ඔයාගේ ප්‍රතිරූපය ඉහළ නංවන විලාසිතා ක්‍රමෝපායන් මෙන්න

October 30, 2020
5,816
Tricks to pull up your fashion look
වර්තමාන ලෝකයේ විවිධ නිර්මාණකරුවන් සහ මෝස්තරකරුවන් විසින් නිර්මාණය කරන ලද විලාසිතා වේගයෙන් අපි අතරට පැමිනෙනවා. ගැහැණු ළමයින්ගේ විලාසිතා කිරීමේ මුලික අරමුණ වෙන්නේ ලස්සනට ඉන්න එකනේ. විලාසිතා ලෝකයේ විවිධ මෝස්තර සමග එකිනෙකට නොගැලපෙන විලාසිතා ට්‍රෙන්ඩ්ස් ලොවට එක් වුනත්, විලාසිතා කරනකොට අපි කාගේත් අරමුණ වන්නේ ලස්සනට පේන්න ඉන්න එකනේ. අද හැඩකාරී අපි ඔයාට ඇඳුම් ගලපනකොට දැනසිටිය යුතු කරුණු ටිකක් කියන්න යන්නේ

1. ඔෆිස් outfit එකට ෆ්ලැට් සපත්තු
පැතලි සපත්තු ඔයාගේ වළලුකර විශාල කරමින් කකුල් දෙක කොට කර පෙන්වනවා. ඒ නිසා ඔෆිස් යනකොට අඳින ඇඳුමකට පැතලි පාවහන් දාන එක ඔබට සුදුසු නැහැ. එමඟින් වෘත්තීයමය අලංකාරයක් දිස් වෙන්නේ නැහැ. කාර්‍යාලයේදී ඔයාගේ ඇඳුමේ හැඩය මනාවට පෙන්විමට අවශ්‍ය නම් stilettos heel හෝ පොඩි හිල් එකක් ඇති පාවහන් දෙකක් හෝ තොරා ගන්න.








2. යට කරන්නෙ නැති ටී-ෂර්ට්
ජීන්ස් එකට දිග කමිසයක් අඳින්න එපා. දිග ටොප් එකක් අඳිනවා නම් ජීන්ස් එකට යට කරලා ඇඳීමෙන් සුන්දර පෙනුමක් ලබා ගන්න පුළුවන්.






3. විශේෂ අවස්ථා වලට විශාල අත් බෑග්
විශාල අත් බෑගයක් කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ විලාසිතාවක්. ඔයාට ඒක ඕනෑම විලාසිතාවකට සහ ඔෆිස් යනකොටත් සුදුසුයි. නමුත් යාළුවොත් එක්ක එලියට යනකොට, විශේෂ අවස්ථාවකට හෝ පාටියකට යනකොට, විශාල බෑගයක් තෝරා ගැනීම සුදුසු වන්නේ නැහැ.










4. කොට ගවුම් එක්ක Ankle boots
Ankle boots නම් ස්කර්ට් එකකට ගැලපෙන්නේ කලාතුරකින්. මෙම වර්ගයේ සපත්තු දෙකකින් ඔයාගේ කකුල් කෙටි කරලායි පෙන්වන්නේ. මෙම අනවශ්‍ය බලපෑම කෙටි සායක් මගින් තවත් වැඩි කරනවා. ඉතින් ඒකට හොඳම විකල්පයක් විදිහට classic flat shoes දෙකක් තෝරා ගන්න.










5. උඩයි පහලයි දෙකම බැගී
ඔයාගේ සිරුරට වඩා විශාල ප්‍රමාණයේ ඇඳුම් තෝරා ගැනීමෙන් සිරුරේ තියන මනා හැඩයන් (ඉණ, උකුළ, පියයුරු වල) සම්පූර්ණයෙන්ම සඟවනවා. ඔයාට තරමක් විශාල ඇඳුමක් අඳින්න කැමති නම්, අඳින අනිත් කොටස් බැලන්ස් කරන්න වගබලා ගන්න. ඔබේ සිරුරේ ආලිත්‍යය රැකෙන ආකාරයට අනෙක් කොටස් තෝරා ගන්න.








7. Fit වෙන්නේ නැති ජීන්ස්
ටික කාලයක් යනකොට ගත්ත ප්‍රමාණයට වඩා ජීන්ස් තරමින් ටිකක ලොකුවෙන්න බලනවා. ජීනස් ඇදෙනසුළු නිසා ජීන්ස් මිලදී ගන්නකොට සිරුරට හරියටම හරියන හෝ ටිකක් පොඩියට ගත්තත් කමක් නෑ. ඒ හරහා හැඩය දිගු කාලයක් තබා ගැනීමට සහ දිගු කාලයක් අඳින්න අවස්ථාව ලැබෙනවා.








8. Turtleneck ඇඳුම්
ඔයාගේ බෙල්ල කෙටි නම් අඳින ඇඳුම ගැන ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කර විවෘතව ඇති ඇඳුම් අදින්න. අවශ්‍ය නම් ස්කාෆ් එකක් ඇඳුමට එක් කර ගන්න.







Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1897 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:42:35 AM
Script:/article/1897/tricks-to-pull-up-your-fashion-look.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:42:36 AM
Script:/article/1897/tricks-to-pull-up-your-fashion-look.html