ඔබේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට උපකාරී වන ජීවන රටා 3 ක්

October 10, 2020
5,814
3 lifestyles to booset immune system
ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ අපේ ශරීරයේ අභ්‍යන්තර සෛල හා ප්‍රෝටීන වලින් සමන්විත පද්ධතියක්. අපේ ශරීරය ආක්‍රමණය කරන හෝ ඒකට ඇතුළු වෙන්න උත්සහ කරන ඕනෑම බාහිර දෙයක් ගැන ඉක්මණින්ම හඳුනාගෙන ඒවායෙන් ශරීරය ආරක්ෂා කරන්නේ මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. අපිව සෞඛ්‍ය සම්පන්නව හා රෝගාබාධවලින් තොරව තබා ගැනීම තමයි ඒකේ ප්‍රධාන වගකීම. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිය මඟින් තමයි පුද්ගලයෙකුට විවිධ කායික, මානසික හා පාරිසරික අභියෝගයන්ට මුහුණ දීමට ඇති හැකියාව ගැන තීරණය කරන්නේ.

COVID-19 වසංගතය තවමත් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නිසා අපි තාමත් ප්‍රතිශක්තිය ගොඩනඟා ගැනීම ගැන අවධානය යොමු කිරීම නවත්වන්න හොඳ නෑ. ඒකට අපේ එදිනෙදා වැඩ කටයුතු එක්ක ක්‍රියාශීලීව ජීවත් වෙන ගමන් සිහියෙන් යුක්ත ජීවන රටාවක් ද අනුගමනය කරන්න ඕනේ. කෙසේ වෙතත් ඒක සිතන තරම් පහසු නැ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ සෛල වර්ග කිහිපයක සංකීර්ණ දැලක් වන නිසා, ඒ සෑම එකක්ම හානිකර ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අපේ ශරීරය ආරක්ෂා කිරීමට ඔවුන්ගේ කාර්යභාරය ඉටු කරනවා.

ආයුර්වේදය මඟින් ද මිනිස්සුන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවට අවශ්‍ය කරන විවිධ අංග ඉදිරිපත් කරලා තියනවා. යෝග සහ භාවනා ක්‍රම මගින් ප්‍රතිශක්තිය ඉහළ නැංවෙනවා මෙන්ම හෝමෝන වල සමබරතාවය ද පවත්වා ගැනීමට පුලුවන් වෙනවා කියලා ඔප්පු වෙලා තියනවා. යෝග ව්‍යායාම වල විවිධ ආසන සහ විවිධ ඉරියව් තියනවා. ඒවා විශේෂයෙන්ම සැකසිලා තියෙන්නේ අපේ ශරීරයේ විවිධ මාංශ පේශි කණ්ඩායම් සහ අවයව ඉලක්ක කරගෙනයි.

ඒවා ඔබේ දෛනික චර්යාවට ඇතුළත් කර ගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වීම උත්ප්‍රේරණය කරන්න පුලුවන් අතර ඔබේ ප්‍රතිශක්තිකරණ හැකියාව ද ශක්තිමත් කරන්න පුලුවන්.

ඒ වගේ ස්වාභාවික චිකිත්සක පිළිවෙත් වලට අමතරව විශ්මයජනක විදිහට ඔබට ධනාත්මක ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් තවත් සරල පියවර කිහිපයක් මෙන්න :

ආහාර හරියට ගන්න

ඒක ඇත්තක් ; ඔබේ ශරීරය පන්සලක් වගේ. ඒ නිසා ඔබ ඒක පෝෂණය කරන දේවල් ගැන අනිවාර්‍යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ.

ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වර්ධනය අඩාල වීමට ප්‍රධාන හේතුව ඔබ නොදැනුවත්වම අනුගමනය කරන වැරදි ආහාර පුරුදුයි. විටමින් බහුල ආහාර පරිභෝජනය කරමින් ඔබේ ශරීරය පෝෂණය කිරීමට ප්‍රමාණවත් තන්තු ප්‍රමාණයක් ලබා දෙන්න. ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඔබේ ශරීරයේ පෙනුම එක්ක කිසිදු සම්බන්ධයක් නැති බව මතක තබා ගන්න.

නිරෝගී අක්මාවක් සඳහා කේල්, බ්රොකොලි සහ ගෝවා වගේ එළවළු ඔබේ දෛනික ආහාර වේලට ඇතුළත් කර ගන්න. නිරෝගී අක්මාවකින් ශරීරයේ ස්වාභාවික විෂබීජ නාශක ක්‍රියාවලිය සහතික කරනවා.

හොඳින් නිදාගන්න

ඔබේ නිදි චක්‍රය සෞඛ්‍ය සම්පන්න කර ගැනීම කියන්නේ ඔබේ ශරීරයට දෙන්න පුලුවන් ලොකුම ත්‍යාගයක්. ශරීරයට එයාගේ අභ්‍යන්තර ක්‍රියාවලිය නැවත පණගන්වන්නට සහ නැවත ආරම්භ කිරීමට පැය 8 ක පමණ නින්දක් අවශ්‍ය වෙනවා. පැය 8 ක නින්දක් පමණක් නෙමෙයි හරි වෙලාවන්ට නිදා ගැනීමද වැදගත් බව මතක තබා ගන්න.

බොහෝ දිනවල ඔබ පාන්දර 3 විතර වෙනකල් ඇහැරිලා ඉන්න කෙනෙක් නම් ඒක තරබාරුකම, ආතතිය, මානසික අසමතුලිතතාවය සහ වෙනත් රෝගාබාධවලට ගොදුරු වෙන්න ඔබේ ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරන්න පුලුවන්.

3. ව්‍යායාම කරන්න

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම සඳහා නිතිපතා ව්‍යායාම කිරීම ඉතා වැදගත් පුරුද්දක් බව විද්‍යාත්මකව ඔප්පු කරලා තියනවා. දිනපතා ව්‍යායාම කිරීමෙන් ශරීරය ආසාදන වලින් ආරක්ෂා කරන සුදු රුධිරාණු වර්ගයක් වන T සෛල බලමුලු ගන්වනවා.

එහෙමයි කියලා අඛණ්ඩව දැඩි ව්‍යායාම වලට යොමු වෙන්න එපා. මොකද ඒ හරහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වන අතර එමඟින් ඔබට උණ සහ වෛරස් ආසාදන ඇතිවීමේ අවදානමක් ද ඇති වෙන්න පුලුවන්. ශරීරයේ විටමින් ඩී මට්ටම අඩු වෙන එක ද ශ්වසන ආබාධ සඳහා වැදගත් හේතුවක් ලෙස හැඳින්වෙනවා. ඒ නිසා මිනිත්තු 10–15 අතර කාලයක් හිරු එළියේ ඇවිදීම මඟින් ශරීරයේ ප්‍රමාණවත් විටමින් ඩී නිපදවන බව සහතිකව ම කියන්න පුලුවන්.

මේවා ඔබේ දෛනික චර්යාව තුළ කරන්න පුලුවන් සරල ක්‍රියාකාරකම්. නමුත් ඉහළ ඵලදායීතාවක් සහිත දේවල්. ප්‍රධානම දෙය තමයි ඔබේ ශරීරයට හොඳින් සවන් දීම සහ ශරීරය ඔබට කියන්නේ මොකක්ද කියන එක ගැන සවිඤානික වෙමින් ජීවත් වෙන එකයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1868 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:57:59 PM
Script:/article/1868/3-lifestyles-to-booset-immune-system.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:58:00 PM
Script:/article/1868/3-lifestyles-to-booset-immune-system.html