හිසේ තට්ටය පැදෙන තැන් වලට ගෙදරදීම පිළියම්

August 29, 2020
36,188
Remedies for loosing hair
හිස කෙස් සම්බන්ධ විවිධ ප්‍රශ්න වලට අපි ගොඩක් දෙනෙක් නිතර නිතර මුහුණ දෙනවා. ඒ අතර තට්ටය පෑදීම කියන්නේ  අධික ලෙස හිසකෙස් නැති වී යාම නිසා හිස්කබලේ හිඩැස් තැන් මතු වීමයි. ඔබේ හිසකෙස් වර්ධන චක්‍රයට බාධා ඇති වීම නිසායි තට්ටය ඇති වෙන්නේ. අතීතයේදී නම් ගොඩක් අයට තට්ටය මතු වුනේ මහලු වියෙදීයි. නමුත් අද කාලයේ යෞවනයන් පවා ඒ තත්ත්වයට ගොදුරු වෙලයි ඉන්නේ. ඔබටත් ඒ ගැටලුව තියනවා නම් නිසි ජීවන රටා වෙනස්කම් කිරීමට සහ හිස කෙස් වලට නිසි පෝෂණය ලබා දීමට උත්සාහ කරන්න වෙනවා.

ඒ වගේම තට්ටය පෑදීම කියන්නේ ගැහැණු පිරිමි දෙපාර්ශවයම කිසිම භේදයකින් තොරව මුහුණ දෙන ප්‍රශ්නයක්. ඉතින් මේ තත්ත්වයෙන් ඔයාට මිදෙන්න කරන්න පුළුවන් සත්කාර කිහිපයක්ම තියෙනවා. 

තට්ටය පැදීමට හේතු මොනවාද?
තට්ටය පෑදීමට ජාන හා හෝමෝන ප්‍රධාන හේතුවක්. ඒ වගේම තට්ටය සහ හිසකෙස් ගැලවී යාම සඳහා පහත සඳහන් හේතු ගණනාව ද බලපානවා. එනම්, 
වයසට යාම
හෝමෝන අසමතුලිතතාවය
ringworm වැනි හිස්කබලේ ආසාදන
යකඩ ඌනතාවය
ආහාරවේලේ ඇති ප්‍රෝටීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම
තට්ටය ඇති වීම පිළිබඳ පවුල් ඉතිහාසය
රසායනික ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ

එඬරු තෙල්
එඬරු තෙල් දමලා නිතරම හිස සම්බාහනය කරන්න. ඒකෙන් ඔබේ හිසකෙස් වල මුල් උත්තේජනය වෙලා හිස්කබල පුරා රුධිර සංසරණය වැඩි වෙනවා. එඬරු තෙල් වල ප්‍රති-දිලීර ගුණ සහිත අතර එය හිසේ කැක්කුම සහ හිසකෙස් ගැලවී යාම අඩු කිරීමට උපකාරී වෙනවා.

එඬරු තෙල් සත්කාරය සඳහා ඔයාට අවශ්‍ය වන්නේ 
එඬරු තෙල් මේස හැඳි 2-3

ඔයා කළ යුතු දේ
තෙල් ටිකක් අරන් රත් කරන්න. ඊට පස්සේ ඒක නිවෙන්න තියලා ඔයාගේ හිස්කබලේ ආලේප කරමින් හොඳට මසාජ් කරන්න. එක් රැයක් හිසේ ඒක තියෙන්න ඇරලා උදේට සෝදා හරින්න. මෙම තෙල් සත්කාරය සතියකට 3-4 වතාවක් නැවත නැවත කරන්න.

පොල් තෙල්
පොල්තෙල් වල පෝෂ්‍යදායී මේද හා alpha-tocopherol අඩංගු වන අතර එමගින් ඔබේ හිස්කබල පුනර්ජීවනය හා සජලීකරණය කරනවා. ඒකෙන් කෙස් කළඹ ශක්තිමත් කිරීමට සහ හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීමට ද උපකාරී වෙනවා. පොල්තෙල් වල ප්‍රතිඔක්සිකාරක බහුල වන අතර එමගින් හිස්කබල සහ හිසකෙස් හානිවලින් ආරක්ෂා කරනවා.

