නින්ද කොයි තරම් නම් අපිට වැදගත්ද? අද කාලේ අඩුවෙන්ම ලැබෙන්නේ නින්ද. මොකද ඒ තරමටම වැඩ ගොඩාක් එක්ක අපි හිර වෙලා ඉන්න නිසා. අපිට නිදා ගන්න තියෙන වෙලාව අපි විසින්ම තමයි අඩු කර ගන්නේ. අපේ වැඩ කළමනාකරණය කර ගන්න ඇත්තටම අපිට තියෙන කාලය මදි තමයි. හැබැයි නිදාගන්න ඕනේ වෙලාවට නිදා ගන්න ඕනේ වගේම, දිනකට අවශ්‍ය කාලය නිදා ගන්නත් වෙහෙසෙන්න ඕනේ.
ගොඩාක් වෙලාවට නින්ද අපෙන් ඈත් වෙන්න ලොකු හේතුවක් තමයි පරිඝනක, ජංගම දුරකථන වගේ උපකරණ ඇඳට ගිහිල්ලත් පාවිච්චි කරන එක. මේ වගේ උපකරණ නිදා ගන්න පැයකටවත් කලින් භාවිතය නවත්වන්න ඕනේ. මේවායින් නිකුත් වන තීව්ර එළිය නින්ද අපෙන් ඈතට ගෙනියනවා.
හොඳ ශරීර සෞඛ්‍ය තත්වයක් පවත්වාගන්න කෑම බීම, ව්‍යායාම වගේම හොඳ නින්දකුත් අවශ්‍යමයි. ඉතින් එක එක්කෙනාගේ වයසට අදාලව නින්ද ලබා ගන්න ඕනේ කාල සිමාව වෙනස් වෙනවා. පුංචිම දරුවන්ට ගොඩක් ලොකු කාලයක් නින්ද අවශ්‍යයි. හැබැයි තරුණ වයසේ පසු වෙන්නන් පැය 8-10 අතර කාලයක් නිදා ගන්න එක අවශ්‍යයි. මේ කාලය පැය 7ක අවමයක් සහ පැය 11 උපරිමයක් දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ගොඩක් වයසක අයත් පැය 10ක පමණ නින්දක් ලබා ගත යුතුයි.
මේ විදිහට නිදා ගන්න එක ශරීරයට අවශ්‍ය වුනත්, අද කාලයේ හැටියට මේ තරම් කාලයක් නින්ද වෙනුවෙන් හොයා ගන්න එකත් ලොකු ප්‍රශ්නයක්. කොහොම වුනත් මහ රෑ නැගිටගෙන නිදි මරාගෙන ඉන්නවට වඩා, දවසේ ඉතිරි වැඩ කටයුතු හොඳට කරන්න ශක්තිය පවත්වා ගැනීම හරිම වැදගත් කියන එක මතක තියා ගන්න.
එක දිගටම ශරීරයට අවශ්‍ය නින්ද ලබා ගන්න බැරි වුනහම අධික රුධිර පීඩනය, කෑම අරුචිය, ආතතිය වගේ ගොඩාක් ලෙඩ රෝග වලට ඉක්මනින් ගොදුරු වීමේ අවස්ථාව බහුලයි. ඉතින් ලේසියෙන්ම ලබා ගන්න තියෙන නින්ද පැත්තකට දාලා, ලෙඩ ගොඩාක් තමන්ගේ ලඟට ගන්න මහන්සි වෙන්නේ ඇයි කියලා ඔබම කලපනා කරලා බලන්න.