මග හැරෙන ආදර කතාවන් මේ දින වල ලස්සන කර ගන්නේ මෙහෙමයි

April 10, 2020
8,901
How to build-up the distance relationship these days
පුංචි කාලයෙදී අම්මගෙන් තාත්තගෙන් ආදරය ලබන්න අපි කවුරුත් කැමතියි. ඉතිං අපි වැඩිහිටියන් වූනා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. කොයිවෙලාවෙත් පොඩි ළමයි වගේ ආදරය හොයනවා. කොහොමින් කොහොම හරි ආදරවන්තයින්ට මේ දින වල හමු වෙලා කතා කරන්න විදිහක් නැහැ. ඒ වුණාට ඔයා මේ දේවල් කරොත් ආදරය කරන කෙනා දුර හිටියත් ළඟ ඉන්නවා වගේ දැනෙන්න පුළුවන්. අද හැඩකාරී අපි ඔයාගේ ආදරය රැකගන්න ඕනේ නම් මේ දින වල මේ දේවල් උත්සහා කරලා බලන්න. 

එයාගේ අතින් අල්ලන් සතුට හොයාගෙන ඇවිදින්න යන්න වෙන්නේ නැහැ කියලා දුක් වෙන්න හේතුවක් නැහැ. ඔයා වෙනදට වඩා පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා ඔහුට ආදරය පෙන්වීමෙන් ආදරය වැඩි කර ගන්න පුළුවන්. ටික කාලයක් දෙන්නා ටිකක් දුරින් හිටියම කරන්න අමාරු දේවල් වුණත් කැපවීමෙන් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. දුරින් හිටියත් ඔහුගේ ආදරය දැනෙනවා නම් ඔයා කොයිතරම් වාසනාවන්තද? පුංචි දේවල් ටිකක් ගැන තමයි කියන්න හිතුවේ. එකිනෙකාව දකින්නේ කවදා කොතනකදීද සහ දෙදෙනාගේ සම්බන්ධතාවය නොවෙනස්ව තබා ගන්නේ කොහොමද යන්න මේ ලිපියෙන් කියලා දෙනවා.

ඔහුට කෝල් කරන්න.
දින නියමයක් නැතිව ඔයාලගේ හීන ඇත් වෙලා ඔයා ගෙදරටම හිර වෙනවා. ඉතිං පුළුවන් හැම වෙලේම කෝල් කරන්න, විඩියෝ කෝල්ස් ගන්න. මේ ප්‍රශ්නෙ ඉවර වුණාම දෙදෙනා යන්න කැමති තැන් කරන්න හිතන් ඉන්න දේවල් ගැන කතා කරන්න. ඔහුට කෝල් කරද්දී මතක ඇතිව ඔහුට ආදරෙයි කියලා කියන්න. අනාගතය ගැන ප්ලෑන් හදන්න මේ කාලය සුදුසුයි. 
 
ගේම් එකක් ඩවුන්ලෝඩ් කරන් සෙල්ලම් කරන්න
පිරිමි ළමයින් කම්මැලි වෙලාවට වැඩියෙන්ම කරන්නේ ගේම් ගහන්න එක. ඉතින් ඔහු කැමති ගේම් එකක් ඩවුන්ලෝඩ් කර ගන්න. නමුත් ඔහු සමග කතා කරමින් සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එකක් තෝරා ගන්න ඕනේ. තනියෙන් ගේම් එක ප්ලේ කරනවට වැඩිය දෙන්නම එකතු වෙලා ගේම් ගහද්දි සතුටක් ලැබෙනවා. ඔයාගේ ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් පුංචි දෙයක් තමයි මේ.

එකම කෑම වේලක් ගෙවල් වල ඉඳන් හදාගෙන විඩියෝ කෝල් එකක් අරගෙන කතා කරමින් රස විඳින්න පුළුවන්. ලොකුවට හිතන්නේ නැතිව පොඩි දේවල් උත්සහා කරලා බලන්න.

රොමෑන්ටික් ඔන්ලයින් ග්‍රීට්න් කාඩ් එකක් හදලා යවන්න. ඔහුට පොඩි දේවල් වලින් ලොකු සතුටක් ලැබෙනවා.

දුර බැහැර ඉන්න යුවළයන් එකිනෙකා නොදැක සිටීම නිසා ගෙවන්නේ අමාරු කාලයක් කියලා දන්නවා. ගෙදරටම කොටු වෙලා ඉන්න නිසා ආතතියත් වැඩි වෙලා ඇති. වර්තමාන තත්වය නිසා බොහෝ දෙනෙක් කනස්සල්ලට පත් වීමත් සමග සතියක් හෝ දෙකක් එකිනෙකා මුණ නොගැසී සිටීමෙන් වෙනස් හැගීම් දැනෙන්න පටන් ගන්නවා. මේ අපි කියපු විදිහට හිටියොත් ඔයාගේත් එයාගෙත් ආතතිය අඩු කර ගෙන තව තවත් ආදරයෙන් ලං වෙලා ඉන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1547 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:15 AM
Script:/article/1547/how-to-build-up-the-distance-relationship-these-days.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:15 AM
Script:/article/1547/how-to-build-up-the-distance-relationship-these-days.html