ඔබත් ඔබගේ ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරනවාද විශේෂයෙන්ම රහස් ප්‍රදේශයන්හි?

April 24, 2021
8,786
Why do we have to let public hair be there
අපි යන්තම් වැඩිවියට පැමිණ උනාට පස්සේ විශේෂයෙන් කාන්තාවන් හිතනවා කකුල්වල, අත්යට, රහස් ප්‍රදේශ වල ඇති රෝම ඉවත් කිරීම මගින් අපට වඩාත් සරාගී හා පිරිසිදු පෙනුමක් ඇති වන බව.

ඇත්තටම ඔබ මොහොතකට වත් සිතුවා ද එසේ ඔබගේ රහස් ප්‍රදේශයන්හි ඉවත් කරන අනවශ්‍ය රෝම ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන් මෙන්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරනා බව..

එසේ නම් මින් පසු අනවශ්‍ය යැයි සිතා වැක්ස් කිරීමට පෙර දෙවරක් සිතන්න.. ඔබ විසින් දැන්ගත යුතු වැදගත් කරුණු කීපයක් මෙන්න..

1. රහස් ප්‍රදේශයන් හි ඇති කෙස් එසේ නැතිනම් රෝම මගින් ඔබගේ ලිංගික පරිණතභාවය ප්‍රකාශ කරයි.

බොහෝවිට අපි වැඩිවිය පැමිණීමෙන් පසු අත් යට, ලිංගේන්ද්‍රය ආශ්‍රිතව රෝම වර්ධනය වීම සිදුවෙනවා. එමගින් පෙන්නුම් කරන්නේ තරුණ වයසට ඔබ එළඹ ඇති බවත් ඔබගේ ශරීරය දැන් ප්‍රජනන කාර්යය සඳහා සූදානම් බවත්ය. වෛද්‍ය මතය වන්නේ මෙසේ රෝම වර්ධනය වීම ඉතා සාමාන්‍ය දෙයක් බවත් එසේ නොවීම බොහෝ ව්ට සෞඛ්‍ය ගැටලුවක ආරම්භයක් බවත්ය.

2. ලිංගික ප්‍රදේශයෙහි ආරක්ෂාවට...

කාන්තා අපගේ ශරීරයේ අනිකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව රහස් ප්‍රදේශය එසේ නැත්නම් යෝනිය ආශ්‍රිත ප්‍රදේශය ඉතා සංවේදී කලාපයකි.. මෙසේ රෝම කූප ඇතිවීම මගින් යෝනියට ඇතුළු වන විෂබීජ බැක්ටීරියා මෙන්ම බාහිර සාධක පාලනය කිරීමක් සිදු කරයි.

3. එය ඔබගේ යෝනියට අවශ්‍ය උණුසුම හා තෙතමනය පාලනය කරයි එසේ නොමැති වීමෙන් යෝනි මාර්ගය ආශ්‍රිත සම වියළීමට ලක්වීම සහ හිරි වැටීම සිදුවේ.

4. ඔබගේ ලිංගික සහකරු ආකර්ෂණය කර ගැනීමට..
ලිංගික සංසර්ගයට පෙර ඔබගේ ලිංගික සහකරු ආකර්ෂණය කර ගැනීමට ශරීරය මගින් ෆෙරමෝන් නමැති ගන්ධය නිපදවනු ලබයි. සමහර පුද්ගලයන්ට ඉතා හොඳ ගන්ධයක් ඇති අතර සමහර පුද්ගලයන්ට එසේ කැපී පෙනෙන ගන්ධයක් නැත. බොහෝ විට එය ලිංගික ප්‍රදේශයෙහි ඇති රෝම වල එසේත් නැතිනම් කෙස් වල ඝනකම මත තීරණය වේ.

5. ලිංගික කාර්යයට අවශ්‍ය ලිහිල් බව ලබාදීමට..
බොහෝ විට ලිංගික සංසර්ගයේදී ශරීර කොටස් කොටස් ගැටීම්, යෝනි මුඛය සහ ඇඳුම් අතර ඇතිවන ගැටීම් වැලැක්වීමටත්, සමෙහි නම්‍යශීලීත්වය ඇති කිරීමටත් උදව් වෙයි. ඒ වගේම සමට ඇතිවන කුෂ්ඨ වැනි තත්ත්වයන් පාලනයක් ද සිදු කරයි.

දැන් ඔබ මෙතෙක් අනවශ්‍ය යැයි සිතා ඉවත්කල රහස් ප්‍රදේශයන් හි ඇති රෝම මඟින් ඉටුවන කාර්යය පිළිබඳ ඔබ දැනුවත් වුණා ද.. ඇත්තෙන්ම ඒවා ඉවත් කිරීම හෝ නොකිරීම ඔබගේ අතිශය පෞද්ගලික කටයුත්තක්.. නමුත් ඒවා ඉවත් කිරීමේදී ඔබ වඩාත් ආරක්ෂිත හා සුවුපහසු ක්‍රමයක් භාවිතා කිරීමත් වැදගත්. ඒ වගේම රහස් ප්‍රදේශයන් හි පිරිසිදුකම පවත්වා ගැනීමත් ඉතා වැදගත්..

ඉදිරි ලිපියකින් කොහොමද අපේ රහස් ප්‍රදේශය පිරිසිදුව පවත්වා ගන්නේ කියලා බලමු.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1968 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:58:53 PM
Script:/article/1968/why-do-we-have-to-let-public-hair-be-there.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 2:58:53 PM
Script:/article/1968/why-do-we-have-to-let-public-hair-be-there.html