සිහින් සිරුරක් තියෙන කෙනෙක් පිරිලා පේන විදිහට සාරියක් තෝරා ගන්නේ මෙහෙමයි

October 15, 2018
33,168
How a thin girl can choose a saree to look full
ලස්සනට ඉන්න, ඔයාගේ ශරීර සෞඛ්‍යය තත්ත්වය යහපත්ව පවත්වාගෙන යන්න ඕන කරන දේවල් වගේම ඔයාගේ ඇඳුම් විලාසිතාවන් ගැනත් හැඩකාරී අපි නිතරම ඔයා එක්ක කතා බහ කරනවා. මොකද කාන්තාවකගේ ලස්සන එහෙමත් නැතිනම් ආකාර්ෂණීය පෙනුම යහපත්ව පවත්වාගෙන යන්න මේ හැමදේම අඩු වැඩි වශයෙන් බලපානවා. යුවතියන් කොචච්ර ලස්සන වුණත් එයින් කෙදිනකවත් තෘප්තිමත් නම් වෙන්නේ නැහැ. හැඩකාරී අපිට අනුව නම් එය තමයි පෘථග්ජන මනුෂ්‍ය ස්වභාවය. හැඩට වැඩට වගේම ලස්සනට ඉන්න හැමෝම එක වගේ කැමතියි. ඔන්න හැඩට වැඩට ඇඳලා ලස්සන ඉන්න කැමති ඔයා එක්ක අදත් හැඩකාරී අපි සාරි විලාසිතාවන් ගැන කතා කරන්න හිතුවා. ඔයාට මතක ඇතිනේ මීට පෙර ලිපියකිනුත් අපි සාරී විලාසිතාවන් කිහිපයක් ගැන ඔයා එක්ක කතා කළා. එදා අපි කතා කළේ සිරුරෙන් මහත කෙනෙක්ට ගැළපෙන සාරී සහ සාරී ජැකට් මොනවාද කියලානේ. ඔන්න අද අපි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ සිහින් සිරුරක් තියෙන, සාරි අඳින ඔයා වෙනුවෙන්මයි. ඔයා කෙට්ටුයි කියලා කිසිම අයුරකින් දුක් වෙන්න, පසු තැවෙන්න එපා කෙට්ටු නිසා ලස්සනට සාරියක් අඳින්න බෑ කියලා. හැඩකාරී අපි මේ කියන ටිප්ස් ටික ඔයා හරියට භාවිත කළොත් අනිත් අයගේ ආකාර්ෂණය ඔයාට ලැබෙන විදිහට ලස්සනට සාරියක් අඳින්න පුළුවන්. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ හැඩකාරී අපි ඔයාට කියන මේ ටිප්ස් මොනවාද කියලා.

සිරුරරේ මහත ඉස්මතු කරන සාරී මැටිරියල් එකක් තෝරා ගන්න









මුලින්ම අපි ඔයාට මතක් කළා වගේ ඔයාගේ සිරුරේ නියම හැඩය පෙන්න නම් ඔයා දකින දකින සාරිය ඇන්දාට වැඩක් වෙන්නේ නෑ කියලා. කෙට්ටු සිරුරක් තියෙන කෙනෙක්ට කොහොමත් සිල්ක් සාරී මැටිරියල් නම් ගැළපෙන්නේ නෑ. මොකද එයින් සිරුරේ කෙට්ටු බව හොඳින් ඉස්මතුවෙලා පේන්න පටන් ගන්නවා. ඔයා කේට්ටු කෙනෙක් නම් කොට්න් මැටීරියල්, වොයිල් සාරී, සිල්ක් හා කොට්න් මිශ්‍ර කළ සාරී, හැන්ඩ්ලුම් වැනි සාරී මැටීරියල් එකක් තෝරා ගන්න. එයින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව අඩු කරලා ඔයාව ටිකක් මහතට පේන්න පටන් ගන්නවා. කෙට්ටු කෙනෙක්ට වුණත් සිරුරට හිමි හැඩයක් තියෙනවානේ. ඉතිං ඒ හැඩය තවත් හොඳින් මෙවැනි සාරියකින් ඉස්මතු කළ හැකියි. විශේෂත්වය වෙන්නේ මෙවැනි තෝරා ගැනීමකින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව අඩු වෙලා පෙනීමයි.