පොල්තෙල් සත්කාරයට ඔයාට අවශ්‍ය වන්නේ 
පිරිසිදු පොල්තෙල් මේස හැඳි 2-3

ඔයා කළ යුතු දේ
පොල්තෙල් ටිකක් අරගෙන රත් කරන්න. ඒක ටිකක් නිවෙන්න තියලා ඊට පස්සේ හිස්කබලට දාලා සම්බාහනය කරන්න. පැය 4-5 කට පස්සේ තෙල් ටික සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට 2-3 වතාවක් කරන්න උත්සහ කරන්න.

ඔලිව් තෙල්
ඔලිව් තෙල්වල අඩංගු ෆීනොලික් සංයෝගය හිසකෙස් වර්ධනය වේගවත් කරනවා. මේ අනුව ඔලිව් තෙල් ද හිසකෙස් පෝෂණය කිරීමට සහ හිසකෙස් වර්ධනයට උපකාරී වෙන ඉතාම හොඳ තෙල් වර්ගයක්.

ඔලිව් තෙල් සත්කාරය සඳහා ඔයාට අවශ්‍ය වන්නේ
ඔලිව් තෙල්

ඔයා කළ යුතු දේ
පොඩි වෙලාවක් තෙල් ටික රත් කරලා, නිවෙන්න තියලා හිස්කබලේ ආලේප කරන්න. මිනිත්තු 4-5 ක් හිස්කබල සම්බාහනය කරන්න. පහුවදා උදැසන හිසකෙස් සෝදන්න. මෙම සත්කාරය සතියකට 3 වතාවක් නැවත නැවත කිරීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. 

කෝමාරිකා
හිසරදය නිසා ඇතිවන හිස්කබලේ දැවිල්ල අඩු කර ගන්න කෝමාරිකා ප්‍රයෝජනවත් වෙනවා කියලා සොයා ගෙන තියෙනවා. කෝමාරිකා ආලේප කිරීමෙන් ඔයාගේ හිසකෙස් පාරජම්බුල කිරණින් වන හානිවලින් ද ආරක්ෂා වෙනවා.

ඔයාට අවශ්‍ය වන්නේ 
කෝමාරිකා ශාකයේ ජෙල්

ඔයා කළ යුතු දේ
නැවුම් කෝමාරිකා ශාක කොටසක් අරන් කපලා ඒකේ තියන ජෙල් කොටස් ඔයාගේ හිස්කබලේ සහ හිසකෙස් අතර අලේප කරන්න. ඒක මිනිත්තු 15-20 ක් තබන්න. මෙම පිළියම සතියකට 2-3 වතාවක් කරන්න.

ඉඟුරු
ඉඟුරු වල ජෛව සක්‍රීය සංයෝග අඩංගු වන අතර ඒක ඔබේ හිස්කබලේ රුධිර සංසරණය උත්තේජනය කරනවා. අලුත් කෙස් කළඹක් ද ඔබට ලබා දෙයි.

ඔයාට අවශ්‍ය වන්නේ 
ඉඟුරු කැබැල්ලක්
ඔලිව් තෙල් මේස හැඳි 2 ක්

ඔයා කළ යුතු දේ
ඉඟුරු ටික අඹරලා විනාඩි කිහිපයක් තෙල් වල පොඟවා ගන්න. ඒක හිස්කබලේ (ඉඟුරු කැබලි සමඟම) ආලේප කරලා විනාඩි 2-3 ක් සම්බාහනය කරන්න. මිනිත්තු 30 ක් හිසේ තියලා කොණ්ඩය ෂැම්පූ කර සෝදන්න. ඒක සතියකට දෙවතාවක් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1805 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:09 AM
Script:/article/1805/remedies-for-loosing-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:42:09 AM
Script:/article/1805/remedies-for-loosing-hair.html