ෆේෂල් එකක් කරන්න කලින් අනිවාර්යෙන් ක්ලේන්සර් කරන්න ඕන ඇයි කියලා ඔයා දන්නවද?

October 28, 2017
6,369
Do you know why you have to cleanse before a facial?
ෆේෂල් එකක් කරනවා කියන එක අද තරුණ වැඩිහිටි කියලා භේදයක් නැතුව කාන්තා පාර්ශවය අතරේ තියෙන හරිම සාමන්‍ය දෙයක්නේ. අපි මුහුණට ෆේෂල් එකක් කරන්නේ මුහුණේ මාංශපේශීන් ශක්තිමත් කර ගන්න සහ පැහැපත් පෙනුමක් ප්‍රබෝධමත් බවක් ලබා ගන්න. හැබැයි ෆේෂල් එකක් කරන්න කලින් හොඳ ක්ලෙන්සර් ක්‍රීම් එකක් භාවිතා කරලා ඔයාගේ මුහුණ හොඳින් පිරිසිදු කර ගන්න ඕන කියන එක ඔයා දැනටමත් දන්නවා. ෆේෂල් එකකට කලින් නිවැරදිව කොහොමද ක්ලේන්සර් එකක් කර ගන්නේ කියලා දැන ගන්න එක තමයි ගොඩාක් වැදගත්.

මුහුණ ක්ලේන්සර් කරද්දී නෝමල් ක්ලෙන්සර් සහ ඩීප් ක්ලෙන්සර් කියලා ක්‍රම දෙකක් තියෙනවා. නෝමල් ක්ලෙන්සර් එකකින් වෙන්නේ ඔයාගේ සම මතුපිට කුණූ, දුවිලි ඉවත් කිරීම. ඩීප් ක්ලෙන්සර් එකකින් ඊට වඩා එහා දෙයක් සිද්ධ වෙනවා. එමඟින් සම ගැඹූරට පිරිසිදු කිරීමක් සිදු වෙන අතර සම මතු පිට විතරක් නෙවෙයි රෝම කූපවල තැන්පත් වූ කුණූ ආදියද ඉවත් කරමින් මුහුණ පිරිසිදු කරනවා.

ඒ වගේම මේද ග්‍රන්ථින්ගෙන් නිකුත් වන තෙල් සම මතුපිටට පැමිණ කුණූ සමග එකතු වීම නිසා සමේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් තත්ත්වයන් ඇති වෙනවා. ඒ නිසා ඩීප් ක්ලෙන්සර් කිරීම ඉතා වැදගත්. බොහෝ විට බ්ලැක් හෙඩ්ස්, වයිටි හෙඩ්ස් සියුම් බිබිලි කුරුළෑ ආදිය මතුවීමේ ඉඩකඩ වැඩි වන්නේ ගැඹුරට පිරිසිදු නොකිරීම නිසයි. මුහුණ පිරිසිදු කිරීමේදී මතුපිට කුණු සහ රෝම කූපවල තැන්පත් වී ඇති කුණු ඉවත් කිරීම ඉහත කී ක්‍රම දෙක අනුව කරන්න ඔයාට පුළුවන්

ඒ වගේම ඔයා මුහුණ පිරිසිදු කිරීමට යොදා ගන්නා සබන් සහ ෆේස් වොෂ් ගැනත් සඳහන් කල යුතුමයි. ෆේස් වොෂ් එකක් තෝරා ගනිද්දී ඔයාගේ සමේ ph අගයට ගැලපෙන ෆේස් වොෂ් එකක් තෝරා ගන්න. ඒ වගේම සබන් භාවිතය හැකි තරම් අවම කරන්න. සබන් භාවිතය නිසා සමෙහි අධික වියළි බවක් ඇති වෙන්න සහ සම රැළි වැටෙන්න පුළුවන්. ෆේස් වොෂ් එකක් භාවිතයෙන් මේ විදියට පිරිසිදු කර ගැනීම සාමාන්‍ය පිරිසිදු කර ගැනීමක් විදියට හඳුන්වන්න පුළුවන්.

ගැඹූරට පිරිසිිදු කිරීමේදී මුහුණේ මාංශපේශීන් ඉතා සියූම් නිසා මාංශපේශීන් පිහිටා ඇති ආකාරය සැලකිල්ලට ගනිමින් මුහුණ පිරිමැදීම කළ යුතුයි. මොකද මුහුණ පිරිමැදීමට යාමෙන් මාංශපේශීන් පහත්වීමකට ලක්වන්නට පූළුවන්. ඒ වගේම ඇස්වටා සහ කට වටා මාංශපේශීන් රවූමටත් කම්මූල්වල නහය මුල, පිටතට සහ උඩටත් නළලේ කෙලින් අතට බෙල්ලේ දිග අතට ආදී ලෙස මාංශපේශීන් පිහිටා ඇති නිසා එම පිහිටීම සැලකිල්ලට ගෙන ඒ අනූව ආලේප කිරීම පිරිමැදීම සහ තැවරූ ආලේප ඉවත් කිරීම කළ යුතුයි.

ෆේෂල් එකකදී මූලින්ම ක්ලෙන්සර් කරන්න ඕන ඔයාගේ ඇස් ප්‍රදේශය. ඇස් ක්ලෙන්සර් කිරීමේදී එහි මාංශ පේශීන් රවූමට පිහිටා තියෙන්නේ කියන එක ඔයා අමතක නොකළ යුතු දෙයක්. ඒ වගේම සම්බාහනය කිරීමේදී අත තදින් සම්බාහනය කරන්නත් එපා. මොකද ඇස තිබෙන්නේ කුහරයක් තුළ නිසා අත තදින් සම්භාහනය කිරීමෙන් ඇස් ගිලිමකට ලක් වෙන්න සහ ඇස් යට කළු වෙන්නත් රැළි වැටීමටත් ඉඩ තියෙනවා. ඒ නිසා ඇස් අවට පිරිසිදු කරන විට ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ක්ලේන්සර් ඇස් ඇතුලේ තැවරෙන්න ඉඩ තියන්නත් එපා.

ෆෙෂල් එකක් කරන්න කලින් ක්ලේන්සර් එකක් කර ගන්න එකේ වැදගත්කම සහ ක්ලේන්සර් එකක් කොහොමද නිවැරදිව කර ගන්නේ කියන එක ගැන තමයි මේ කිව්වේ. මේ දේවල් ගැනත් ටිකක් ඔයාගේ අවදානය යොමු කරන්න. මොකද ඔයා ඔයාගේ ලස්සනට කිසිම හානියක් වෙනවට කැමති නෑ කියලා අපි දන්නවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-11 00:00:00' and A.id <> 477 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:11:54 PM
Script:/article/477/do-you-know-why-you-have-to-cleanse-before-a-facial.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, October 12, 2025 at 9:11:54 PM
Script:/article/477/do-you-know-why-you-have-to-cleanse-before-a-facial.html