රෑ තිස්සේ ජංගම දුරකථන පණිවිඩ කියවන අයට වෙන දේ

April 2, 2020
3,703
What happens when you read massages in your bed
නින්ද තරම් සැපයක් හැඩකාරියන්ටත් නැතුව ඇති. දවස පුරාම කන්තෝරුවේ… එහෙම නැත්නම් ඉගෙනුම් කටයුතුවල යෙදිලා ඇති වෙන වෙහෙසට හොඳම විසඳුම තමයි නින්ද.. හැබැයි මේ නින්දා බොහොම සුවදායක වීම වැදගත්. ඒත් නෙත් පුරා එක හීනයෙන් නිදා ගැනීමට ඔබට හැකියාවක් නැත්නම් ඇත්තටම එය මානසික වධයක්. බොහෝ වෙලාවට අපේම වරදින් සුවදායක නින්දක් ලබන්න නොහැකි වෙන අවස්ථාවනුත් තිබෙනවා.

ජංගම දුරකථනය අද සුඛෝපභෝගී නොව අපේ ජීවිතයට අත්‍යවශ්‍ය මෙවලමක්. ඒකත් හැබෑව. නිවසේ එදා පටන් පැවැති ස්ථාවර දුරකථනයට වඩා ජංගම දුරකථනය අපිට හොඳ මිතුරෙක්. ස්ථාවර දුරකථනය රාත්‍රියට නාද වෙද්දී නින්දෙන් නැගිට ඇවිත් බලනවාට වඩා තමාගේ නිදි යහනේම ජංගම දුරකථනය තබා ගෙන නිදා ගැනීම අද හැඩකාරියන්ගේ ට්‍රෙන්ඩ් එකක් කිව්වත් වරදක් නැහැ. සමහර විට මේ කතාව ඔබටම විතරක් නොවෙයි. හැඩකාරියෝ බොහොම දෙනෙකුට සාධාරණයි. ඒ විතරක් නොවෙයි. එය මනුෂ්‍ය හැසිරීමක් තරමටම පොදු තත්වයක්. මේ ගැන විවිධ අධ්‍යනයන්හි යෙදෙන පර්යේෂකයින් පෙන්වා දෙන්නේ සෑම පුද්ගලයන් දහ දෙනෙකුගෙන් අට දෙනෙක්ම තමන්ගේ ජංගම දුරකථනය නිදි යහනේ තබා ගනන්වා. ඒ වගේම ඔවුන් අවදි වීමට වේලාව හෙවත් අපේ දන්නා බාසවෙන් කිව්වොත් “එලාම්” තබා ගන්නෙත් ජංගම දුරකථනයේ.

ලන්ඩනයේ නින්ද පිලිබඳ වෛද්‍ය ආයතනයේ විශේෂඥ වෛද්‍ය “ගයි මැඩෝර්ස්” සඳහන් කරන්නේ නින්ද පිළිබඳ ගැටළු නිසා හිසරදය සහ කැරැකැවිල්ල වැනි රෝග තත්වයන් ගැන පැමිනිලි බොහොමයක් ලැබෙන බවයි. ඒ අයගෙන් බොහෝ දෙනෙක් තමාගේ නිදි යහනේ ජංගම දුරකථනය තබා ගෙන සිටි අය බවටත් වාර්තා වී තිබුනා. ඒ වගේම හාවර්ඩ් විශ්ව විද්යාලයේ නින්ද පිළිබඳ විශේෂඥ වෛද්ය “චාල්ස් කෙයිසර්” ‍සඳහන් කරන්නේ ජංගම දුරකථනයෙන් නිකුත් වෙන ආලෝක සංඥාවන් අපේ දෘෂ්ටි විතානය වෙත ගමන් කරනවා. මෙම දෘෂ්ටි විතානයට ආලෝකයෙන් ඇති වෙන බලපෑම නිසා මොළයට පණිවිඩ සම්ප්රේෂණයට පටන් ගන්නවා. මොළය ආලෝකයට බොහොම සංවේදියි. ඒ නිසා දක්වන ප්රතිචාරත් සමග නින්ද පිලිබඳව ගැටලු ඇති වෙන බව විහේෂඥයින්ගේ අදහසයි.

මෙලෙටිනන් පහළ බැසීමත් හේතුවක්..

ජංගම දුරකථනය සමග නින්දට ගිය විට මෙලටොනින් (Melatonin) - හෝර්මෝනය නිදහස් වීම අඩු වෙනවා. අපේ නින්දට බලපාන්නේ මෙලටොනින් (Melatonin) - හෝර්මෝනයයි. ජංගම දුරකථනය නිසා අපිව අවදියෙන් තබන කෝර්ටිසෝල් (Cortisol) -හෝර්මෝනය නිදහස් වීම නිසා රාත්‍රිය පුරාම අවදියෙන් සිටීමට සිදු වෙනවා. ජංගම දුරකථන විතරක් නොවෙයිල ප්‍රතිදීප්ත බල්බ මගිනුත් මෙලටොනින් (Melatonin) - හෝර්මෝනය නිදහස් කිරීම අඩු වෙනවා.

ඒ විතරක් නොවෙයිල සුරේ විශ්ව විද්යාලයේ නිර්නාල ස්නායු වෛද්‍ය විද්‍යව පිලිබඳ මහාචාර්ය “ඩෙබ්රා ස්කිනී” සඳහන් කරන්නේ “අපි බොහෝ දෙනෙක් හිතන්නේ සුදු ආලෝකය නින්දට බාධාවක් නොවන බවයි. මේ සුදු ආලෝකය තවත් වර්ණ රැසකින් සැදී තිබෙනවා. මේ වර්ණ අතර නිල් පැහැයත් තිබෙනවා. නිල් පැහැය දෘෂ්ටි විතානයට බොහොම සංවේදියි. රූපවාහිනියෙන් නිදහස් වෙන්නෙත් නිල් ආලෝකයක්. ඒ වුනාට ජංගම දුරකථනය අපේ නිදි යහනේම තබා ගෙන සිටින නිසා මේ ආලෝකය අපිට බොහොමත් සමීපයි.

රාත්‍රි කාලයට පනිවිඩ යවන්න අපේ හැඩකාරියෝ බොහොම දක්ෂයි. රාත්‍රි කාලයේ ලැබෙන සේවා පහසුකම් වගේම බිල ගැන සලකා බලා ඒ දේවල් සිදු වුනත් එයින් ඇති වෙන අතුරු ප්‍රතිඵල නම් එතරම් සුලුවෙන් හිතන්න බැහැ. 2011 වසරේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් රාත්‍රි කාලයේදී පණිවිඩ ලබා ගැනීම සහ පණිවිඩ කියවන පිරිසක් අලලා අධ්‍යනයක් පවත්වනු ලැබුවා. ඔවුන් රාත්‍රි කාලයේදී තත්පර 0.12 ක ආලෝකයට නිරාවරණය වුණා. ජංගම දුරකථනයෙන් අපිට පනිවිඩයක් ලැබෙන්නේ ශබ්දය සමග කම්පනයත් එකතු වෙලා. මේ තරංගයන්හි කිසියම් විකිරණශීලත්වයක් අන්තර්ගතයි. මේ විකිරණශීලීත්වයේ බලපෑමටත් අපි යටත් වෙන නිසා වහාම ජංගම දුරකථනය තමාගේ නිදියහනෙන් දුරස් කලොත් යහපත් බව නම් කිව යුතුයි.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1532 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:04 PM
Script:/article/1532/what-happens-when-you-read-massages-in-your-bed.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:04 PM
Script:/article/1532/what-happens-when-you-read-massages-in-your-bed.html