තනිපාට සාරී තෝරන්න එපා









ගොඩක් යුවතියන් කැමතියි ප්ලේන් කලර්ස්වලින් සාරී අඳින්න. ඒත් හැඩකාරී අපි නම් ඔයාට කියන්නේ තනිපාට සාරී සිහින් සිරුරක් තියෙන ඔයාට වඩාත් හොඳින් ගැළපෙන්නේ නෑ කියලා. තනිපාට සාරීවලට වඩා විවිධ හැඩතල සහිත සාරී ඔයාට හොඳින් ගැළපෙනවා. උදාහරණයක් විදිහට ඔයා මෙහෙම හිතන්නකෝ විශාල මල් සැරලිසි, ඉරි කොටු වැනි හැඩතලයන් තියෙන සාරි ඔයා ඇන්දොත් ඔයාගේ සිරුරේ කෙට්ටු බව ටිකක් හරි අඩු වෙලා පෙනේවී. ඒ නිසා තනිපාට සාරී තෝරන්නේ නැතුව කිසියම් සැරසිල්ලක් තියෙන සාරියක් තෝරා ගන්න.

තද වර්ණ සිහිත සාරී තෝරන්න එපා









තද වර්ණ සහිත සාරී ගොඩක්ම ගැළපෙන්නේ සිරුරෙන් මහත අයට. මොකද තද වර්ණ සහිත සාරීවලින් සිරුරේ මහත අඩුවට පේනවා. ඒත් ඔයා සිරුරෙන් ගොඩක් කෙට්ටු කෙනෙක් නම් තද වර්ණ තෝරා ගන්න එපා. මොකද කෙට්ටු ඔයා සාරියෙනුත් කෙට්ටුවට පෙනේවී. චාම් වර්ණ සහිත සාරියක් තෝරා ගන්න. මොකද ලා වර්ණවලින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව අඩු කරලා පෙන්වනවා.

සාරී පොට ටිකක් විශලාව තියන්න









මහත කෙනෙක්ට වගේම සිරුරෙන් කෙට්ටු කෙනෙක්ටත් සාරී පොට ටිකක් මහතට තියලා අඳින්න පුළුවන්. කෙට්ටු කෙනෙක්ට සාරී පොට පොඩියට තියලා ඇන්දොත් එයින් උරහිස්වල සිහින් බව හොඳට පේන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි හැඩකාරී අපි ඔයාට කියන්නේ සාරි පොට විශාලව අඳින්න කියලා. ඒ විතරක් නෙමෙයි කිසියම් උත්සව අවස්ථාවකට ඔයා සාරියක් අඳිනවා නම් ඔයාට සාරි පොට ලිහිල්ව තියලා වුණත් අඳින්න පුළුවන්. ඉතිං හැඩකාරී අපි ඔයාට මේ කියන විදිහට ඔයා සාරිය ඇන්දොත් ඔයාට කිසිම කෙනෙක් කියන එකක් නම් නෑ ඔයා සාරියට කෙට්ටුවට පේනවා කියලා.

සාරී ජැකට් එක ගැන හිතන්න









සාරියෙන් වගේම සාරී ජැකට් එකෙනුත් ඔයාගේ සිරුරේ කෙට්ටු බව අඩු කරලා පෙන්වන්න පුළුවන්. ගොඩක් වේලාවට සාරියට හැඩ වැඩ දාන්න බැහැනේ. ඒ වුණත් සාරී ජැකට් එක ටිකක් ලස්සනට අඳින්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා. සාරී ජැකට් එකටත් තනි පාටකට වඩා හැඩතල තියෙන මැටිරියල් එකක් භාවිත කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අත් සහිත වගේම අත් රහිතව වුණත් ඔයාට සාරී ජැකට් එක අඳින්න පුළුවන්. විශේෂයෙන්ම High Neck සාරි ජැකට් කෙට්ටු කෙනෙක්ට හොඳින්ම ගැළපෙනවා. Boat Neck එක තියෙන සාරී ජැකට් අදවන විට යුවතියන් අතර ඉතාමත් ජනප්‍රියයි. ඉතිං මේ වගේ සාරී ජැකට් එකක් කෙට්ටු සිරුරක් තියෙන කෙනෙක්ටත් හොඳින්ම ගැළපෙනවා. ඔයා ඉරි සහිත මැටීරියල් එකකින් සාරී ජැකට් එකක් තෝරා ගන්නවා නම් තිරස් ඉරි සහිත සාරි ජැකට් එකක් තෝරා ගන්න අමතක කරන්න එපා. එයින් ඔයාගේ සිරුරේ කෙට්ටු බව අඩු කරලා පෙන්වන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1118 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:49:39 AM
Script:/article/1118/how-a-thin-girl-can-choose-a-saree-to-look-full.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:49:39 AM
Script:/article/1118/how-a-thin-girl-can-choose-a-saree-to-look-full.html