තෙල් අධික ආහාර වේලක් කෑවට පස්සේ ඔබ කල යුතු දේවල් 4 ක්

December 7, 2020
8,178
4 things to do after a heavy fat meal
උත්සව සමය ටික ටික ළං වෙද්දී ප්‍රියතම ආහාර පිළියෙළ කිරීමට ගොඩක් අය පටන් ගන්නවා. ප්‍රණීත ආහාර වේලක් භුක්ති විඳීම නරක අදහසක් නෙමෙයි. නමුත් ඔබ සෑම අවස්ථාවකම අධික ලෙස තෙල් සහිත ආහාර ගන්නා අයෙක් නම්, ඒකෙන් ඔබේ සෞඛ්‍යට සිද්ධ වෙන හානිකර බලපෑම් අවම කිරීම සඳහා ඔබ මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා.

ඒ සියල්ල දැනගැනීමට සූදානම්ද? ඔබේ සෞඛ්‍යයට යම් අපහසුතාවයක් හෝ හානියක් සිද්ධ වෙන එක අවම කරගැනීම සඳහා අධික තෙල් සහිත ආහාර වේලකින් පස්සේ ඔබ කරන්න ඕනේ දේවල් 4 ක් මෙන්න:

1. ජලය පානය කරන්න
ඔයා තෙල් සහිත ආහාර ලබාගන්නවා නම් කෑවට පස්සේ මදරස්නෙ වතුර වීදුරුවක් බොන්න. මෙමගින් ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට පහසුවක් එකතු වෙනවා සහ ඒකෙ ක්‍රියාකාරිත්වය සක්‍රීය කිරීමට උපකාරී වෙනවා. ජලය පෝෂ්‍ය පදාර්ථ හා අපද්‍රව්‍ය සඳහා වාහකයක් ලෙස ද ක්‍රියා කරයි. කුඩා අන්ත්‍රය ඔයා පරිභෝජනය කළ ආහාර වල ඇති ජලය උරා ගන්නවා. ඔබ ආහාර ගැනීමෙන් පස්සේ උණුසුම් වතුර ටිකක් නොබිව්වොත් බොහෝ විට ඒ හරහා ඔබට විජලනයට හා මල බද්ධයට මඟ පාදනවා.

2. ඇවිදින්න
ඔයා තෙල් අධික ආහාර වේලක් අනුභව කළාට පස්සේ ඒකෙන් විවිධ අපහසුතාවයන්ට පත් වෙන්න පුලුවන්. අධික තෙල් සහිත ආහාර වේලකින් පස්සේ මිනිත්තු 20 ක කෙටි ඇවිදීමක්වත් කරන්න. ඒකෙන් ඔබේ ආහාර ජීර්ණය සුමටව හා බාධාවකින් තොරව ක්‍රියා කරන්න පුලුවන් වෙනවා. ඒ විතරක් නෙමෙයි, බර අඩු කර ගැනීමටද එය උපකාරී වෙනවා. ඉතින් තෙල් සහිත ආහාර වේලකින් පස්සේ ඔයා පිටතට ගිහින් හෝ ගෘහස්ථ පරිසරයක වත් ඇවිදින්න වග බලා ගන්න.

3. සීතල ආහාර වලින් ඇත් වෙලා සිටින්න
තෘප්තිමත් ආහාර වේලක් රස විඳීමෙන් පස්සේ අයිස්ක්‍රීම් වගේ සීතල දෙයක් ආහාරයට ගන්න කවුරුත් කැමතියි. ඇත්තටම ඒක ලොකු වැරැද්දක්. තෙල් සහිත ආහාරයක් ගත්තාට පස්සේ ඔබේ අක්මාව, ආමාශය සහ බඩවැල් වලට අහිතකර ලෙස ඒක බලපානවා. ඒකෙන් ඔයා අනුභව කළ ආහාර ජීර්ණය කිරීමට අපහසු වන අතර, ඔයා සිසිල් ආහාර අනුභව කරනකොට ආහාර දිරවීමේ ක්‍රියාවලිය අධික ආතතියකට ලක් කරනවා. මෙයින් අජීර්ණය, බඩ පිපුම වගේ දේ සිදු වෙනවා.

4. ඔයගේ ඊළඟ ආහාරය සැලසුම් කරන්න
ඔබ එක් ආහාර වේලක් සඳහා අධික ලෙස තෙල් ආහාරයට ගෙන තිබෙනවා නම්, ඊළඟ ආහාර වේල සඳහා සැහැල්ලු දෙයක් සැලසුම් කරන්න. ප්‍රෝටීන් මාත්‍රාවක් එකතු කිරීමත් සමඟ වැඩි පලතුරු හා එළවළු පරිභෝජනය කිරීමට උත්සාහ කරන්න. සිහියෙන් යුතුව ආහාර ගැනීමට පුහුණු වන්න. ආහාර කැබලි කර හපන්නට අවධානය යොමු කරන්න. එය ඔබට වැඩි තෘප්තියක් දැනීමට උපකාරී වෙයි.

අපහසුතාවයන්ට පත්වීම වළක්වා ගැනීම සඳහා අධික තෙල් සහිත ආහාර වේලකින් පස්සේ මෙම උපදෙස් අනුගමනය කිරීමට වග බලා ගන්න!

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1924 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:54:05 AM
Script:/article/1924/4-things-to-do-after-a-heavy-fat-meal.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:54:06 AM
Script:/article/1924/4-things-to-do-after-a-heavy-fat-meal.html