්නේ මෙයට සමාන දායකත්වයක්. ප්‍රෝටීන අඩංගු රුව වඩවන ආලේපන සහ ෂැම්පු මගින් සමට සහ හිසකෙස්වලට පෝෂණය ලබා දෙන බවට මතයක් ඇතත් හිසකෙස් හා සම නිර්මාණ වී ඇති සෛල මඟින් ප්‍රෝටීන, සිරුරට අවශෝෂණය කර ගැනීමක් සිදු වෙන්නේ නෑ. සැබෑවට ම සිදුවන්නේ සම මතුපිට සහ හිසකෙස් මතුපිට පමණක් යම් කිසි සජිවි බලපෑමක් මෙබඳු ආලේපන මඟින් සිදු වීමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1434 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:35:28 AM
Script:/article/1434/know-about-the-myth-of-taking-excess-protein.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:35:29 AM
Script:/article/1434/know-about-the-myth-of-taking-excess-protein.html